ජීවිතය,වියා හමාර කල නොහැකි පැදුරු කැබැල්ලක් ද?

in Steem Sri Lanka3 years ago

new2.jpg

අද පුංචි විචාරයක් ඔයාලට අරන් එන්න හිතුනා.උසස් පෙල දවස් වලත් ඉතින් මේ මන් කතා කරන්න යන මාතෘකාව පිලිබද සෑහෙන් විචාර ලියල තියෙනවා. හරි මන් මෙහෙම පටන් ගන්නම්කො. ඔයාල පොත් කියවල තියෙනව නේද. ඒ පොත් අතරින් තදින්ම හිතට දැනුන පොත් එහෙමත් ඇති නේද. ඒ හිතට දැනුන පොත් අතරින් කියවන වාරයක් වාරයක් පාසා අපි ඒ පොත කියවපු මුල්ම වතාවෙ දැනුන හැගීම කිසිම වෙනසක් නැතුව දැනෙන පොතක් තියෙනවනම් ඒ හරි අඩුවෙන් නේද. උසස් පෙල විශය නිර්දේශයට තිබ්බ පොතක් ගැන තමයි මගෙ මේ කතාව. "මළගිය ඇත්තෝ". මේක හොල්මන් කතාවක් නම් නෙවෙයි.මේක ආදර කතාවක්.සාර්තක ආදර කතාවකුත් නෙවෙයි.මම මේ පොතේ මගේ හිත ගිය තැන් කිහිපයක් උපුටාගෙන ඔයාල එක්ක විචාරයට ලක් කරන්නම්. මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්මය තමයි මේ පොත ලියල තියෙන්නෙ.

කතාවෙ ප්‍රදාන චරිත දෙකයි . නොරිකෝ සං සහ දෙවෙනොන්දරා සං. කතාව පාදක වෙලා තියෙන්නෙ ජපානයේ ටෝකියෝ නගරය වටායි. මෙ දෙන්නම ජපන් ජාතිකයන්ද?. නෑ දෙවෙනොන්දරා සං ශ්‍රී ලාංකික ජාතිකයෙක්.ඔහු ජපානයට යන්නෙ එක්තරා ලී කැටයම් ශිල්පයක් ඉගෙන ගැනීමටයි. විශේශම කරුන මොහු ස්වාමීන් වහන්සේ නමක් ලෙස කලක් මහන දම් පුරා සිවුරු හැර සිටීමයි. කතාව ආරම්බයේදීම දෙවොන්දරා ජීවිතය කෙරෙහි හෙලන උපේක්ශා සහගත සිතුවිල්ලක් නිරූපනය කරනවා.


""ජීවිතය,වියා හමාර කල නොහැකි ව එතැනින් මෙතනින් එල්ලෙන පත් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරනය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිනේ.ඔවුහු දුක්විදිමින් දීර්ඝ කාලයක් දුක් විදිමින් ජීවත් වෙති.""

new.jpg

මොන තරම් ඇත්තක්ද ඒක. අපේ ජීවිතේ කොතනින්වත් සර්ව සම්පූර්න නැහ. අපේ ආශාවන් නිසාඅ කවදාවත් සම්පූර්න ජීවිතයක් ගත කරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ වගෙම ඔබට කවදාම හරි හිතල තියෙනව නේද අනේ මෙහෙම හිටියට වඩා හොදයි මැරුණනම් කියල. සමහරු ඒකට බොහෝ උත්සහ කරත් ඒක වෙන්නෙ නෑ. නියම වෙලාව එනකන් දුක් විදිමින් ඉන්න වෙනව. ඉතින් මේ පොත් කියවන ඕන කෙනෙක්ට හිතෙනව මේ මනුස්සයනම් ජිවිතෙ ගැන හොදටම කලකිරිල ඉන්නෙ කියල. ඉතින් කොහොමින් කොහොම හරි දෙවොන්දරා ජපානෙට එනව. එයා යනව වැඩිය සෙනග නැති සන්සුන් අවන්හලකට. ඔහු දකිනව කාන්තාවක්. ඇය තමයි අපේ නොරිකෝ සං.ඇය ජපන් තරුනියක්.වෙනත් ජපන් තරුනියන් වගේ නෙවෙයි.ඇය බොහොම සරල කාන්තාවක්. ඉතින් දෙවොන්දරා සං ලගට ඇය එනව.ඇය අවන්හලේ සේවිකාවක්. ඔහුට අවශය දේවල් ඇය සපයනවා. මේ අකාරයට දිනක් දෙකක් අවන්හලට එන ඔහු නොරිකෝ සමග මිතුරු කමක් ඇති කරගන්නවා.ඇයට ජපන් නාට්‍යක් බලන්න යන්නත් ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට ඔවුන් දෙදෙනා නොදැනුවත්වම ආදරයක පැටලෙනවා.නමුත් දෙවොන්දරා එක හිතක් නැති මිනිහෙක්. ඔහුට තීරනය කරන්න බැහැ ඇය සමග පවත්නා සම්බන්දය දිගින් දිගටම පවත්වාගෙන යනවාද කියා.

නොරිකෝ වෙනත් පුරුශයෙක් සමග එක්තරා අවස්තාවක ආහාර ගන්නවා.මේය ඇගෙන් දෙවොන්දරා දැන ගන්නවා. ඉතින් ඔහුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒත් සමගම එක වරම ඔහුගෙ ලෝකයෙන් නොරිකෝව අත් හරිනවා. ඔහු ඒ ගැන හිතන්නෙ මේ විදිහට.


""ඈ අයිති ඒ සමාජයට ය. ඇගෙ වාසනාව ඒ ජීවිතයේහිම රදා පවතී.කුමටද මා මිරිගුවක් දෙසට දුවන්නේ?""

දෙවෙන්දරාගෙ හිතේ තියෙන දෙබිඩි සොබාවය හොදින් පෙන්නවන අවස්තාවක් තමයි මේක. නමුත් ඔවුන්ගෙ සම්බන්දය නතර වෙන්නෙ නැහැ.නමුත් දෙවොන්දරා ජපානයේ වෙනත් ප්‍රදේශයකට යන්න හදනවා. ඉතින් මේ පොතේ මගේ හිත ගොඩක් සන්වේදී උන අවස්තාවක් තමයි මේක. දෙවොන්දරා යන බව කිව්වහම නොරිකෝ හරිම අසරන වෙනවා,ඇය කදුලු පුරවගත්ත ඇස් වලින්

""යන්න එපා ,දෙවොන්දරා සං"" යැයි කියනවා. ආයෙමත් ""යනව නම් , දෙවොන්දරා සංගෙ සිරුරෙ සුවද, මේ ඇදුම් වල සුවද තියල යන්න. "" යැයි කියනවා. ඇය දෙවොන්දරා කෙරෙහි දැඩි වූ ප්‍රේමයකින් පසුවන බවට මේක හොද සාක්ශියක්. මෙතනට වෙනකන් මේ පොත පිලිවෙලින් කියවන් කියවන් ආපු කෙනෙක් ගෙ හදවත මොහොතකට නතර කරන වචන ටිකක් නොවුනොත් ඒක පුදුමයක්.ඒත් දෙවොන්දරා යනව.ඔහු ගැන පොත කියවන කෙනාගෙ හිතේ දැඩි තරහක් ඇති වෙන්න පටන් ගන්නෙ මෙතන ඉදල තමයි. ඉතින් මේ අවසාන දින කිහිපය ඔවුන් දෙදෙනා එකට ගත කරන්වා.

කතාව නම් ඉවර නැහැ. ඒත් ලියමන තව දික් වෙන නිසා මම මෙතනින් මේක නතර කරනවා. ඉතුරු ටික තවත් කොටසක් විදිහට ඔයාලට ගේන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න.

Sort:  

ගොඩක් කාලෙකට කලින් කියවපු පොතක් .මේ ලියවිල්ල කියෙව්වම ආයෙත් පොත කියවන්න හිතුනා .

ooo kiywnnaa

මමත් උසස් පෙළට තමයි ඒක කියෙව්වෙ.. ඒ පොත මමත් ආදරෙන් වැළඳගත්ත. ඒත් කතාවෙ අන්තිමට නොරිකො ගැන ලොකු අනුකම්පාවක් දැනෙනව. එයා ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන්න සූදානම් උනත් දෙවෙන්දරා හරි ගුප්ත චරිතයක්..

Oww aparde e kellt hopes dunne

Oy potha gana oya kiyala thiyanawa wage mathakai
eth ada nm matath e potha kiyawanna asa hithuna😛
lassanata liyala thiyanawa oya🤩

Ow kiywla balnna marama lssnai.

lassanata liyala thiyanawa oya🤩

Hee thank uu

Some dialogues in this book are so heart touching. So is your writing💖

I thought that you did A/Ls in maths stream until now🙈

Ah na nee art kre.

සුපිරියට ලියලනෙ 😍😍, කියවන්න ආස හිතුන ඒක 🙈❤️

ow owww mn gawa thinwa kiywnna

"මළවුන්ගේ අවුරුදු දා" ත් කියවන්න. ඒ නොරිකොගෙ කතාව.
මට නම් ඒ පොත් දෙකම දරාගන්න බැරි තරම් ලස්සනයි. ජපානෙට ගියා වගේ.
මේ විචාරයත් ඒ වගේමයි. ලස්සනයි💛 ඊළඟ එකත් ඉක්මනට ලියන්න.

මළවුන්ගේ අවුරුදු දා" ත් කියවන්න. ඒ නොරිකොගෙ කතාව.

oww kohed corona awane. potha hoygnna ona.

මේ විචාරයත් ඒ වගේමයි. ලස්සනයි ඊළඟ එකත් ඉක්මනට ලියන්න.

thank u akke. hee liynnmkoo

මමත් කියෙව්වා. පොත් දෙක අවසානයේ හිතේ ලොකු දුකක් ඉතුරු උනා. කියා ගන්න බැරි. මම තාමත් වෙලාවකට හිතනවා ඒ ආදර කතාවට එහෙම උනේ ඇයි කියලා. අපි නොදන්න දෙවොන් දරා සං ලා නොරිකො සං ලා තවත් ඉන්නවා ඇති නේද කියලත් හිතෙනවා.

Hm ow anith potha mn kiywnna kammli unet lssna awasanayk na kiyla ahala thbba nisa.

අපි නොදන්න දෙවොන් දරා සං ලා නොරිකො සං ලා තවත් ඉන්නවා ඇති නේද කියලත් හිතෙනවා.

oww godaak athi

Kiyewwema nadda eka 🤔. poth dekama kiyewwama harima complecated hagimak awe matanam.

මන් මේ වගේ ගොඩක් පොත් කියවලනෑ🙊🙊 ඒත් මේක කියෙව්වම කියවන්න ඔනිමයි කියල හිතුනා ....😀❤

Ow mchn aniwa kiywnna. mara widht feel wenw hithat

""ඈ අයිති ඒ සමාජයට ය. ඇගෙ වාසනාව ඒ ජීවිතයේහිම රදා පවතී.කුමටද මා මිරිගුවක් දෙසට දුවන්නේ?""

මතක විදියට 2011 දි කියවුව ලස්සන කතාවක්. විචාරය ලස්සනට ලියල තියෙනවා. 💖

Thanku thankuuu

සීත හිම සෘතුවේ
සීතලට ගුලි වෙන්න
පෙම් වදන් තෙපලමින්
කබුකි නාටක විදින්නට
සුබැකි මල් වන් දෙතොල්
සුපෙම් පින්නෙන් තෙමන්න
නොරිකො සං යලි එන්න
මට ආදරේ දෙන්න.....

ලස්සන විචරයක් මල්ලි. කියවන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා.💛

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.028
BTC 64453.36
ETH 3507.44
USDT 1.00
SBD 2.56