ජීවිතේ හැටි එහෙමයි... | 5% for SL Charity
2022 මාර්තු 31
ප.ව. 10.01
අද මාර්තු මාසේ අන්තිම දවස. මම මේක ලියන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 21 වාට්ටුවේ ඉඳලා. හැබැයි වෙනදා වගේ හෙද සිසුවියක් විදියට නෙවෙයි.
වෙලාව පාන්දර 12ට විතර ඇති. අක්කා මාව ඇහැරෙව්වෙ කලබලෙන් වගේ. අම්මගේ පපුව රිදෙනවා ඉක්මනට නැගිටින්න කියනකොට මට මොකද්දෝ උනා. මම රෝහලේ දකින දේවල් දැක්කම එහෙම වෙන එක සාමාන්‍යයයි. ඒ වෙලාවේ කලබලේට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි උනත් මගේ හිත කීවෙම ඉක්මනට හොස්පිට්ල් එක්කන් යමු කියලා.
1990ට කතා කරලා විනාඩි 10ක් යන්නත් කලින් අම්මාව එක්කන් යන්න ඇම්බියුලන්ස් එක ආවා. මාත් අම්මා එක්ක ඇම්බියුලන්ස් එකේ කරාපිටිය හොස්පිට්ල් එකට ආවා. මගේ ජීවිතේ ඇම්බියුලන්ස් එකක ගියපු පලවෙනි දවස ඒක.
හොස්පිට්ල් එකට එනකොට එතන මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා පිරිලා. ETU එකට යනකොටම මට ඇහුණෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ඩෙත් වෙලා කියලා. එයාගෙ ඩෙඩ් බොඩි එක ඔතලා ට්‍රොලියක දාලා තියෙනවා මං දැක්කා. ඇත්තටම මට ඒවා නුහුරු දර්ශන නෙවෙයි. ඒත් ඒ දෙමව්පියො කොහොම දරා ගන්නද ඒ වේදනාව.
ජීවිතේ හැටි එහෙමයි. ලෙඩ දුක් කරදර ඔක්කොම වෙන්නෙ මිනිස්සුන්ට. හොස්පිට්ල් එකකට ආවා නම් බලාගන්න පුලුවන් මිනිස්සු කොච්චර දුක් විදිනවද, අසරණ වෙනවද කියලා.
ඔන් ඇඩ්මිෂන් ECG එකේ පොඩි වෙනස්කම් කිහිපයක් තිබුණ නිසා stat dose එක දීලා ආයෙත් ECG එකක් ගත්තා. මොනිටර් එකේ බ්ලඩ් ප්‍රෙෂර් දිගටම වැඩියි. පාන්දර එකේ ඉදන් හය වෙනකම් ඇහැ පියවෙන්න දෙන්නෙ නැතුව මං අම්මා ලගටම වෙලා හිටියා. ඊට පස්සෙ අම්මා වාට්ටුවට දැම්මා. අම්මාව ට්‍රොලියක දාගෙන වාට්ටුවට යද්දී මගේ හිතට හරිම දුකයි.
ඒත් මොනවා කරන්නද? අපි හිතන විදියටම හැම දේම වෙන්නෙ නෑ. අකමැත්තෙන් උනත් අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
අපි තරුණ වෙනවා කියන්නෙ අපේ අම්මලා තාත්තලා වයසට යනවා කියන එකයි. ඒ ගැන හිතද්දිත් මට හරිම දුකයි. අම්මා හොස්පිට්ල් ඇඩ්මිට් උනාම ගෙදර මොන වගේ තත්වයක්ද තියෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපි හැමෝම බලන් ඉන්නෙ අම්මා ඉක්මනට සනීප වෙලා ගෙදර එනකම් ♥️.

I can totally relate to this cz I have a similar experience with Akka. Ik that it's not easy but stay strong. Everything will turn out well......
Yeah. Thank you nanga for your kind words ♥️
ඉක්මනටම අම්මට සනීප වෙයි. ගොඩක් ලගින් ඉන්න අයට මෙහෙම දෙයක් වෙද්දි ගොඩක් කලබල වෙනවා .ඒක තමයි තියන බැඳීම සහ ආදරය.❤
ඔව් 🥺
අම්මට ඉක්මනට ඉක්මනටම සනීප වෙන් ඕනෙ.
ඒ නිව්ස් එක මං social media වල දැක්ක. මොනව කරන්නද. ඇත්තටම ජීවිතේ හැටි එහෙම තමයි.
ඔව් 🥺
Dan hodayda ammata?
Dan hodai. Eye discharge kara.