වැහිබර හැන්දෑවක ලං.ග.ම. බස් රථයක

in Steem Sri Lanka2 years ago

ජීවිතය පුදුමයක් බැව් කියන්නට කැමැත්තෙමි. අත, පය, ඇගිලි, හිසකෙස් දෙස බලා මේ ශරීර කූඩුවම හරි පුදුම ස්කන්ධයක් කියා සිතුණු අනේක වාරයකි. ඇගේම මුත්‍රා කර ගත්, මලපහ කරගත් ලදරු අවදිය මතකයක් නැත. බඩ ගාන, දණ ගාන, වැටි වැටි ඇවිදින අවදියද එසේමය. නමුත් ඒ කාලේ මම මේ වගේ කියන්න පින්තූර ඇල්බමයක් ඇත. එතනින් පස්සේ ජීවිතේ කුඩා කල සමහර සිද්දීන් මතකයන් හා අමතකයන් අතර පා වෙමින් ඇත.

IMG_20210102_181628.jpg

ගෙදර ඇත්තවුන් ගෙන් හා අසල්වැසියන්ගෙන් ලද වාර්තා වලට අනුව කුඩා මම යනු යක් පැටියෙකි. දහවල සැපසේ නිදා ගෙන රාත්‍රිය අන් අයගේද නින්ද සොරකම් කරමින් බෙරිහන් දිදී අඩපු කුඩා අවදියක් මටත් හිමි බැව් මවද නිතර පවසයි.

අම්මගේ එකම ළමයා මම වුණාට මොකද අම්මා මා දකින්නේ එකා යකා කියාය. කිසිම සාදාරණ හේතුවත් නොමැතිව එසේ පවසන බව මම පැවසුවද අම්මා සතුව ප්‍රභල හේතු ඇති බව මමත් දනී. ඇයත් දනී. කුඩා කාල සිට දඩබ්බර කොල්ලන් දෙදෙනෙකු සමග උස් මහත් වුණ මම තරමක් දග වීම මට අනුව සාමාන්‍යයකි. ( අම්මට අනුව තරමක් = යකා).

IMG_20210102_200144.jpg

මේ ඉන්නේ ඒ දඩබ්බර ආත්මයන් සමඟ ගත් කුඩා කල චායාරූපයකි. මගේම නොවුණට ඒ මගේ සහෝදරයන්‍ ය. අයියට අනුව මම ඉස්පිරිතාලෙන් මාරු වී නිවසට පැමිණි අයෙකි. කුඩා කල එක් දිනෙක අයියා මාව වෙලට තල්ලු කරා මතකය. ඒකට හරි යන්න මම ඔහුගේ බයිසිකලේ රෝදෙට යතුරු කට්ටකින් ඇන්නාද මතකය.

මල්ලිට අනුව මම නගර සභාවේ කුණු ලොරියේ සිට ගෙදරට රැගෙන ආ අයෙකි. කුඩා කල මල්ලි කේලම් කියන්න හරි හපනාය. ඔහුට හොරා කිසිම වැඩක් කිරීම අයියටවත් මටවත් පහසු නොවුණි (අදටත් එසේමය). දිනක් කේලමක් කියා මම මල්ලිට හොදවැයින් පහරක් දුන්නා මතකය. ඒකට හරි යන්න ඔහු තව තව කේලම් කියා නිවැසියන්ගේ ආදරය දිනා ගත්තා මතකය.

IMG_20220223_110336.jpg

රැකියාව යනු නොකරපු වැරදි වලට බැනුම් ඇසීමට සිදු වන තැනැක් බැව් අදද මනාව මා හට පැහැදිලි වූ බව කිව යුතුමය. ඒ පිලිවදව හිතේ ඇත්තේ ඉමහත් කනස්සල්ලකි. කුඩා කල සිට මට වුවමනා වූයේ සංචාරකයෙක් වෙන්නටය. ටික ටික වයසින් වැඩි වෙද්දි එය පඩි ගෙවන රස්සාවක් නොවන බව වැටහුණි. ඉතින් දැන් මම ප්‍රමාණ සමීක්ෂකවරියකි.

වැහිබර හැන්දෑවක ලං.ග.ම. බස් රථයක නැග ගෙදර යන ගමන් හිතට ආ අනේක විද සිතුවිලි හරඹය මෙසේ නිමා කරමි. සියලු දෙනාටම සුභ දවසක්...!!!

-සඳුපි-
💚

Sort:  

I love this writing style!

Me too darling... First time I tried that...🙊

ලස්සනයි සඳූපි.😍❤
හරිම කියුට් මතකයන් ටිකක්

ස්තූතියි යාලුවේ... මනස ගොඩක් ව්‍යාකූල වුණ අවස්තාවක ලියවුණ ආටිකල් එකක්..

කුඩා කාල සිට දඩබ්බර කොල්ලන් දෙදෙනෙකු සමග උස් මහත් වුණ මම තරමක් දග වීම මට අනුව සාමාන්‍යයකි

same here. ape amma arenna anith hamoma kiyanawa mn hithuwakkarai dagai kiyala😐paule baalaya ehema wena ekath mata anuwa samanyai ithn😁😅

Hamotama eka eka katha thiye mata anuwa samanya wena...🙊❤️

Love the way you have worded the post akka.. it's so interesting 💕

Yes nanga... I also like to that writing style 😍😍

Coin Marketplace

STEEM 0.32
TRX 0.12
JST 0.033
BTC 64647.16
ETH 3160.49
USDT 1.00
SBD 4.13