මහ වන මැද හයිඩි එක්ක දඟ වැඩ | 5% for SL Charity

in Steem Sri Lanka2 years ago

ගිය මාසෙ දවසක ටවුන් එකට ගිය ගමන් මම පොත් සාප්පුව පැත්තෙ ගියේ මට ලියන පොත් වගයක් ගන්න උවමනාවට. ඒත් ඒ ගමන් කතා පොත් රාක්කෙ දිහාවට කකුල් දෙක හැරුනා. කතා පොත් කියන්නෙ ජීවිතෙන් ඩිස්කනෙක්ට් කරන්න බැරි දෙයක්.

අලුත් පොතක් අතගාල බලලා, ඒ පිටු පෙරලන සද්දෙ එක්ක පොතක් කියවනකොට දැනෙන හැඟීම මට නම් ඊ බුක් එකක් කියවලා ලබා ගන්න බැ.

WhatsApp Image 2022-03-06 at 16.07.01.jpeg

හැම මාසෙම පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා, සාහිත්‍ය මාසෙදි බුක් ෆෙයා ගිහින් පොත් ගොඩක් ගන්නවා කියල හිතාගෙන හිටියට.... චූටි කාලෙ කියවපු කතා පොත් ටික රාක්ක වල ඉදන් මට අත වැනුවෙ එයාලව ගෙදර එක්කරගෙන යන්න කියලා.

ඒ කාලෙ හිටපු හොඳම යාලුවොන්ට පිටුපාන්න තරම් දරුණු හිතක් නැති නිසාම, හැම මාසෙම එක පොතක් හරි ගන්නවා කියල මම හිතුවා.

හැමෝම අත වැනුවත්, එකපාර හැමෝම එක්කගෙන එන්න බැරි නිසා, කාලෙක ඉඳන් මගේ කරගන්න ලෝබකමකින් හිටිය හයිඩිට මගෙත් එක්ක යමු කියලා කතා කරා. හයිඩි එක පයින්ම මගෙත් එක්ක ආවා. හයිඩිගෙ අතින් අල්ලගෙන ලෝරාව දාල එන්න මට හිත දුන්නෙම නැ.

image.png

ඉතිං ඇබිත්තං සයිඩර් බෝතලේ, එයාලගෙ කැලේ මැද ගෙදර කතන්දර මට කියන්න පොරොන්දු පිට තමයි ආවෙ.

හයිඩි පීටර් දෙන්න එක්ක එලුවො අරගෙන කඳු මුදුනට යන්න, ක්ලාරා සීයගෙ ගෙදර එක්කරගෙන ඇවිත් සනීප කරල දෙන්නත් පුලුවන් උනා. තිබුන වැඩ නිසා මේ මුකුත් ඔයාලට කියන්න බැරි උන එකයි උනේ.

මේ දස්වල නම් ලෝරා, මේරි, අම්මා, අප්පච්චි බරටම වැඩ සීත සෘතුවට කෑම ගබඩා කරන්න. මස් වර්ග විතරක් නෙමෙයි, බටර් එහෙමත් හදල ගබඩා කරල තියෙන්නෙ. තව ටික දවසකින් මම එයාලගෙ සීත කාලෙ ගැන තව විස්තර ඔයාලටත් කියන්නම්.

ඊයෙ ආයෙමත් ටවුන් ගියාම පොත් සාප්පුවට ගියේ මම මටම දුන්න පොරොන්දුව රැක ගන්න. මුලින්ම මට හෝම්ස් වොට්සන් දෙන්නා එක්ක අබිරහස් විසඳන්න යන්න හිතුනත්, ඊට පොඩ්ඩක් පහල රාක්කෙක වාඩිවෙලා හිටිය මැටිල්ඩා නම් මගෙන් ඇස් අහකට ගත්තෙ නැ. මෙ කෙල්ල ඊලගට මොන දඟ වැඩක් කරාවිද දන්නෙ නැති නිසා, මේ පාර එයාව එක්කගෙන ආවා. එතකොට හැමෝටම එයාගෙ වැඩත් බලාගන්න පුලුවන් නෙ.

එහෙන්ම් ඉතිං ආයෙ දවසක, මේ හැමෝගෙම විස්තරම මම වෙන වෙනම කියන්නම් ඔයාලට.

Sort:  

me ara boru kiyana matildada? 🤭 poth dekkama nm lobai matath. den sherlock holmes ewa mt kiyawanna hithenne na aluth ewa. kalin ekkena liwwa ewa thamai asama hithenne.

අලුත් ඒවා වැඩක් නෑ. ඒවා කොනන් ඩොයිල්ගෙ නෙමෙයි. මැටිල්ඩා මටත් හරියට මතක නෑ දැන්. කියෙව්වම කියන්නම් 😁

Katha poth kiyawanna math godak kamathi. oya lassanata meka liyla thiyenawa.

Ow pothak kiyawanawa kiyanne lokema amataka wenawa matanm 🙈

මේ කතා තුනටම මං හරි ආදරෙයි. ලෝරා කියන්නෙ මට සුරංගනාවියක්. අනෙක් අයත් එහෙමයි. ඔයා ඒක ලස්සනට ලියලා.😍❤

Thanku. Little house poth tika okkoma aye kiyawanna asai.

Me poth 3ma original versions mm podi kale kiyawala tiyanawa. Matilda series ekata godak asai mm. e nisa eke sinhala trasnlation ekath kiyewwa. dn meka dakala apahu kiyawanna asa hitenawa..

podi kale kiyawapu poth godak tiyenawa aye kiyawanna asa. ekin eka ganna ona.

හයිඩි කියන්නෙ මාත් ආස කරන කතාවක්. ඇත්තම කියනව නම් මේ පොත් දකිද්දි හරිම ආසයි. ආයෙත් ඒ කාලෙට ගියා වගේ ♥️

Ow poth dakkat harima sathutui. Kathawa matak weddi aye kiyawanna hithenawa.

beautiful story, i like to read from this story,

Yes... those are the beautiful stories we read in our childhood.

ඔයත් හොදට කතා පොත් කියවන හොද පාඨකයෙක් වගේ

Ow ow. Podi kale idala godak poth kiyawala tiyenawa.

digatama karagena yanna..matath poth naa kiyawanna.ganna yanna time ekk naa

පොත් ටික දැක්කහම ආයෙමත් පුංචි කාලයට ගියා වගේ හිතුනා. අපි පුංචි කාලේ කොච්චර ආසාවෙන් මේ පොත් කියෙව්වද . පොත් කියෙව්වත් ටීවී එකේ චිත්‍රපටිය යනකොට එකත් බැලුවා . දැන් තමයි අපි පොත්වලින් ඈත් වෙලා තියෙන්නේ . ආයෙමත් පුංචි කාලයට එක ගෙන ගියාට ස්තුතියි ❤️

matath e podi kale kiyawapu matakaya ekka tamayi ayemath poth aragena kiyawanna hitune.

Haidi kellata mawath mathakaida ahannako...

Mm ahala kiyannamko 😁.

Heidi na anith poth deka mn gwa thiyenw 🥰🥰

Matat dakkama aye aragena kiyawanna hituna.

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.031
BTC 59159.44
ETH 2522.84
USDT 1.00
SBD 2.47