මුලාවේ ලියවිල්ල

in Steem Sri Lanka3 years ago

අද මම මේ කියන්න යන මාතෘකාව නම් අපි හැමෝටම පොදු ගොඩක් අය අත් විදලා තියෙන දෙයක් වෙන්න පුළුවන්.එක අතකින් මේක මහ අරුම පුදුම දෙයක්. මනුස්සෙයෙක් හිතේ ලොකු සතුටක් ඇති කරන්නත් ඒ වගේම ලොකු දුකක් ඇති කරන්නත් මේ දේට පුළුවන්. ගොඩක් වෙලාවට 95% වගේ මනුස්සයෙක්ට හිතේ ඇති කරන්නේ දුකක්. විහින් ගිහින් ප්‍රශ්න දාගන්නවා කියලත් කියන්න පුළුවන්.මේක කියවල ඔයාලගෙ අත් දැකීම් තියෙනවා නම් බෙදා ගමු.

images (1).jpeg
Source

මේ අරුම පුදුම දේ තමයි කේන්දරය
ළමයෙක් ඉපදුණු ගමන් ලංකාවේ අය ඉස්සෙල්ලාම කරන දේ තමයි වෙලාව බලලා කේන්දරය නැත්නම් හඳහන හදවන එක.ලංකාවේ,ඉන්දියාවේ වගේ තමයි මේක වැඩියෙන් දකින්න ලැබෙන්නේ.

මම හිතන විදියට කේන්දරයක් හදපු දවසේ ඉඳන් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. අලුත ඉපදුණ ළමයෙක්ගේ කේන්දරයක් බලන්න ගිය කෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ ළමයා ඉපදිලා මාසයක් යන්න කලින් ඒ ළමයා ගැන අනාගතය ගැන කේන්දර බලන කෙනා තීරණය කරලා ඉවරයි.

මේ ළමයගෙන් දෙමව්පියන්ට අපලයි.මේ ළමයට මාරක අපල තියෙනවා . නොයෙක් දේවල්.එතනින්ම ඉවරයි . එදා ඉදන් නෑදෑයෝ සේරම බලන්නෙ ඒ විදියට.කොටිනම ඔලුව කාල ඉවරයි.ලස්සන කතාවක් තියෙනවා.

මගේ නෑදෑ නංගි කෙනෙක් පෞද්ගලික රෝහලක වැඩ කරනවා.එක අම්ම කෙනෙක් ආවලු බබාගේ ඩිලිවරි එකට .ඉතින් එතන හිටපු ඩොක්ටර සේරම වැඩ ඉවර කරලා ගියාලු .දැන් එතන හිටපු නර්ස් බබාගේ විස්තර ලියනවලු.එයා කොහමහරි බබාගෙ හරියටම ඉපදුන වෙලාව මතක නෑලු.එයා ඉතින් මේ වෙලාව කියල හිතල වෙලාවක් දැම්මලු.එපාර නංගි ඇහුවලු දැන් කේන්දර එහෙම හදන්නෙ කොහමද හරි වෙලාව නෑනෙ කියල

සමහර අම්මල බබාව ගන්න වෙලාව පවා හදාගෙන එනවා.හදිසි තත්වයකදි බබාව ගන්න වුනොත්??

download.jpeg
Souce

මගෙ යාලුවෙක් මැරි කරන්න ඉදලා පොරොන්දම් බලන්න ගියා.ඒක බලල කිව්ව මේක ගැලපෙන්නෙ නෑ.බබලා නැති වේවි.දෝශ තියෙනවා කියල.ඒ දෙන්න ඒත් බැන්දා.දැන් එයාලට බබාල දෙන්නෙක් ඉන්නව.

කවදාවත් කේන්දර බලන්න ගියාම හොදක් කියන්නෙ නෑ.මොකද එයාල දන්නව මේ බලන්න එන්නෙ කරදර කාලයක් නිසා කියල. එයාල ඉතින් ජීව්තේට වෙන්න පුලුවන් ඒව කියල බලනවා.මානසික වැටිම්.අනතුරු.ලෙඩ දුක්.මරණ වගේ ඒවා.ඒ ටික ඕනම කෙනෙක්ගේ ජීව්තේට වෙන්න තියෙන දේවල්.

මටත් ඒ අත් දැකීම තියෙනවා .අද වෙන කන් කියපු කිසිම දෙයක් හරි ගිහින් නෑ.මිත්‍යාව අපෙ ජීව්ත අරක් ගත්තම අපිට ඇත්ත තේරුම් යන්නෙ නෑ.මිත්‍යාව කියන්නෙ මුලාවට.අදහන ආගමක් අදහන්න.ඒත් කේන්දර පස්සෙ ගිහින් මුලා වෙන්න එපා.

unnamed.jpg
Source

මා දවසක් අපෙ කේන්දර බලන තැනට අම්ම එක්ක ගියා.එයා කේන්දරේ බලල කිව්ව මට රාහු අපල කියල.මම එයාගෙන් ඇහුවා ග්‍රහයන් 9 ක් නම් ඉන්නෙ.කොහමද රාහු කියන කෙනා හදහනේ ඉන්නෙ කියල.එයා කියනවා චායා ග්‍රහයෙක්ලු රාහු කියන්නෙ.මම ඇහුවා එහනම් එයාගෙන් අපල කියල කොහමද කියන්නෙ කියල.එයාට උත්තර නෑ

ඔයා කේන්දර බලන තැනකට ගිහින් නිකමට එයාලගෙන් විස්තර අහන්න පතුලටම.අනිවාර්යයෙන්ම පොත් බලල මොනවහරි කියනවා.ප්‍රශ්න කරන්න .එයාලට කරගන්න දෙයක් නැති වෙනවා.
අපේ මල්ලිගෙ කේන්දරේට කියල තිබුනා එයා සදාකලික අබ්බගාත වෙනව කියල අවුරුදු 15 න්.ඒත් දැන් එයාට 27 ක්.මම අම්මගෙන් ඇහුවම අම්ම කිව්වෙ එක දෙයයි.අම්ම් කෙනෙක්ගෙ ආශිර්වාදය ,ආදරයට ඔය ග්‍රහයෝ පරාද වෙනව කියල.අම්ම එදා ඉදන් හිතුවලු එහෙම වෙන්නෙ නෑ කියල.
ඇත්ත හදවතින්ම ආදරය කරන්න.විශ්වාස කරන්න.අපි ආදරය කරන අය රැකගන්න අපිට විතරයි පුලුවන් .ග්‍රහයන්ට නෙවෙයි.

අපිට නෙගටිව් අදහස් දෙන අයගෙන් ඈත් වෙන්න ඕන . එහනම් ඇයි කේන්දර බලන්න යන්නෙ.එයාල පොසිටිව් දේවල් කියන්නෙ නෑ.මොකද එයාලට ජොබ් එක නැති වෙනව .ඔක්කොටම හොද කිව්වොත්.

කවදාවත් බැදීම් කඩන්න යන්න එප කිව්ව පලියට.හිත තමයි වැදගත් වෙන්නෙ.ලමයිනට ඉපදුන දවසෙ ඉදන් වධ දෙන්නත් එපා.අර පූජ තියල.මේව කරල.කේන්දරයක් ඕන නෑ.ආගම සිහි කරල ඉන්න.හොද වැඩ කරන්න.

හොදට නැකත් බලල කරපු විවාහ දෙදරල යනව.කේන්දර පස්සෙ ගිහින් සෙරම කරල ආරක්ශා කරන ලමය ජීව්තේ විනාශ කරගෙන තියෙනවා.අදහස් ගලපගන්න .බැදීම් සුරක්ශිත කරගන්න.එච්චරයි ඕන.
❤️❤️❤️❤️

Sort:  

අපේ අම්මට පෙන්නන්න ඕන එකක් මේකනම් , අම්මට කොච්චර කිව්වත් වැඩක් නෑ මේව විශ්වාස කරනොනෙ 😒

අම්මලගෙ අදහස් අපිට වෙනස් කරන්න අමාරුයි..ඒත් අපෙන් පස්සෙ පරම්පරාව වත් මේවයෙ පස්සෙ නොයවන්න අපි වග බලා ගන්න ඕනි

හැමදෙනාටම වටින,වැදගත් පනිවිඩයක්... බලල අමතක කරන්න නෙමේ..හිතට අරන් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ඉස්තරම්...හොද හැරවුම් ලක්ශයක්.👍

මම හිතන විදියට උනන්දුවයි කැපවීමයි තියෙනම් ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන්.මම නම්ඒ දේවල් විශ්වාස කරන්නේ නෑ .ඒත් අපේ උඩ පරම්පරාව තවමත් මේ දේවල් විශ්වාස කරනවා.

ඒ අපේ අම්මල..ආච්චිල...
අපිත් එහෙම උනොත් ඒක වැරදියි..අපේ පැරණි සංස්කෘතිය,සිරිත් විරිත් තමයි මේකට හේතුව.ඒත් මේක සංස්කෘතියත් එක්ක කියල සසදන කාලයක් නෙමේ..ඒ නිසා ටිකක් හරි එතනිනි එලියට හිතනවනං මීට වඩා බැදීම් ශක්තිමත් වෙයි..මට හිතෙන්නෙ..
උනන්දුව ,කැපවීම,තමන්ගෙ විස්වාසය මත.

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.032
BTC 59234.78
ETH 2525.56
USDT 1.00
SBD 2.47