හුරු පුරුදු රන් මසු උයන අබියස / 5% SL Charity
පොතට ඇතුලත් වුණු කවි කිහිපයක නිධාන කතා මීට පෙර ලිව්වා. මේකත් ඒ කතා මාලාවේම දිගුවක්.
අපි රජරටට ආවෙ පලමු ස්ථිර රැකියාවට, දුෂ්කර සේවයට. ඒ 1994 දි. විවාහ වෙන්නත් කලින්. කාලයාගේ ඇවෑමෙන් දැන් නම් අපේ ආයතනය අනුරාධපුර හඳුන්වන්නෙ ජනප්රිය සේවා ස්ථානයක් විදියට.😁
මුලින් මෙහෙ ආවෙ ගම් රටවලට ආපසු ගිහින් පැල වෙන්න හිතාගෙන. ඒ කාලෙ අළුත් පත්වීම් දුන්නෙ කලාතුරකින් නිසා මාරුවීමක් හදා ගන්නත් ලේසි නෑ. ඒ නිසා කොහේ පදිංචි වෙනවද කියල හිතා ගන්න බැරිව දෙපැත්තට වැනි වැනී ඉඳල මෙහෙ ඇවිත් වසර 6කට පස්සෙ තමයි දැනට මෙහෙ ඉමු කියල දැන් පදිංචි ඉඩම ගත්තෙ.
මේ ලංකාවේ සැලසුම්ගතව ඉදිකළ පලමු නගරය. මෙහෙ අයට වඩා පිටගම්කාරයො කොහොමටත් මෙහෙට ආදරෙයි. ශ්රී මහ බෝධිය,මහ සෑය අවට ඉපදෙන අය හුඟක් වාසනාවන්ත ඇති විශ්ව ශක්තිය ඒකරාශි වුණු පෘථිවිය මත තිබෙන බලගතුම ස්ථානයේ ඉපදෙන්න.
බණ පොතේ සඳහන් වෙනව වගෙම ලෝක විනාශයේ දි අන්තිමට විනාශ වෙන්නෙ ලංකාවෙ අනුරාධපුරය කියන කියමන ආතර් සී ක්ලාක් මහත්මයාගෙත් අනාවැකියක්.
මෙහෙ අපේ අසල්වැසියො ටික දෙනෙකුගෙ පොඩි සමිතියක් තියෙනවා. ඒකෙදි ආව යෝජනාවකට අනුව 2019 වසරෙ එක දවසක (මෙහෙ පදිංචි වෙලා අවුරුදු විසි පහකට පස්සෙ) අපි පොඩි රවුමක් ගියා අනුරාධපුරේම.😏
හැමදාම දැකල පුරුදු ඒත් නොදන්න තැන්වලට වගෙම කාලෙකින් නොගිය පුරා විද්යා ස්ථානවලට ඒ ගැන හොඳට දන්න කෙනෙක් එක්ක.
මහ රෑ වෙනකල් එදා දැන ගත්ත පුරාතන විස්කම් නිර්මාණ ගැන කතා කලා මිසක් නින්ද ගියෙ නැති තරම්. මේ කම්පනය පහුවදා අන්තර් ජංජාලෙනුත් ඒවා ගැන හොයන්න පෙළඹෙව්වා .
කවි කිහිපයක් ලියවුණා.ඒවා එකින් එක වරින්වර දාන්නම්.අද පල කරන කවියට පාදක වුණෙත් එදා ඇසූ දුටු සැබෑ අතීතයේ එක් විස්මිත නිමැවුමක්.
වෙලාවකට ලියන්නෙ අපටම විඳින්නද අපේ සතුටටමද කියලත් හිතෙනවා.මේකට තරගයක දි පොඩි ජයග්රහණයකුත් ලැබුණ. ටිකක් දිග වැඩි වුණත් අදටත් කලාතුරකින් හරි ආයෙම කියවලා සතුටු වෙන්න පුලුවන් කවියක්.
ඇත්තටම රටක් ජාතියක් විදියට අපි ගිහින් තියෙන්නෙ රිවස් එකේ.😪 සියවස් විසි තුනකට පස්සෙත් අතීත ශ්රී විභූතිය විතරයි අපට ආඩම්බර වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ.🙄
--- චාම් ---
Photo credit goes to dreamstime.com
Mathakayan athara oba mathkayan goda naganawaa.... Ithihaasayata oba thawath eka ithihaasayak ekathu karanwa.....
Obe annagath param paraawa....Ese dakiiwi....
බොහොම ස්තුතියි සමන්.
කවිය හරිම ලස්සනයි. එකම එක පාරයි මම අනුරාධපුර ගිහින් තියෙන්නේ ... හොදම මතකය සමාධි බුදුපිළිම 🙏. ඒ හැර අනිත් කිසිම දෙයක් ලොකුවට මතක නෑ . රන්දුලත් කියලා තියනවා වගේ දවසක යන්න ඕනි අනුරාධපුරයේ, නිදහසේ ඒ සුවඳ විඳින්න... මතකයන් අලුත් කර ගන්න...
වටිනවා, වසංගතය නිමවී යලි වසන්තය උදා වූ දිනෙක....
මගේ යාලුවෙක් ඉන්නවා පූජා නගරෙ ඇතුලෙ.මායි තව යාලුවෙකුයි ගිහින් දවස් ගානක් රෑ එලි වෙනකම් Bicycle වලින් ගියා හැම තැනම. ඒ මතකය අලුත් උනා මේකෙන්.
කවි ටිකත් article එක වගේම ලස්සනට ලියලා තියෙනවා.
පූජා නගරයේ ඇවිදිද්දි දැනෙන හැඟීම් හරි වෙනස්.අපිත් ඒ අතීතයට අයිති ඇති වගේ හැඟෙනවා.
මම තුන් සැරයක් වගේ අනුරාධපුර ගිහින් තිබ්බත් මගෙ හිතට ඇතිවෙන්න නිදහසේ රස වින්දල නෑ.
මට හරි ආසයි පාඩුවෙ හැම දේම ආපහු මතක් කර කර අනුරාධපුර බලන්න.
ඔව්, guide කෙනෙක් වගේ දන්න කෙනෙක් එක්ක යන්න තියේ නම් වටිනවා.
ලස්සන කවියක්. මේ කවිය කියවලා, photo ටිකත් බැලුවම, මේ තැන් වල ඇවිදින්න තියෙන ආසාව වැඩි වෙනවා.
ඔව්, එහෙම ඇවිදින එක සතුටක්.