ඔබත් මතට ලොල් වූ අයෙක්ද..?

in Steem Sri Lanka3 years ago

IMG_20211002_154413.jpg
ජාතක පොතේ එන "කුම්භ ජාතකය" මගින් සුරාපානයේ ආදීනව රැසක් පෙන්වා දී ඇත.මේ කාරනා එදා මෙන් අදටත් වලංගුය.
1.කෑම සොයා යන ගවයකු මෙන් තම සිත පාලනය කරගත නොහැකිව ඒ මේ අත ඇවිදීම ,අන් අය නටනු හෝ ගී කියනු දුටු විට ඔවුන් හා එක්ව නැටීම හා ගැයීම.
2.ඇතැම්විට නිගන්ඨයකු සේ නිරවස්ත්‍රව බොහෝ වේලා ඇවිදීම හෝ නිදා ගැනීම.
3.වෙවිලමින් හිස අත වනමින් රූකඩයක් සේ නැටීම.
4.සිහිමදව මහමග නිදා වැටීමෙන් සිවලුන් වැනි සතුන්ගේ සපාකෑමට ලක් වීම,රාජ්‍ය නිලධාරීන්ට හසුව සිරගෙවල්වල ලැගීමට සිදුවීම හා දඩ කෑමට ලක් වීම.
5.ඇතැම්විට තමාගෙන්ම පිටවන වමනය හෝ මලමූත්‍රා වලින් තැවරුන ශරීරය ඇතිව අනුන්ට පරුෂ වචනයෙන් බැන වැදීම ,හිස් වචන කීම.
6.මම මහා යෝධ ශක්තිය ඇත්තෙක්මි.මට වඩා උසස් අයකු නොමැත යනාදි වශයෙන් මානය හා උද්දච්චකමක් ඇතිවීම.
7.කෝලාහල ඇති කිරීම ,මිතුරන් භේද කිරීම ,ශරීර ශක්තිය පිරිහී යාම,සොරුන්ට අනුබල දීම ,අනෙකුත් බේබද්දන්ට අනුබල දීම,ගුනගරුක භාවය හා අන් අයට තමා කෙරෙහි ඇති ප්‍රියභාවය නැතිකර ගැනීම.
8.තමා සතු ධන ධාන්‍ය,වතුපිටි ගේ දොර ,වස්ත්‍රාභරණ ආදිය විනාශ කරගෙන දිළිඳු භාවයට පත් වීම.
9.තම මව,පියා ,බිරිඳ ,දූ දරුවන් හා නෑදෑයින්ට බැණ වැදීම.
10.මෙහෙකරුවන් හෝ නොගැලපෙන අය සමග වැරදි කාම සේවනය.
11.ශ්‍රමණ බ්‍රාහ්මණධාරීන්ට හානිදායක ක්‍රියාවල යෙදෙමින් අපාගත වීමට සිදුවීම.
12.සතුන් මැරීම,පරන වචන හා ක්‍රෝධ කිරීම ආදි දුෂ්චරිතයන්හි යෙදීම.
13.මත් පැන් අල්ලසක් ලෙස යොදාගෙන උසාවිවලදී බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම.
14.හදිසි පණිවිඩයක් දීමට ඇති විටදී එය අමතක වී යාම.
15.ලජ්ජා නොමැතිව හා දොඩමළුව ශක්තිය මදකමින් සතුන් හා නොගැලපෙන පුද්ගලයන් හා වැටී නිරාහාරව එක්ව නිදාගැනීම.
අපාගතව සිට යම් පිනකින් හෝ මිනිසත් බව ලැබුයේ නම් එවිටද අනුවන පුද්ගලයෙක්,සිහිවිකල් වුවෙක් ,ගොලු බිහිරි හෝ ලජ්ජා නැති පුද්ගලයෙක් ,නිතර දොඩවන්නෙක් හෝ අවලස්සන පුද්ගලයකු බවට පත්වන බව ධර්මයෙහි සදහන් වේ.
සුරා පානය නිසා අන්ත දිළිඳු බාවයට පත්වු මහා ධන සිටුවරයාගේ කතාව මෙයට කදිම නිදසුනකි.
බුදු රජානන් වහන්සේ ලොව වැඩ සිටින සමයේ බරණැස්නුවර රන්මිල අසූකෝටියක ධනය ඇති සිටු පවුලක එකම පිරිමි දරුවකු පමනක් උපත ලැබීය.මේ දරුවා වයසින් වැඩෙත්ම දෙමව්පියන් විසින් වෙනත් ශිල්ප ශාස්ත්‍ර කිසිවක් නුගන්වා නැටුම් ගැයුම් ශිල්පය පමනක් ඉගෙනීමට සලස්වන ලදි.
එම නුවරම එතරම්ම අසූ කෝටියක් ධනය ඇති එවැනිම වෙනත් සිටු පවුලක තවත් එවැනිම එකම දියණියක් වු අතර ඇයටද දෙමව්පියන් උගන්වන ලද්දේ නැටුම් ගැයුම් පමණි.
වයසින් වැඩෙත්ම පවුල් දෙකේ එකගත්වය මත මෙම සිටු පුත්‍රයාට ඉහත කී දියණිය විවාහ කර දෙන ලද අතර කල්‍ යාමේදී දෙපක්ෂයේම දෙමාපියන් මරණයට පත් විය.මේ නිසා දෙපක්ෂයේම මහා ධනස්කන්ධය එක්තැන් වු අතර සිටු කුමරා හා සිටු දියණිය ඉතා සැපවත් ජීවිතයක් ගත කලහ.
IMG_20211002_160035.jpg
දිනකට තුන් වරක් තම අත වැසියකු සමග රජතුමා බැහැදැකීමට යාම මෙම සිටු පුත්‍රයාගේ සිරිතක් විය.මෙබඳු අවස්තාවකදී සිටු පුත්‍රයා බීමත්කමට පොළඹවාගෙන ධනයෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ බේබදු තරුණයන් කීපදෙනෙකු ඒ සදහා උපක්‍රමයක් යෙදීය.ඒ අනුව සිටු කුමරා රජ මාලිගාවට ගොස් පැම්ණෙන අතරමග වු එක් ස්ථානයකදී ඔහුට පෙනෙන සේ සුරාපානය කරමින්,නටමින් හා ගී කියමින් අල බැදුමක රසය විදිමින් සිට සිටු පුත්‍රයා දුටු විට "කුමරුනි ඔබ අවුරුදු සියයක් ජීවත් වේවා ,අපට ඔබගේ පිහිට නිසා ඇති තරම් කෑම බීම සහ සතුටින් ජීවත් වීමට හැකිව ඇත " යි පැවසුහ.
සිටු කුමරා මොවුන්ගේ හැසිරීම් බලා සතුටුව ඔවුන් බොමින් සිටින්නේ කවර පානයක්ද ? එය හොද බීමක්දැයි තම අතවැසියාගෙන් විමසීය.දුෂ්ඨ ගති ඇති අතවැසියාද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන "මේ ලෝකයෙහි මේ හා සමාන වූ බීමක් වෙනත් කිසිම තැනක නැත " යි ප්‍රකාශ කළහ.

IMG_20211002_153924.jpg
"එසේනම් මටද එයින් බීම ටිකක් ගෙන එන්නැ"යි තම අතවැසියාට ප්‍රකාශ කල සිටු කුමරා එතැන් සිට ටිකෙන් ටික සුරාපානයට පුරුදු විය.ඉහත කී බේබදු තරුණයන්ද ක්‍රමයෙන් සිටුවරයාට එක්ව ඔහු හා බීමටත් ,නැටුම් ගැයුම් කිරීමටත් පුරුදු විය.ක්‍රමයෙන් සිටුවරයාගේ යහලු මිතුරන් සංඛ්‍යාව වැඩි විය.දිනපතා මත්පැන් බොමින් විනෝද වන සිටු පුත්‍රයා "මගේ මේ මිත්‍රයා ගී කීමට දක්ෂයෙකි.ඔහුට කහවනු දහසක් දෙන්න.මේ මිත්‍රයා නැටුමට දක්ෂ නිසා මොහුට කහවනු දෙදහසක් දෙන්න."ආදී වශයෙන් අතවැසියාට අණ කරමින් තමා සතු ධනය ක්‍රමයෙන් විනාශ කර හරින ලදි.මේ අන්දමින් තමා සතු වූ අසූකෝටියක් ධනයද වියදම් කිරීමෙන් පසුව තම බිරිඳ සතු වු අසු කෝටියක් ධනයද වියදම් කරන ලදි.අනතුරුව තමා සතු වතුපිටි ,යාන වාහන ,ගෘහ භාණ්ඩ ආදී සියල්ල පමණක් නොව තමා සතු වු ගෙයද විකුනා දැමීමට සිදුවිය.
ගෙය මිලදී ගත් තැනැත්තා විසින් සිටු කුමරා හා බිරිඳ ගෙයින් නෙරපු අතර ,එතැන් පටන් ඔවුන්ට අනුන්ගේ අගුපිල්වල ලගිමින් අනුන්ගෙන් සිගා කමින් ඉතා දුක්බර ජීවිතයක් ගෙවීමට සිදුවිය.

IMG_20211002_155458.jpg
එක් දිනක් බුදු රජානන් වහන්සේ ආනන්ද හිමියන් සමග දානයකට වැඩි අවස්තාවේ දාන ශාලාවක් අසල සිටි මෙම යුවල දැක සිනා පහල කලහ.ආනන්ද හිමියන් විසින් එසේ සිනා පහළ කිරීමට හේතුව බුදුන් වහන්සේගෙන් විමසන ලදි.
"ආනන්දය ,මේ මහා ධන සිටුවරයා දෙස බලන්න.මොහු තරුණ වියේදී තමා සතු ධනය අනවශ්‍ය ලෙස වියදම් නොකොට මහා කර්මාන්තයක යෙදෙව්වේ නම් මේ නගරයේ සිටින ප්‍රධාන සිටුතුමා බවටපත් විය හැකිව තිබුණි.එම වියේදීම පැවිදි වී නම් ඔහු රහත් බවටත් ,බිරිඳ අනාගාමී ඵලයටත් පත්වීමට හැකිව තිබුණි.
මධ්‍යම වයසේදී එසේ යහපත්ව ධනය යෙදවූයේ නම් සිටුවර තනතුරත් ,පැවිදි වුයේ නම් ඔහු අනාගාමී වී බිරිඳ සකෘදාගාමී ඵලයටත් පත්වේ.මහලු පශ්චිම වයසේදී ඉහත පරිදි ධනය යහපත්ව යෙදෙව් නම් නගරයේ තුන්වන සිටුවරයා බවටත් ,පැවිදි වුයේ නම් ඔහු සකෘදාගාමී ඵලයටත් ,බිරිඳ සෝවාන් ඵලයටත් පත්වන්නීය.
දැන් ඔහු සුරාපානය නිසා අන්ත දිළිදකු වී මත්ස්‍යයන් නොමැති විලක කොස්වාලිහිණියකු සේ බලවත් සේ දුකට හා ශෝකයට පත්වී ඇතැයි වදාළ සේක.මෙම කාරනාවලින් තේරුම් ගතයුතු කාරනය නම් කිසිම තේරුමක් නැති වැඩකට මුදල් කාලය නාස්ති නොකර අත්‍යවශ්‍ය දෙයකට වියදම් කරේනම් දියුණුව කරා ලගා විය හැකිය.
IMG_20211002_154621.jpg
එහිදී සෑම විටම සතුටින් ජීවත් විය හැකිවනු ඇත.

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.029
BTC 68245.80
ETH 2509.65
USDT 1.00
SBD 2.52