සරසවි සිහිනය

in Steem Sri Lanka3 years ago (edited)

කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවදා හමුවෙද ජ’පුරේ

විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අපි උසස් පෙළ කරන කාලේ කවුරුත් කියන්නේ "මේක තමයි අමාරුම කාලේ කැම්පස් ගියොත් ඔක්කොම හරි "කියලා .ඒත් ඒක ඇතුලට ගියාට පස්සේ අපි හිතුවට වඩා ගොඩක් වෙනස් .

japura-hostels_3.jpg
ඡායාරුප

ලංකාවේ විශ්ව විශ්ව විද්‍යාල කිහිපයකට හැරුණු කල අනෙක් ඒවටත් ගමේ ඉතා දුප්පත් ළමුන් බොහෝ ප්‍රමාණයක් සහභාගි වෙයි .ආර්ථික අගහිඟකම් මැද මිරිකෙමින් ඉතා අපහසු අවුරුදු හතරක කාලයක් ගෙවීමට ඔවුන්ට හිමිව ඇත .තමාටම අයිති ඇඳුම් කෑලි දෙක තුනක් ප්‍රමාණවත් නොමැති නිසා ඔවුන් බොහෝවිට යාළුවන්ගේ ඇඳුම් පැළඳුම් හුවමාරු කරගනී .
එයාට ශිෂ්‍යයන් "ගජේ ගසනවා " යැයි පවසයි .

ඉහතින් ඇති කවිය විශ්වවිද්‍යාල නේවාසිකාගාර බිත්තියක දුක, සතුටක් කරගෙන ලියවූ එකක් ලෙස පේනේ.කවියේ වචන සරල නිසා එය එකින් එක විස්තර කිරීමට මම උත්සාහ නොකරමි .

විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ ගජේ ගැසීමේ දී , එසේ සිදු නොකරන අවස්ථා 5ක් ඇත .
01 . දත් බුරුසුව
02 . බැනියම
03 . කොක්ක (පෙම්වතිය )
04 . ජොකා (යට කලිසම)
05 . තුවාය

මේ ගැන කියාගෙන එද්දි මට මතක් උනා තවත් කවියක් .ඒක නං කටවහරේ පැවත ගෙන එන එකක් .

japura-hostels.jpg
ඡායාරුප

හීනෙන් පවා මගේ සුඛ විහරණය පැතූ
රජකම ගන්න පුතු රජගෙට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ

පදිං පදය තේරුම් නොකළත් සරල වචන නිසා ඔයාලට තේරෙනවා ඇති කියලා හිතනවා .ඒ වගේම කැම්පස් ජීවිතේ දුකතමන්ගේ පවුලට බලපාපු ආකාරය ගැන මෙහෙමත් කියල තියෙනව .

වැහිදාට හැමදාම අපේ ගේ තෙමෙනවා
අම්මගේ ජීවිතේ ලණු ඇඳේ දිරනවා
අයියලා අක්කලා තම ගෙවල් හදනවා
අම්මෙ මම කවදහරි අපේ ගේ හදනවා

ඒ වගේම තව එකක් තියෙනවා ඒක හරියටම මතක නෑ .දන්න කෙනෙක් මේ ලිපිය කියෙව්වොත් ඒක සම්පූර්ණ කරන්න .

පත්තර බිම එලා එළා රැය ගත කරන කොට
රුපියල් දෙකේ බත් අඩුවෙන් යැපෙන කොට
.............................................................................
කාටත් වඩා මා ගැන දුක හිතුනි මට .

මේකෙ බත් අඩුව කියලා සඳහන් කරලා තියෙන්නේ අපි බත් කාපු පිඟාන අරගෙන ගියාම අපිට බත් පොඩි ප්‍රමාණයක් ව්‍යාංජන එකක් දෙකක් එක්ක දෙන එකට .ඒ දවස් වල බත් එකක මිල රුපියල් විසිපහක් උනත් බත් අඩුව රුපියල් පහයි .ඔය කවිය කියවෙන කාලේ ඒ බත් බඩුවක් රුපියල් දෙකක් වෙලා තියෙන්න ඇති .

අනිත් පද ටික ඔයාලට තේරෙන්න ඇතිනේ .
එහෙනම් මම නවතිනවා .

ස්තුතියි

Sort:  

Nicely written ❤️

thank you

Your post has been upvoted by Steem Sri Lanka Community Curation Trail.

Steem Sri Lanka Discord Channel

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵

Join With
steem-sri.lanka
Curation Trail For Better Curation Rewards

Very nice article. I enjoyed it..

thank you

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.030
BTC 67368.20
ETH 2618.26
USDT 1.00
SBD 2.68