සතුට සැමරූ අපුරු විදිය

in Steem Sri Lanka5 months ago (edited)

ඊයේ අපේ නිවාස සංකීර්ණයේ උන් මරු වැඩක් සංවිධානය කරලා තිබුණ. නිවාස සංකීර්ණයේ ඉන්න ගායන හැකියාවක් තියන අයට තම හැකියාවන් පෙන්වන්න වේදිකාවක් හදල දුන්න. වැඩේ සංවිධානය කළේ මීට මාසෙකට කලින්. මුලින්ම පෝරමයක් පුරවල ඇරිය සෑම නිවසකටම ගායන හැකියාවන් තියන අය නමයි. ගායනා කරන්න කැමති ගීත තුනක් ලියල සංවිධායක තුමාට බාර දෙන්න කියල.

image.png

ඊට පස්සේ සිංදු පුරුදු වෙන්න දින කීපයක් නියම කරලා ඒ ගායක ගායිකාවෝ ලව්වා සිංදු කියෙව්වා. හොදට සිංදු කියන්න පුළුවන් අය තෝරලා එයාලව දින කීපයක් පුරුදු කෙරෙව්වා. මගේ මහත්තයත් ගියා සිංදු කියන්න ඉදිරිපත් වෙන්න. එයාගේ පිච් අවුට් යනවා කියල එයාව තෝරාගෙන නැහැ. පව් වැඩේ, ඔය වගේ ඉදිරිපත් වුණ කීප දෙනෙක්ම කැපිල ගිහින් තියනවා. මම ඉතින් එයාට පල් එක දැම්මට මොකෝ මටත් දුකයි මෑන්ට වුන වැඩේට. මම කීව තව ටිකක් පුහුණු වෙලා ආයේ ඉදිරිපත් වෙන්න කියල. කොහේද බැහැ කියල අයින් වුණානේ. මම නම් ඉතින් ඔයවගේ ඒවාට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම සිංදු කීවොත් අනෙක් අයට වෙන්නේ කකුල් උඩ තියාන ඉන්න, මොකද ගැරඩිත් කකුල් කඩාන දුවයි.

ඉතින් කොහොමින් කොහොමින් හරි දිනේ උදා වුණා කියන්නකෝ, දවස තමා ඊයේ රාත්‍රිය. ගායන හැකියාවන් ඇති විසි හය දෙනෙක් තෝරාගෙන තිබුණ ගීත ගයන්න. වෘත්තිය මට්ටමේ ගායකයෝ තුන් දෙනෙක් හිටපු නිසා ඒ අයට එක්කෙනෙකුට සිංදු තුන ගානේ දීල තිබුණ. අනෙක් හැමෝටම එක සිංදුව ගානේ තමා දීල තිබුණේ, හැමෝටම අවස්ථාව දෙන්න ඕනි නිසා.

බොහොම අලංකාර විදියට අපේ කට්ටිය වැඩේ කරලා තිබුණ. හොද වේදිකාවක් ගහල හොඳ බෑන්ඩ් එකකුත් ගෙනත් තිබුණ. ඊට අමතරව ආප්ප වෙළෙන්දෙක්, කඩල වෙළෙන්දෙක් වගේම අයිස් ක්‍රීම් වෑන් එකකුත් ගෙන්නලා තිබුණ.

2011 සිරස සුපස්ටාර් වුණ තිසර චානක ඉන්නෙත් අපේ නිවාස සංකීර්ණයේ. එයා තමා එක වෘත්තිය ගායකයෙක්, අනික් කෙනා තමා රොෂාන් ජයවර්ධන. එයාත් රියැලිටි වැඩ සටහන් ගනනාවකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය නොකලත් මනාප ලබා ගැනීමේ අවස්ථාව දක්වා ගමන් කරපු කෙනෙක්. ඊට අමතරව විශාරද තත්වයට පත් වුණ ගායක ගායිකාවෝ දෙන්නෙක් හිටිය. එයාලට සිංදු දෙක ගානේ කියන්න අවස්ථාව දීල තිබුණ. කොහොම හරි රාත්‍රී 7.30 ට පටන් ගත්ත වැඩේ මැදියම් රැය ආසන්න වෙනකම්ම තිබුණ. වැඩේ හොදටම ගියා. විශාල නරඹන්නන් සංඛ්‍යාවකුත් ඇවිත් හිටිය අපේ කෙල්ලෝ කොල්ලන්ගේ හැකියාවන් රස විදින්න.

හැමෝම වැඩේ උපරිමයෙන්ම අගේ කළා, මොකද අපේ අයගේ සැගවුණු කුසලතා එළියට අරගන්න ලැබුණු හොදම අවස්ථාවක් නිසා. ඒ වගේම අපේ සංකීර්ණයට අලුතින් එක් වුණ මුහුණු දැක බලාන, සබදතා වැඩි දියුණු කරගන්නත් අපිට හැකි වුණා. කුඩා දරුවෝ තුන්දෙනේක්ම එයාලගේ හැකියාවන් ඉදිරිපත් කල නිසා ඒ දරුවන්ටත් ඒ ලැබුණ අවස්ථාව හරිම ඉහලයි.

එවැනි අනර්ඝ වැඩක් අගය කරලා අපි නැවත නිවසට ආවත්, මගේ මහත්තයා සංවිධාන මණ්ඩලයේ සාමාජිකයෙක් නිසා එයාල නැවතුන එයාලගේ ක්‍රමයට වැඩේ අවසානය රස විදින්න.

ස්තුතියි.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

ඒක මරු වැඩක් ඔය වගේ දේවල් නගරයේ ගොඩක් සුලබ උනාව ගම්මාන වල පැදුරු පාටි සල්පිල්වල ඔය අංගය තිබෙනවා එය හරිම විනෝදජනකයි..එව් වගේම තවත් දෙයක් ඔබ තුමියට මතක් කරන්නම් ඔබ තුමියට ගායන හැකියාවක් නෑ කියලා අවතක්සේරු කරගන්න එපා ගායනා කරලා බලන්න වරදින එකක් නෑ.. ඔබ තුමියට සුභ පතනවා.💐

මගේ අදහස නම් ඔබතුමියටත් ලස්සනට සිංදුවක් ගායනා කරලා ඔබතුමියගේ ගායන හැකියාව පෙන්වන්න තිබුණා.අපේ ගමෙත් සමහර අවස්ථාවල ඔය වැනි විනෝදජනක දේවල් සංවිධානය කරනවා.ඇත්තටම ඒවට සම්බන්ධ වීමෙන් ලැබෙන්නෙ පුදුමාකාර මානසික තෘප්තියක්.මම හිතනවා ඔබතුමියටත් එසේම වෙන්නැති කියල.කෙසේ වෙතත් ඔබතුමියට මා සුබ පතනවා.

😂මම සිංදු කියන්න? 🥱

මම හිතනවා ලස්සනට කියන්න පුලුවන් වෙයි කියලා 😁

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60612.92
ETH 2607.99
USDT 1.00
SBD 2.65