දවස වෙනස් විදියකට ගෙවුන හැටි.

in Steem Sri Lankalast year

වෙනදට වඩා වෙනස් විදියට මගේ දවස අද ගෙවුන කියල කියන්න පුළුවන්. මොකද වෙනදට දවස ගෙවන්නේ උයනවා, අස්කරනවා, රෙදි හෝදනවා, මල් පැල සහ අනෙකුත් ගස් වලට සාත්තු කරනවා සහ ස්ටීමිට් එකේ වැඩ කරනවා වගේ ඒවා තමා සාමාන්‍යයෙන්. ඒත් මෙදා දවස ගෙවුන විදියේ පොඩි වෙනසක් තියනවා. කියවල බලමුකෝ එහෙනම් කොහොමද මගේ දවස අනෙක් දවස් වලට වඩා වෙනස් වුණේ කියල.


Image source

මම කුස්සියේ වැඩ සහඅනෙකුත් පිරිසිදු කිරීම් සහ වත්තේ වැඩ කරද්දී ඇඳුම් කිලිටි වෙන නිසා ඒප්‍රන් එකක් පාවිච්චි කරනවා. දැන් ඒක ටිකක් පරණ සහ කිලිටි පාට නිසා මට ඕනි වුණා අළුත් එකක් ගන්න. මම සාමාන්‍යයෙන් ඒ වගේ ඒවා ගන්නේ CIB එකෙන්. එදත් මම පුරුදු විදියට ගියා CIB එකට ඒප්‍රන් එකක් ගන්න. නමුත් එදා තිබුණේ නැහැ බඩු ලබන සුමානේ තමා එන්නේ කියල කීව. මම සාමාන්‍යයෙන් අපිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් නෙමේ. ඒ නිසා මට ඕනි වුණා පරණ එක මාරු කරන්න. තවත් කඩයකට යන්නේ නැතිව මම තීරණය කලා රෙදි කෑල්ලක් අරන් ගිහින් මහන්න.

ඉතින් මම ටිකක් තද රෙද්දකින් මීටර් එකක් විතරක් ගත්ත ගෙදරදී මහනවා කියල හිතාන. රෙද්ද ගෙනත් දැන් සුමාන දෙකක් විතර වෙනවා ඒත් මහගන්න බැරි වුණා. අද මම ටිකක් වේලාසනින් දවල්ට කෑම හදල තියල මගේ මහන වැඩේ කරන්න පටන් ගත්ත.

පළමුවෙන් පරණ ඒප්‍රන් එකෙන් පතොරමක් කපා ගත්ත. මොකද ඒක හරිම නීට් ලස්සනට මහල තිබුණ නිසා. ඊලටග ඒ පතොරම තියල මම මිලදී ගෙනාව රෙද්දෙන් ඒප්‍රන් එක සහ අවශ්‍ය අනෙකුත් පටි ටික කපා ගත්ත. ඒක කපල ඉවර වුණාම තේරුණා තවත් එකක් මහන්න රෙදි ඉතිරි වෙලා තියනවා කියල. ඒ නිසා තවත් ඒප්‍රන් එකකට රෙද්ද කපා ගත්ත ඒක කළු පාට රෙද්දකින් පයිපින් දාල මහනවා කියල හිතාන. එහෙම හිතල ඒක කපල නමල අරන් තිබ්බ වෙනත් දවසක් මහන්න.

මීළගට කලේ කපා ගත්ත රෙද්ද අරන් ඒප්‍රන් එක මහන එක. හුඟ කාලෙකින් මහන නිසා මැසිමත් ටිකක් අද්දනවා හොරයි. තෙල් ටිකක් එහෙම දාල මැසිමටත් පොඩි පණක් දුන්න. ඊට පස්සේ මහන වැඩේ පටන් ගත්ත. ඉදි කට්ටේ නූල යන එක තමා ඉවසන්නම බැරි වැඩේ. මොකද මගේ ඇස් පේනවා හොරයි. කන්නඩි දැම්මත් ඒක එහෙම තමා. දුර කථනයට සහ කොම්පියුටර් එකට තවත් සවුත්තු වෙනවා. කොහොම හරි කෑම වෙලාව එද්දී ගොඩාක් වැඩ ඉවරයි. දවල්ට කෑම එහෙම කාල ඉතිරි ටිකත් ඉවර කලා. කඩෙන් ගත්ත වගේ ලස්සන නැහැ. ඒත් නරකමත් නැහැ, වැඩේ හොඳට තිබුණ.

මට රෙද්දට වියදම් වුනේ රුපියල් පන්සීය පනහක් පමණයි. අන්තිමට කඩෙන් ගත්ත ඒප්‍රන් එකට.රුපියල් අටසිය පනහක් වියදම් කලා. අද මට රුපියල් පන්සීය පනහට ඒප්‍රන් දෙකක්ම මහා ගන්න පුළුවන් වුණා.

ඉතින් බලන්න ඔයාලත් වැඩේ ලස්සනද කියල. මට නම් හොදයි වගේ. මම හිතා ගත්ත ඊළඟ එක කඩෙන් ගත්ත එක වගේම ඉස්සරහට සක්කුවකුත් දාල කළු පාටින් පයිපින් දාල මීටත් වඩා හොදට මහ ගන්න.

ඔන්න ඔහොමයි අද මගේ දවස වෙනස් විදියකට ගෙවිලා ගියේ.

ස්තුතියි ලිපිය කියෙව්වට.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

You've got a free upvote from witness fuli.
Peace & Love!

 last year 

Thanks for the support.

Dn nm kaden gannwt wda thamnma hadgnna tharmt laabai.

 last year 

Eka nam aththa.

Coin Marketplace

STEEM 0.20
TRX 0.17
JST 0.031
BTC 88619.11
ETH 3331.99
USDT 1.00
SBD 2.95