මහඟු පිංකමකට දායක වෙන්න ලැබුණ අවස්ථාව

in Steem Sri Lankalast year

ශ්‍රී ලංකාවේ මුදුන් මල් කඩක් වැනි අනුරපුර ස්වර්ණමාලි මහා සෑ රජුන්ට ඔක්තෝම්බර් මස දහවෙනි දින හවස බුද්ධ පූජාවත් එකොලොස් වැනි දින හිමිදිරි පාන්දර කිරි ආහාර පූජාවත් දහවල් මුරුතැන් පූජාවත් ලබා දීමට මගේ අක්ක බාර ගෙන තිබු බැවින් මටත් වාසනාව හිමි වුණා ඒ සත්කාරයට සහභාගී වීමට. ඒත් මට ප්‍රශ්නයක් වෙලා තිබුනේ මගේ සුරතලා තනි කරලා යන එක. ඒ වගකීම ඉතා සත්බාවයෙන් යුතුව මගේ මහත්තයා බාර ගත් නිසා මටත් අවස්ථාව උදා වුණා ඒ පුණ්‍ය කර්මයට දායක වෙන්න.

image.png

ඒ උතුම් කාර්ය භාර්ය සිද්ධ වෙන්නේ කොහොමද කියල අපි හැමෝම නොදන්න නිසා මට හිතුණා ඔයාලගේ දැන ගැනීම පිණිස මගේ අත්දැකීම් බෙදා හදා ගන්න. එම උතුම් පිංකම සිද්ද කරගන්න අපිට දිනයක් වෙන් කරගන්න මාස ගානක් බලන් ඉන්න වුණා. ඒ උතුම් පුණ්‍ය කර්මය කර ගැනීම සදහා අපි රජමහ විහාරාධිපතිට මුදලින් රුපියල ලක්ෂ දෙකයි, විසි දාහක් ගෙවන්න ඕනි. මුලින් සුළු මුදලක් ගෙවල අවසානයේ මුළු මුදලම ගෙවන්න පුළුවනි. ඒකත් මගේ සොයුරියට හිමි කරගන්න පුළුවන් වුනේ අදුරන යාළුවෙකු මාර්ගයෙන්. ඒ උතුම් පූජාවට අවශ්‍ය සියළු කෑම බීම පිළියල කරන්නේ පන්සලේ ඒ වෙනුවෙන්ම කැප වෙලා ඉන්න විශේෂ පිරිසක් අතින්. අපිට තියෙන්නේ ඒවා රුවන් වැලි සෑයට පූජා කරන්න විතරයි.

ඉතින් මේක අහන්නකෝ එම ආහාර පිළියල කරන අය හැමෝම හිසකෙස් පොදක්වත් කෙළ පිඩක්වත් නොවැටෙන විදියට මුඛය සහ හිස හොදින් ආවරණය කර ගෙන තමා ඒ වැඩයට සම්මාදන් වෙන්නේ. මෙම පූජාව සිද්ධ කරන වෙලාවට අපේ පැත්තෙන් පිරිස සියයක් පමණ ගෙනියන්න වෙනවා. ඒ මොකද පූජා භාණ්ඩ වගේම මුතු කුඩ, බෞද්ධ කොඩි සහ සේසත් අරගෙන යන්නත් පිරිස අවශ්‍ය වෙන්වා. අපේ වාහන ඇතුලටම ගන්න පුලුවන් විදියට අපිට පාස් එකක් ලබා දීල තිබුන.

අපි ඇතුලට ගියාට පස්සේ ඒ වැඩය නිම වෙනකන්ම කිසිම කෙනෙකුට එළියට එන්න දෙන්නේ නැහැ. ඒ දන් ශාලාවට ඇතුල් වෙන තැන පොඩි ටැංකි තුනක් තියනවා. එකක එන්නේ සාමාන්‍ය ජලය. අපිට තියෙන්නේ පාවහන් ගලවල ඒ ටැංකියට බැහැල පය සෝදාගෙන අනෙක් ටැංකියට බහින්න. ඒකෙ තියෙන්නේ කහ වතුර සමග දෙහි කෑලි. ඒකෙන් පය සෝදලා තවන් ටැංකියක් තියනවා. ඒකෙ තියන්නේ දෙහි කෑලි විතරයි. ඒකෙන් පය සේදුනාම අත සෝදාගන්න තවත් දෙහි සහ කහ දාපු භාජනයක් තියනවා. ඊට පස්සේ පිරුවට දාල තියනවා ඒක දිගේ ඇවිදගෙන ගිහින් ශ්‍රවනාගාරයකට ඇතුල් වෙන්න තියනවා. ඊට පස්සේ අපිට දෙනවා මුඛ ආවරණයක් සහ හිස් ආවරණයක්, ඒකත් පැළදගෙන තමයි අපි අර ශාලවට ඇතුල් වෙන්න ඕනි.

ඒක ඇතුලේ තියන පුටුත් සුදුම සුදු පාටයි. අපි හැමෝම සුදු ඇඳගෙන යා යුතුයි. දිග කලිසන්වත් ගැහැණු අයට අදින්න බැහැ. සාය, ගවුම හෝ රෙද්ද තමා ඇඳගෙන යායුත්තේ. දුර කථන ක්‍රියා විරහිත කරගෙන නිශ්ශබ්දතාවය පවත් වා ගත යුතුයි. පූජාවට සහභාගී වෙන වෙලාවට අතේ කිසිම දෙයක් නොතිබිය යුතුයි.

image.png

image.png

image.png

ඊට පස්සේ එයාල පිළියල කරලා දෙන පූජා භාණ්ඩ අපි එක්‌ කුටියක තැන්පත් කරලා හේවිසි හොරනෑ සහ බෙර මධ්‍යයේ පෙරහරකින් වඩම්මවා ගෙන ගොස් රුවන් වැලි සෑයට පූජා කල යුතුයි. ඉන් පසු ඒක් ස්වාමින් වහන්සේ කෙනෙක් පැමිණ පූජාව පවත්වල දෙයියන්ට පිං අනුමෝදන් කරලා පිරිසට සෙත් සාන්තිය ප්‍රර්ථනා කරනවා. ඒ වැඩය නිම වුණහම අර පිරිසම ඒ භාණ්ඩ නැවත අස් පස් කරලා සියලුම භාණ්ඩ නිසි තැන්වලට පත් කල යුතුයි. අවුරුද්දේ දින 365 හේම මේ සිද්ධිය මේ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කරනවා. ඒකට තමයි කියන්නේ තේවාව කරනවා කියල. අපේ පැරණි රජ දවසේ ඉදලම මේ තේවාව දිගටම කරනවා කියල තමා ස්වාමින් වහන්සේ දේශනා කලේ. මටත් ඒ උතුම් කරතව්‍යට සහභාගී වෙන්න ලැබුනේ මගේ පෙර පිනකට විය යුතුයි.

ස්තුතියි.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 67244.31
ETH 2625.36
USDT 1.00
SBD 2.68