පොසොන් පෝය වන්දනාව

in Steem Sri Lankalast year

පොසොන් පෝය දවස බෞද්ධයින් වශයෙන් අපිට ඉතා වැදගත්. මෙදා පාර වෙසක් වලට වඩා පොසොන් පෝය දවස අපේ බෞද්ධයින් විසින් සමරලා තිබුන අපි දුටුවා. පොසොන් පෝයට අනුරාධ පුරේ පැත්තේ යන්න හිතුනත් සෙනග වැඩි නිසා ඒ අදහස අත් ඇරලා අපි ගියා දෙවන ගල පුද බිම වන්දනා කරන්න.

image.png

අපිට නුවර පාරේ මාවනැල්ල දක්වා ගමන් කරන්න තිබුන නිසා අතර මග දන්සල් පිරිලා ඉතිරිලා ගිහින් තියනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. බත් දන්සල්, අයිස් ක්‍රීම්, කඩල, සව්, බෙලි මල්, කොත්තමල්ලි ඔය වගේ හැම දන්සලක්ම තිබුන. ඒ වගේම තමා හැම දන්සලකම කිලෝ මීටරයක් දුරට පෝලිම් ගැහිලා තියනවා.

සමහර දන්සල් පාර පුරා සව් සහ අනෙකුත් බීම බෙදනවා. මේ නිසා බොහෝ තැන්වල් වාහන තද බදයත් නොඅඩුව තිබුණ. එදා මග දෙපස කෑම කඩවලුත් වහලා තිබුන. ඒත් ජිනදාස සහ පියදාස අයිය මලෝ හෝටල් දෙකම ඇරලා තිබුන නිසා අපිට උදේ අහාර ගන්න පුළුවන් වුණා.

යන අතර මග අපිත් සව් දන්සලක් වදින්න අමතක කලේ නැහැ. ඒක රසට තිබුන. කජු, මුද්දරප්පලම් එහෙම දාල බොහොම ප්‍රීනිත විදියට පිළියල කරලා තිබුණ.

අපේ ගමන අපි උදේ 9.00 පිටත් වුනත් අලුත් නුවර දේවාලෙට ලගා වන විට දවල් 12.30 විතර වුණා. අළුත් නුවර දේවාලෙට තමා අපි මුලින්ම ගියේ. මේ දේවාලේ දැඩිමුණ්ඩ දේවාලේ නමිනුත් ප්‍රසිද්ධයි. බොහොම අනුහස් තියන දේවාලයක් කියල තමා කියන්නේ. අපිත් ගිහින් ගෙඩි පිටින් දෙවියන්ට පූජා වට්ටියක් තියල අපේ ජිවිත වලටත් සෙත් සාන්තියක් කර ගත්ත. එදා සෙනසුරාදා දවසක් නිසා සෙනග ගොඩක් හිටිය. මුලින්ම පන්සලට ගිහින් බුදුන් වැදලා දෙවියන්ට පිං දීල තමා දේවාලෙට පලතුරු පූජාව තිබ්බේ.

image.png

image.png

චායාරුප ලබාගන්න ලස්සන ස්ථාන කිපියක්ම තිබුන. ඒ හැම එකකම චායාරූප ගන්න අමතක කලෙත් නැහැ. මම මීට කලින් මේ ස්ථානයට ගිහින් තිබුනේ නැහැ. ඒ නිසා ගොඩක් කාලයක් ගත කලා හැම තැනක්ම හොදින් දැක බලා ගන්න.

විශාල භුමි ප්‍රමාණයක පිහිටලා තිබුන විහාරය සහ දේවාල ඉතාමත් පැරණි ගොඩනැගිලි බව මානව පිළිබිඹු වුණා. මේ පුද බිමට ලගා වීම සදහා මාර්ග කීපයක් පිහිටලා තිබුණත් හැම මාර්ගයකම එක ලෙස වෙළද කුටි පිහිටලා තිබුණ.

image.png

image.png

.
සුන්දර වට පිටාවක චමත් කාර දර්ශන දැක බලා ගත් අපි දෙවන ගල පුද බිම කරා ගමන් ඇරඹුවා. යන සෑම මාර්ගයකම දන්සල් පිරි ඉතිරි ගියත් අපි ඒවා වැද පුදා ගන්නට උත්සුක නොවුනේ අපේම දන්සැලක්ට උදව් දෙන්න හවස 5.00 වෙද්දී ගෙදර එන්න ඕනි උන නිසා. ගමනේ ඉතිරි කඩ තවත් දවසකට ඉඩ හරිමින් මම අද දිනට මගේ ගමන් මග නිම කරනවා.

ස්තුතියි.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

¡Congratulations!

This post has been supported through the account Steemcurator06. for containing good quality content.

Curated by : @damithudaya

 last year 

@damithudaya and your team3, thank for the support.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62065.67
ETH 2429.85
USDT 1.00
SBD 2.68