It's දන්සල් Time

in Steem Sri Lankalast year

මේ පොසොන් පෝය. ලාංකිකයෝ විදියට ගත්ත ම මට හිතෙන විදියට වැදගත් ම පෝය මේක. ඒ ප්‍රකාශෙට එකඟ වුණත් නැතත් අපිට තියෙන වැදගත්ම පෝයවල් දෙකෙන් එකක් තමයි පොසොන් පෝය කියන්නේ.

image.png

පොසොන් පෝය අරමුණු කරගෙන රට පුරාවටම විවිධ ආගමික වැඩසටහන් සංවිධානය වෙනවා. මේ පාරත් එකේ වෙනසක් තිබුණේ නෑ. හැබැයි මන් දැක්ක රටේ වැඩිම දැන්සල් ප්‍රමාණයක් සංවිධානය වෙච්ච පොසොන් පෝය මේක කියල කොහෙහරි තියෙනවා.

සාමාන්‍යයෙන් මන් දන්සල් වඳින්න යන්න කැමති කෙනෙක් නෙවෙයි. මට ඔය පෝලිම්වල බලන් ඉන්නවා කියන්නේ කරන්න බැරි වැඩක්. ඒත් ඉතින් යන්න යාලුවෝ කවුරු හරි ඉන්නව නම් යන්න අකැමතිත් නෑ. මේ පෝයට දන්සැල් වඳින්න යන්න ගෙදර අයයි නවෝදයි තමයි එකතු වුණේ. අම්මල ගෙදර වාහනෙන් එද්දී අපි දෙන්න බයික් එකෙන් ගියා.

image.png

මුල් ම දන්සල තිබ්බේ ගමේමයි. එතන රොටි තිබ්බා තේත් එක්ක. රොටි කන්න ලූනු බැදුමක් තිබ්බ. උණු උණුවෙන් කැන්ද කොළවල දාල තිබ්බ නිසා රසම රසයි. අම්මල එතන නවත්තල ඉන්න වෙලාවේ අපි දෙන්න ගිය ටවුන් පැත්තට. විලේගොඩ හරියේ කඩල දන්සලක් තිබ්බා.

image.png

එතැනදී යාලුවෝ කට්ටියකුත් හම්බුණා. එයාල පෝලිමේ ඉස්සරහම හිටිය නිසා අපිටත් එක්ක අරන් ආවා. නැත්නම් එතන ලොකු පෝලිමක් තිබ්බා. එතනින් කඩල කාල ආපස්සට එද්දී තව කඩල දන්සලක් තිබ්බා. අපි එතනින් අම්මලට කඩල දෙකක් අරගත්තා.

ඒ අරන් කෝල් කරලා අහද්දිත් අම්මල අතන රොටි පෝලිමේ. අපිත් ඉතින් ආපස්සට එතනටම ආවා. එද්දී අම්මලත් ආවා. අම්මලාගෙන් රොටි කාල තේත් බිව්වා එතන ඉඳන් ම. පස්සේ ආයේ ටවුන් එක පැත්තට යද්දී අයිස් ක්‍රීම් දන්සලක් පෝරඹ. එතන නවත්තල කට්ටිය අයිස් ක්‍රීම්ත් කෑවා. ඒ විතරක් නෙවෙයි කඩල දන්සල තිබ්බ හරියෙම සුප් දන්සලකුත් තිබ්බ. ඒ එන මගදී යාලුවෝ කීප දෙනෙක්ම හම්බුණා.

image.png

අපි නවත්තන්නේ නැතුව ආවට තව තොසේ දන්සලක් එහෙමත් මග තිබ්බා. සව් දන්සල නම් ඉවර වෙලා තිබ්බ. එහෙම යද්දී ඇල්පිටිය පාරේ පාන් දන්සලක් තිබ්බ. එතන ටිකක් වෙලා පෝලිමේ ඉන්න වුණා ඉතින්. ඊට පස්සේ ඒ ළඟ යාලුවෙක්ගෙ ගෙදරකටත් ගිහින් එන්න එනකොට පෝරඹ කන්ද හරියේදී බෙලිමල් එකකුත් බිව්වා.

ඔක්කොම කරලා ගෙදර එද්දී රෑට කන්න නම් බඩේ ඉඩ තිබ්බේ නෑ. ඒමම ෆිල්ම් එකක් බලල නිදාගත්තා. මේ අමාරු කලේ දන්සල් දීපු හැමෝටම පින් සිද්ධ වෙන්න ඕන. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. මොකද හැමෝටම දෙන්න හිතක් ඇති වෙන්නේ නෑ.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

මට කාලෙකින් යන්න බැරි වුනා. යාලුවොත් එක්ක දන්සැල් වඳින්න යනවා කියන්නෙ ඒක වෙනස් අත්දැකීමක් .

Coin Marketplace

STEEM 0.20
TRX 0.17
JST 0.031
BTC 88506.38
ETH 3332.66
USDT 1.00
SBD 2.94