සොරාගත් වසන්තය.... | 10% - SL-Charity

in Steem Sri Lanka2 years ago

රාජකාරියේ තිබෙන්නාවු අතිශය කාර්‍යබහුලත්වයත් සමග කොම්පියුටරය අසල ගතකිරීමට හැකිව ඇත්තේ ඉතාම අඩු කාල පරාසයකි. එක නිසානිසා ඉස්සර වගේ ඇක්ටිව්ව සිටීමට නොහැකිවීම ගැනත්, මාවිසින් අනිත් සාමජිකයන් වෙත ලබාදියයුතු සහයොගය මග හැරීම ගැනත් සියළු දෙනාගෙන්ම පළමුව සමාව අයදිය යුතුය.

දහසකුත් එකක් ප්‍රශ්න මැද සිත් මහත් කලකිරීමෙන් පසුවෙද්දි යන්තම් හො සිත සනසාගන්න මම අනුගනමය කරන්නෙහ් මේ පුන්චි මල කැකුළ දිහා බලන එකයි. ඉස්සර කොල්ල තමයි හැමදේම උනෙහ්. ඒත් දැන් එයා ටිකක් ලොකුයි (හිටියට වඩා). කොල්ලගේ ඇත්ත නම තේජාන් උනත් අපි ආදරේට කිව්වේ චන්කු කියල. ඒ වගේම කෙල්ලටත් හුරතල නමක් දැම්මා කින්කි කියලා...එයාගේ ඇත්ත නම තිමාලි.

ජීවිතය ගැන අල්පමාත්‍රයක හැගීමක් නොතිබුනත් මේ පුන්චි පටවු අපේ ජීවිතයට ලොකු සැනසීමක් ගේනවා... වෙලාවකට හිනාවෙනවා...අන්ඩනවා... තරහ ගිහින් බුම්මාගෙන ඉන්න වෙලාවලුත් නැතුවම නොවෙයි....

WhatsApp Image 2022-06-18 at 3.13.37 PM.jpeg

WhatsApp Image 2022-06-18 at 3.13.37 PM (1).jpeg

මේ පින්තූර දෙකත් අහම්බෙන් ගත්ත ඒවා... මුල්ම ෆොටො එක ගහද්දි ටිකක් අඩම්බරයෙන් වගෙන් බලන් ඉන්නේ වෙන දේ ගැන හරි දැනීමක් නැති නිසා වෙන්න ඔනි. හැබැයි ඊලග ටික ගහද්දි පොඩි හිනාවක් දැම්මා... මම හිතන්නේ එයට තෙරිලා වගෙයි...
කෙල්ලෙක් උනාම කොහොමත් අඩම්බරෙන් එපැයි ඉන්න.... ඒත් ඉතින් පිරිසිදු සිතින් හිනා වෙන්නත් ඔනි.

කෙල්ලො කොල්ලො ගැන කතාකරද්දි මට මතක් උනෙහ්... මගෙයි වයිෆ්ගෙයි පවුල් දෙක ගැන...අපේ පවුලෙහ් කොල්ලොම හතරක්...වයිෆ්ලගේ කෙල්ලො තුනක්...ඉතින් වයිෆ්ගෙ පැත්ත කැමති කොල්ලොන්ට.... අපේ පැත්ත කෙල්ලොන්ට...මේවත් හරි ප්‍රශ්න ඉතින් ජීවත් වෙන්න ගියහම....කොහොමින් කොහොම හරි කොල්ලොකුයි කෙල්ලෙකුයි හදාගත්තා... දැන් කාටත් ප්‍රශ්න නැහැ...කැමති විදියට හුරතල් කරන්න පුළුවන්...

ඊලග කාරණය තමයි ළමයි හැදුවා වගෙයි නෙවෙයි...අපි එයාලගේ අනාගතය සුරක්ෂිත කරන්න ඔනි. වගකියයුතු දෙමවුපියන් වශයෙන්...එයාලට උගන්නනවා වගේම සමාජය ගැනත් හරියාකාර දැනුමක අප ලබාදිය යුතුයි... අහ්හ් තව එයාල වෙනුවෙන් ඉතුරුකරන්නත් අමතක නොකරන්න ඔනි...

රට ගමන් කරන ආකාරයට ඔවුන් රැක බලාගැනීම ඉතාමත් අමාරු කර්තව්‍යක් වන එක ගැන නම් සැකයක් නැති උනත්, ළමයින් වෙනුවෙන් කරන කැපකිරීම් දෙගුන තෙගුන කලයුතුව ඇත.

අප රටේ වෙසෙන අනාගත පරම්පරාව ගැන ඇත්තේ මහත් දුකකි...ඔවුන්ගේ වසන්තය සොරාගෙන ඇත....දශමයක් වත් ඉතුරු නොකර... වක්‍රාකාරව හො අපද ඒ සදහා සහසහභාගී වී ඇත්නම් සමාවන සේක්වා...

ඇත්තටම ඔබට සුභ අනාගතයක් තිබුනි...
නමුදු එය සොරාගෙන ඇත...

Sort:  

ඔව් අනාගත පරපුරට ලස්සන අනාගතයක් උරුම වෙන්න තිබුණා. ඒත් ඒක හොරකම් කලා. ප්‍රාතිහාරයකට මිස මේ තත්ත්වය කවදා වෙනස් කරන්න පුළුවන් වෙයිද කියන දේට උත්තර පේන මානෙක වත් නෑ. මොකද රටම කරදරේ වැටිලා ඉන්න වෙලේ තෙල් පෝලිම් වල පෝලින් පනින, ලමයිව දූශනය කරන , හොර දේශපාලුවන්ගේ සල්ලි වලට ඇබරෙන මිනිස්සු තාමත් ඉන්න නිසා.

මුල්ම ෆොටො එක ගහද්දි ටිකක් අඩම්බරයෙන් වගෙන් බලන් ඉන්නේ වෙන දේ ගැන හරි දැනීමක් නැති නිසා වෙන්න ඔනි.

ඒ වුණාට හරිම cute ❤️

ප්‍රාතිහාරයකට මිස මේ තත්ත්වය කවදා වෙනස් කරන්න පුළුවන් වෙයිද කියන දේට උත්තර පේන මානෙක වත් නෑ.

Sahathika eththa....

ඒ වුණාට හරිම cute ❤️

Thank you machan...

අන්තිම ටික සුබ අනාගතයක් නමුදු එය සොරාගෙන ඇත. 😐 felt it

ශෝක් නම් දෙක. චන්කු යි කින්කියි!😍

අප රටේ වෙසෙන අනාගත පරම්පරාව ගැන ඇත්තේ මහත් දුකකි...ඔවුන්ගේ වසන්තය සොරාගෙන ඇ

හැම පරම්පරාවකම! මට නම් දැන් හොඳටම මහන්සියි

Ayya mehema kiyaddi apita bandinnath baya hithenawa. Eth kathawa atta ayye ape future eka apen dannema nathuwa horakam karala. 😞

Ayya mehema kiyaddi apita bandinnath baya hithenawa.

Sadharana bayak eka...Eth ratawath ghn enna....

ඒක ඇත්ත.මින් ඉහත කාටවත් නොතිබුණු ප්‍රශ්න ගණනාවක් ඊලඟ පරපුරට උරුම වීම දුකක්.

Shakthimath parapurak bihiwei kiyana eka witharai positive thiyenneh...

රට යන විදියට ඇත්තටම පොඩි දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි. හැම අතින් ම රට පිරිහිලා. කොටසක් සල්ලි වෙනුවෙන් රට විනාස කරද්දී තව කොටසක් තමන්ගේ නොහික්මුනු හැගීම් වෙනුවෙන් දරුවන් විනාස කරනවා. පුලුවන් උපරිමෙන් දරුවන්ව බලා ගමු.

තිමාලි කියන නම හරිම ලස්සනයි. අහල නැති නමක්.💓

Thank you teacher......

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60497.39
ETH 2637.52
USDT 1.00
SBD 2.56