පන අදින රටට හුස්ම දෙමු

brek.jpg

කොහොමද යාලුවනේ. ඔයාල ඔක්කොම හොදින් ඇති කියලා හිතනවා. මේ දවස් වල ශ්‍රී ලාංකික සියලු දෙනාටම රටේ වාතාවරනය තරම් සුබ නෑ. මොකද අපේ ආර්ථික ගොඩක් පහලට වැටිලා තියෙන නිසා. මට කවි කිහිපයක් ලියන්න හිතුනා. මෙන්න මේ විදිහට තමයි ආර්ථිකය ගැන මට දැනෙන දේවල් අකුරු උනේ. එන්න. රසවිඳිමු.

බොරතෙල් හිඟයි විදුලිය රත්තරන් වෙලා
ඩොලර් හොයන්නට බුද්ධිය යාය ගලා
හදවත හිර වෙලා ලොකු ලොකු ධමනි තලා
ආර්ථිකය ටික දොහකට කලින් මළා

පෙරදිග ධාන්‍යාගාරය වෙලා හිටී
අපි දැන් ලොවේ ඉස්සරටත් වැඩිය මිටී
ලැබිලා බලය හොඳ හැටි රත් වෙද්දි තැටී
ආ ගිය එවුන් පුච්චා ගත්තෝය රොටී

වටපිට සෑම තැන මඩ කඩ ගලලා ය
සහජීවනය සාමය දෙක තැලිලා ය
වරදක් වුණොත් ලොකු උන් එය වළලා ය
නිල් කොළ පාට සිරිලකට ම කෙලලා ය

ගිජු ලිහිණියකු බලයට කෑදර චීනේ
කන්නට වුණා බඩගින්නට ඒ දානේ
බැන බැන ඉඳීමත් කිසිදා ඵල නෑනේ
වැටුණු වලෙන්මයි ගොඩ එන්නට ඕනේ

වලිගෙන් මුහුද ඉස්සලු ආලෙට ලේනී
බැරි නෑ අපිිට පුළුවන් විරියයි ඕනී
බෝලය අතින් අත යවමින් බොරු පානී
නොදමා වරෙව්, රැකගමු සිරිලක් මෑණී

පසුගිය කාල පරාසය තුළ මේ ආර්ථික අර්බුදයට විවිධ හේතුන් බලපෑවා. දැන් ඉතිං ඒ දේවල් වල හරි වැරදි හොය හොයා පසුතැවිල්ලා වැඩක් නෑ. අපි තනි තනි පුද්ගලයා වශයෙන් ස්ථාවර වෙන්න උත්සහ කරමු. එතකොට සමස්ත ශ්‍රී සමස්ත ශ්‍රී ලංකාවම ශක්තිමත් වේවි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පලක් නැති නමුත් අපි කෙසේ හෝ අශ්වයා හොයමු. නැවත ඒ වැරද්දට ඉඩ නොදෙමු. සුබදවසක් යාලුවනේ.

ස්තූතියි!!!

Sort:  

@tron-fan-club Thank you for your valuable vote.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 62164.65
ETH 2439.44
USDT 1.00
SBD 2.67