දෙතොළඟ පවස නිවූ අම්මේ...!

in Steem Sri Lanka11 months ago

නින්ද යන්න ඔන්න මෙන්න තියලා එහා කාමරෙන් හුරු පුරුදු සංගීත නාදයක් ඇහෙනවා. මගේ නින්ද බිඳෙනවා. සියුම් වේදනාවක් මගෙ හිත ඇතුළෙන් ගලාගෙන යනවා.

SAVE_20230911_122244.jpg
Source

බැමිණිතියා මහා සායේ..
මහ වැව් දිය කිරි වැරුදා
මහලු හදවත හඬන සුසුමින්
කෑදැති දරුවන් දෙතොළඟ පහස නිවූ අම්මා..! දිවුල්ගනේ මහත්මයගෙ ලයාන්විත හඬින් මේ වචන ටික ගලාගෙන යනවා

දරුවන්ට කන්න දෙන්න පිටි ගුලියක් හොයන් එන්න හැතැප්ම ගාණක් ඇවිදලා මැරෙන්න ඔන්න මෙන්න වගේ ගෙදරට පය තිබ්බ උපුල් ශාන්ත සන්නස්ගලගෙ "අම්මා" පොතේ කිසිදාක අමතක කරගන්න බැරි අම්මව මතක් වෙනවා. මං ආයෙ කිසිම දවසක ඒ අම්මව නම් කියවන්නෙ නෑ. මතක් වෙද්දි හිත රිදෙන ඒ අම්මව හැම ගීතයකම, කතාවකම ඉන්න අම්මලගෙන් මට පේනවා.

IMG_20230911_120847.jpg
Source

මේ ගීතයේ කියන්නෙ ඉස්සර තිබුණ බොහොම දරුණු සාගතයකදීත් (බැමිනිණිතියා සාගතය) තමන්ගෙ දරුවන්ව බඩගින්නෙ නොතියා ඉන්න සටන් කරපු අම්මෙක්ගෙ විශාල ආදරය ගැන.

මීතෙල් පහනකට ආදරේ පුරවලා මුලු රෑම හදවත අවදියෙන් තියාගෙන දුරුතු හීතලත් දරාගෙන හේන රැකපු අම්මගෙ ආදරේ ගැන!

ඔක්කෝම දුක් ටික මැඩුවන් කන්දක් වගේ විශාල හදවත අස්සෙ හංගලා, එක බතකට වී ඇට හොයන්න මුලු යායකම කමත සුද්ද කරපු අම්මගෙ ආදරේ ගැන..!

අම්ම ගැන ඇති තරම් සිංදු මම අහලා තියෙනවා. කවි කියවලා තියෙනවා. ඒත් ජනිත් විතාරණගේ ගෙ අම්මා බලන්නට ගියෙමි කවි පන්තියයි, මේ සිංදුවයි තරම් මගෙ හිත සසල කරපු, රිද්දපු කවියක් හෝ ගීතයක් මට තාම මුණගැහිලා නෑ. මේ ලෝකෙ හැම අම්මා කෙනෙක්ම හොඳ අම්මා කෙනෙක් නෙමෙයි. ඒත් හැම හොඳ කෙනෙක්ගෙම සටන් ඉතාම දුශ්කරයි කියලා මට හිතෙනවා.

පැල් නොරැක්කට, හේන් කෙටුවෙ නැති වුණාට තමන්ගෙ දරුවන්ව මේ ලෝකෙට ගෙනාව වගකීම අරගෙන ඒ දරුවන්ට යහපත් ලෝකයක් හදලා දෙන්න සටන් කරන හැම අම්මා කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වෙන්න ඕනෙ!

Sort:  

amma kenek kiyanne lesi charithayak newei.. kochchara dukak widinawada

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.028
BTC 59887.64
ETH 2670.13
USDT 1.00
SBD 2.47