සන්තෝශ මූද ළඟ දූපතේ ජීවීතේ
සමහරක් දවසට කල්පනා වෙනවා මීට අවුරුද්දකට කලින් වුණත් තිබුණ ජීවිතේ කොච්චර ඉස්තරම් ජීවිතයක් ද කියලා. බඩු මිල, බස් ගාස්තු, ඇඳුම් මිල ඔක්කෝම මීට දෙගුණයකට, තුන් ගුණයකට අඩුවෙන් තිබුණ කාලෙ. ඉස්සරත් මිනිස්සුන්ගෙ බර වුණ විඩාපත් මූණු දකිනකොට හරි බරයි. ඒත් දැන් ඒක ඊට වඩා බරයි.
මට ඕනෙ නැති වුණත් විඩාබර මූණක් තියන් පාරෙ මොනව හරි විකුණන ආච්චි අම්ම කෙනෙක්ගෙන් සීයා කෙනෙක් ගෙන් නැත්නම් කාගෙන්ම හරි බඩු ගත්තා ඒ කාලෙ නම්. හැබැයි දැන් ඒක එහෙම කරන්න කලින් මට ආයෙ පාරක් හිතන්න වෙනවා. දැන් පාරෙ යනකොට වැඩිපුර වටපිට බලන්නෙ නෑ. දුක හිතෙන දේවල් කියවන්නෙත් නෑ. කියෙව්වා කියලා දැන් මට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවද කියලත් හිතෙනවා.
හොස්පිට්ල් වල තත්වෙ හරිම දුකයි. අතවශ්ය නොවන වන සර්ජරි කියලා ජාතියක් මේ ලෝකෙ තියෙන්න විදියක් නෑ. සරලම උදාහරණයකින් කිව්වොත් අතක චූටිම ඇඟිල්ලෙ අන්තිම පුරුක ඇතුළින් බිඳිලා ගියත් ඒ කෙනා වේදනාවට අමතරව තව ගොඩක් දේවල් අයිති කරගන්නවා. හැබැයි එයා මැරෙන්නෙ නෑ. එළියෙන් ගේන්න ගේන්න කියලා කියන දේවල්, ඒවල මිල සහ මිනිස්සුන්ගෙ මූණු දැක්කම සහ ඒව මතක් වෙනකොට හිතට හරිම අමාරුයි. කොහොම වුණත් ඒක තමයි මේ අපි ජීවත් වෙන රට. මේක ලිව්වෙ පීඩනේ ගොඩාක් දැනුණ වෙලාවක.
ඒ දූපතේ
සන්තෝශ මූද යට
උසම රළකින් බැස්සාට පසුව
මම (අපි) ආයෙමත් ඉන්නේ
මේ මහ පොළොව උඩයි..!
ආදරේ බෙද බෙදා
හොය හොයා දුවන
මිනිසුන් අතර
තවත් එක් කුඩා මිනිසෙකු
ලෙසයි!
සමහරක් විට කාටත්ම හොරෙන්ම
Anxiety බෙහෙත් පෙත්තක්
ගිල දමා
ඒක කොයි හැටි වෙතත්
හෙට උදෙන් අවදිවී යා යුතුයි බරට හිතනා
මිනිසුන් මිලියනයෙන් එකක් ලෙසයි..!
මඟ තොටේ හමුවනා
අලු පාට මූණු මඟහැර
තමාගෙන් සැඟවෙන
වැරදිකාර මිනිසුන්
දහස අතරින් තවත්
මිනිසෙකු ලෙසයි!
මේ දූපතේ ගොඩක් හදවත්
පය තියන්නේ
මං හිතන විදියට
ඒ රිද්මෙටම තමයි..!
ලස්සන නිසැදෙසක්, මමත් ආශයි කවි ලියන්න. ඒත් දක්ෂ නෑ ඒ වැඩේට.
බොහොම ස්තූතියි!❤
E wage welawaka liyana dewal walan wachane athule godak dewal thiyanawa
❤
හිත හිතා හැදෙන තුරු
අපිට හොද හෙටක්..
රවටගමි මම මාව
නොවෙන බව දැනත්...
සුන්දරින් පිරුනු දිවයිනක
බිහි වුනත්...
කරුමයක් ගෙවන්නෙමු
කදුලු හිර කරන්....🙂
😑🥺