විකී!
ලියන්න දෙයක් හිත හිත ඉන්නකොට මට මතක් වුණා විකීව! එයා මං නැවතිලා ඉන්න බෝඩිමේ නංගිගෙ යාලුවා. එයාට අවුරුදු විස්සයි. දැක්ක ගමන් හිතෙන මුල්ම දේ තමයි ශා! එයා කොච්චර ලස්සනද? විකීව මං පළවෙනි පාරට දකින්න කලින්ම මං දැනන් හිටියා එයා හරිම ලස්සනයි කියලා. නංගියි බෝඩිමේ ආන්ටියි දෙන්නම මට එයා ගැන කියලා තිබුණා.
ඉතින් ඇයි එයාලා එයාලගේ යාලුවෙක් ගැන මාත් එක්ක කියන්නෙ? ආන්ටි එයා ගැන කියවනවා නෙමෙයි විස්සෝප වෙනවා! නංගි අඬනවා. හේතුව විකී කියන්නෙ transgender කෙනෙක්. එයා ලස්සන ගෑණු ළමයෙක්. හැබැයි එයාට ඕනෙ පිරිමි ළමයෙක් වෙන්න. බෝඩිමේ ආන්ටිට ඒ කාරණෙ තේරුම් ගන්න බෑ. අච්චර ලස්සන ගෑනු ළමයෙක් මොකටද එහෙම වෙන්න හදන්නෙ? එයාගෙ අම්මට කොච්චට දුක ඇත්ද? එයා අම්මෙක් වගේ හිතන්නෙ එහෙමයි. ඒ අතරෙ බෝඩිමේ නංගිටත් හිතෙන්නෙ විකීව කොහොමහරි වෙනස් කරගන් ඕනෙ කියලා.
විකී ඒකට ලස්සන උත්තරයක් දීලා තිබුණා. මං අවුරුදු දහ අටක් වෙනකම්ම මං අකමැති ජීවිතයක් ගෙව්වා. අකමැති විදියට ඇන්දා. ඒ වුණාට මට තව එහෙම ඉන්න බෑ. මේක මං කැමති ජීවිතේ. ඉතින් මං මොකද කරන්නෙ? මේක තමයි මගේ සතුට!
ආන්ටි ඕක නිතරම කියවනවා බලන් ඉන්න බැරි තැන මං කිව්වා ඒක එයා කැමති ජීවිතේනෙ. එයාට එයා වෙන් නැති වෙන කෙනෙක් වෙන්න බල කරනකොට තමයි එයාට දුක කියලා. එයාව පිළිගන්න කියලා!
විකීව දැක්කට පස්සෙ මට මුලින්ම මතක් වුණේ මායා ෆිල්ම් එක නෙමෙයි. මං ඊට පස්සෙ බැලුව මලයාලම් මූවි එකක්. ඒකෙ නම දැන් මතක් වෙන් නෑ. ඒත් එකෙ තියෙනවා මේ වගේ දෙබසක්. ඒකෙ ඉන්නෙත් පිරිමි කෙනෙක් වෙන්න හීන දකින කෙල්ලෙක්.
"මිනිස්සු තමන් අකමැති ඇඳුමක් වත් අඳින් නෑ. ඒත් මම මම අකමැති ඇඟක් එක්ක අවුරුදු ගාණක් ජීවත් වුණා"
එහෙම කියලා එයා හයියෙන් කෑ ගහලා අඬනවා. චිත්‍රපටයෙ අවසානෙ ලස්සනයි. ඒ පණිවිඩය ගැඹුරුයි.
විකීව මට නිතරම මුණගැහෙනවා. ඒ එයා මෙහේ යන එන හින්දා. මං හරි කැමතියි එයාගෙ ස්ටයිල් එකට. අඳින විදියට! එයා පෙන්නන ආත්ම විශ්වාසෙට. කවුරු මොනවා කිව්වත් එයා එයා විදියටම සතුටින් ඉන්න එකට! ඊට එහා වෙන මොන ලස්සනක්ද?
කොට කොණ්ඩයක් තියෙන, කොණ්ඩෙ දුඹුරු පාටින් ටින්ට් කරපු, ඒ කොණ්ඩෙ අල්ලලා උඩට බැඳන් ඉන්න, කලිසමයි, ටී ශර්ට් එකයි අඳින පර්ෆෙක්ට් ලස්සනක් තියෙන කොලු කෙල්ලෙක්ව මවාගන්න!
satuta mona wage wenna onada kiyala api wena ayata kiyanwata wada thamange satuta mokakda kiyala danne thamn witarai
මිනිස්සු තමන් කැමති විදියට ජීවත්වෙන එක තමයි මිනිස්සූන්ට තියෙන ලොකුම සතුට. සමාජෙට පේන්න ජීවත් වෙන්න ගිහිල්ල තමයි ඒ සතුට නැති කරගන්නෙ අවාසනාවට මිනිස්සු කරන්නෙත් ඒකමයි හැබැයි
දැන් ඉන්න මිනිස්සු බලන්නේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න නෙවෙයි. එයාලා බලන්නේ සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න.