විසි හත් වෙනි එපියට පස්සෙ..!
මේ කියන්න යන කතාව තියෙන්නෙත් කොළඹ..!
කොඩි ගහ යට කියන්නෙ ජගත් මනුවර්ණගෙ අද්යක්ශණයෙන් හැඩ වුණ ලස්සන Sri Lankan tele drama එකක්. ඒකට වැටිල තිබුණ ලස්සන comments සහ reviews නිසා මං හිතුවා මේක බලන්න ඕනෙ කියලා. ඉතින් අද මම මේක ලියන්න හිතුවෙ 27 වෙනි එපිසෝඩ් එකත් බලලා ඉවර වුණාට පස්සෙ. ඒක තාමත් ITN එකේ සති අන්තෙදි විකාශනය වෙමින් පවතින ටෙලි නාට්‍යයක්.
දිල්හානි අශෝකමාලා මම කවදත් ආස කරපු නිළියක්. ඉතින් එයා මේ කතාවෙ වත්තක ජීවත් වෙන දරුවො දෙන්නෙක් ඉන්න අම්මගෙ චරිතය ලස්සනටම කරනවා. එහෙමත් රඟපෑමක් කියලා හිතෙනවා. ශේවියර් කණිශ්ක මෑතකදි කලාවට එකතු වුණ ඒත් විවිධ ටෙලි නාට්‍ය හරහා ඉක්මනින්ම ප්‍රේක්ශක ආදරය දිනා ගත්ත නලුවෙක්. කාලයක් මගෙ crush එකකුත් එක්ක. දැන් නම් එහෙම නෑ ඉතින්. මගෙ crush සතියෙන් දෙකින් කොහොමත් ඉවර වෙනවා. ඉතින් එයත් මේකෙදි නියමටම එයාගෙ වැඩේ කරනවා.
ඒ දෙන්නව විශේශයෙන් සඳහන් කළේ favourations මත. ඊට අමතරව නදීශා හේමමාලි, ජගත් මනුවර්ණ, රන්දික, තරින්දි ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමම තම තමන්ගෙ චරිත වලට උපරිම සාධාරණය කරනවා. නිකමට කමෙන්ට් section එක පැත්තට ගිහින් බැලුවොතින් මේ නාට්‍ය වඩා හොඳ fan base එකක් හැදිලා තියෙන බව පේනවා.
කොළඹ වතු ජීවිතය, පාතාල වැඩ, හිර ගෙදර මොනවද වෙන්නෙ, හොරකම්, මැරකම් අස්සෙන් ගලාගෙන යන මනුශ්‍ය සම්බන්ධතා වල ස්වභාවය වගේම ඈත ගම්වල ජීවිතය, රටේ තරුණ ජීවිත වල ඉරණම වගේ ගොඩාක් දේ එකම කතාවක් ඇතුළෙ තියෙනවා. සමහර විට ඒ කතාව මේ රටේ ගොඩ දෙනෙකුගෙ කතාව වෙන්න පුලුවන්. ආදරේදි මෝඩ වෙන උගත් ගෑණු ළමයි, වත්තක උනත්, ගමේ උනත් කොහෙ උන්නත් අම්මලගෙ තාත්තලගෙ ආදරේ ගැනත් මේ කතාවෙ කියවෙනවා.
ලංකාවෙ හොඳ tele dramas අඩු වුණත් කොඩි ගහ යට හොඳ නිර්මාණයක් කියලා recommend කරන්න පුලුවන්. ඒ චරිත නිරූපණයෙ තාත්විකත්වය, තිර පිටපත සහ අනෙකුත් මට පැහැදිලිව කියන්න බැරි දේ පවා මට දැනෙන විදියට ඉතාම හොඳ මට්ටමක තියෙනවා. වෙලාවක් තිබුණොත් you tube එකෙන් හොයාගෙන බලන්නකො..! මං කියනවට වඩා බලන එක රස වෙයි.
ගිහින් එන්නම්!
Hi, @prasadi,
Thank you for your contribution to the Steem ecosystem.
Your post was picked for curation by @randula.
Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP
මේකයි BIO එකයි තමයි බලන කතා දෙක, දෙකම මාර ආසාවෙන් බලන්නෙ 😌❤️
BIO නම් බලලා නෑ. දැකලා තියෙනවා. බලන්න ඕනෙ💜️