මෙදා සැරේ අපිටත් නත්තල්
නත්තල කියන්නෙ මං දැකලා තියෙන වර්ණවත්ම ලස්සනම ආගමික උත්සවයක්.
මම නැවතිලා ඉන්න බෝඩිමේ අය කිතුනුවන්. ඒ අය නත්තල් සමරන අය. ඉතින් මං මේ කියන්න හදන්නෙ අපි ඔක්කෝම එකතු වෙලා මෙදා සැරේ නත්තල් සැමරුවා කියලා එහෙම නෙමෙයි. එහෙම වුණේ නෑ. අපි එක්සෑම් කලබලේ. එයාලත් එයාලගෙ පෞද්ගලික දෙයක් වෙනුවෙන් හොඳටම මහන්සි වෙනවා මේ දවස් වල. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට කලබලෙන් අටවපු ලස්සන නත්තල් ගහක් එක්ක නත්තල දවසෙ ඉන්න ලැබුණා. ඒක හරි ලස්සන අත්දැකීමක්.
මං බයිබලය වත් ඒ සම්බන්ධ පොත් වත් කියවලා නෑ. හැබැයි ජේසුතුමා ලෝකෙට දීලා පණිවිඩ වලට මම ආදරෙයි. සාමය පතුරවන්න, ආදරය බෙදන්න, ප්‍රේමය අහුලගන්න, සමාව දෙන්න ඔය වගේ ලස්සන දේවල් ඒකෙ තියෙනවා. හැබැයි මං හිතන්නෙ නෑ නත්තල වෙනුවෙන් සතුටු වෙන්න කියලා සත්තු මරන්න වගේ දේවල් ඒ දහමෙ තියෙනවා කියලා.
මෙන්න මේ උඩින් තියෙන නත්තල් ගහ දිලිසි දිලිසි ඉන්නවා පේන හැම වෙලාවෙම මට මතක් වෙන දෙයක් තියෙනවා. ඔයාලා OL වලට ඉංග්‍රීසි සාහිත්‍ය කළා නම් ගොඩක් වෙලාවට ඔයාලා Mr පන්වෙලා ව දැනගෙන ඉන්න ඉඩ තියෙනවා. ඒක හරිම ලස්සන වාක්‍යයක්. මට ඒක ඒ විදියටම මතක නෑ. හැබැයි එයා එයාගෙ ආගමට අදාළ නොවෙන උත්සවයක් සමරන දවසක අර පොඩි කොල්ලා හරී එයාගෙන් අහනවා ඇයි කියලා
ඒකට පන්වෙලා මහත්තයා දෙන උත්තරේ අදහස මේකයි.
මොන ආගමකට ජාතියකට අයිති කියලා බෙදාගත්තත් මේ කරන්නෙ සැමරීමක්. අයිති කරගන්න එක. ඉතින් ළමයෝ ඇයි අපි ඒක සමරන්නෙ නැතුව ඉන්නෙ??
මේ ලෝකෙට සාමය පතුරන්නන් වඩ වඩාත් ඕනෙ කරන බව ජේසුතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. බුදුහාමුදුරුවො ක්‍රියාවෙන් පෙන්නුවෙ සාමය සතුට පතුරන්නෙක් වෙන ගමන් තමන් නිවෙන ක්‍රමය කියලා මට හිතෙනවා. වෙසක් එකට වුණත්, නත්තලට වුණත් තියෙන මේ සැරසිලි ගොඩට උඩින් අන්න ඒක තියෙන් ඕනෙ කියලා මට හිතෙනවා.
සාමය, සතුට ආදරය, දෙන සහ ලැබෙන සුබ නත්තලක් වේවා!
සමරන්න මතක තියාගන්න!
මට හිතෙන දේ තමා ලෝකේ ආගම් කීයක් තිබුනත් ඒ ඔක්කොගෙම ඉන්නෙ එකම සාස්තෲ කෙනෙක් කියන එක වෙනස අපි බුදුහාමුදුරුවො කියන්වා, අනික් අය ජේසුස් වහන්සේ කියනව, අල්ලා දෙවියෝ කියන්වා ඒකාලේ මිනිස්සු තේරුම් ගත්තු විදියට ඒ ඒ රටවලට ආගම් වර්ග විදියට බෙදිලා ගියා. වෙනස තමා උන් ආගම ආගමක් විදියට අදහන එකයි අපි ආගමත් එක්ක සංස්කෘතියක් හදාගෙන ඒක ඔලුවේ තියාගෙන පල් වෙන ජාතියක් වුන එකයි.
Hema agamaka wagema philosophy eka mekai api eka eka nam qwwata.