කටුසු මිනිස්සු 🌿🦎🦎🦎🦎

in Steem Sri Lanka2 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද ඉතින්.හැමෝම හොදින් ඇති කියල මම හිතනවා. අපේ වත්තට ආපු කටුස්සෙක් මම දැක්කා. ඉතින් ඒ ගැන පොඩි අදහසක් ඔයාලත් එක්ක බෙදාගන්න මම හිතුවා. සාමාන්‍යෙන් අපි අපේ සමාජයේ කටුස්සා කියන්නෙ කාටද? තමන්ගේ වාසියට හැරෙන කෙනාට නේද. මේ දවස් වල දුප්පත්ම මිනිසාට වගේම සමාජයේ තරමක් වත් පොහොසත්කමක් තියන මිනිස්සුන්ටත් ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නෙ දැන්.ඒ නිසාම තමා හැමෝම එකතු වෙලා අරගලයක් පටන් ගත්තෙ.ඇත්තටම මේ අරගලයේ ඇත්තම අයිතිකරුවන් කවුද? සාමාන්‍ය ජනතාව නොවේද? ඉතාමත් අමාරුවෙන් බොහෝ බාධක මැද මේ අරගලය මිනිස්සු කරගෙන ආවා.

එක්තරා කාලෙකදි මේ අරගලයට හැමෝම කැමති උනා.නමුත් ආයෙම ගෑස්,තෙල් ටිකක් හම්බුනාම අරගලකරුවන්ට ගොඩක් අය දොස් නැගුවා. නමුත් ආයෙම දැන් අරගලය සමග හැමෝම එකතුවෙලා.අපි තරුනයින් වශයෙන් අපේ වටිනාම කාලය මහමගට දිය කරනවා. ඒක නැතිකරන්නයි මේ හැමදේම කරන්නෙ.
නමුත් විටින් විට සාමාන්‍ය ජනතාවට ඇතිවෙන ලොකුම ප්‍රශ්නය තමයි එක එක දේශපාලන පක්ශ ඇවිත් මේ අරගලය තමාගෙ යැයි වෙන්කරගැනීමට යාම. එය නැතිවෙනතුරු මේ දෙය නැතිවෙන්නේ නැත. මෙතෙක් කල් අපෙන් විටින් විට කොල්ල කෑ පක්ශ අපට ආදරයට උදව් කරනවා වෙන්නට බැරිය. මේ දවස් ටිකේම අමුතු චරිත මතුවී ඇත.😂 ඇතැමුන් යකඩ ගැහැනිය ආදී නම් වලින්ද සමහරුන් අමතයි. මට එතරම්ම වයසක් නැතිඋනත් මට පහුගිය අවුරුදු 10පිලිබද හොද මතකයක් ඇත. ඔවුන් කල කී දේ මතකයේ හොදටම ඇත. අරගලයේ මෙතෙක් කල් ගිනි අව්වේ,මහ වැසි මැද අරගල කල අපේ ශ්‍රේශ්ට කාන්තාවන් නොවේද යකඩ ගැහැනියන් වනුයේ. අප වෙනුවෙන් දවස් ගනන් පෝලිම් වල ඉද,කෙසේ හෝ අපේ කුස පුරවන අපේම අම්මලා,අක්කලා නොවේද යකඩ ගැහැනුන් වන්නේ. ඔවුන්ට ඇති වටිනාකම කොහේවත් ඉදන් එකවර මාද්‍ය සංදර්ශන දමනා අයට ලබාදෙන්නේ ඇයි. ඔවුන්ම මුදල් ගෙවා ඔවුන්ගේ ප්‍රචාරන වැඩ කටයුතු කරගනියි.ඇයි අප ඒවාට අසුවිය යුතු වන්නේ ? අප තවත් අසුවිය යුතු නැත. මේ අරගලය කෙසේ හෝ අප ජයගමු. නමුත් පෙර කී චරිතද අපි අතුගා දමමු. මක් නිසාද යත් මේ අපගේ අරගලයයි.

අපි කෙසේ හෝ මේ අවසන් සටනින් ජයගමු. ඔබලාගේ අදහසුත් මට කියන්න.
ඇත්තටම මට කටුස්සා ගැන කියනවාට වඩා මේ දෙයයි කියන්න ඕනි උනේ. කටුස්සා කියන අහිංසක සතා ඔවුන්ගේ ආරක්ශාවටයි තමන්ගේ වර්ණය වෙනස් කරගන්නෙ. ඔවුන්ගෙන් පරිසරයට කිසිම කරදරයක් නැත. කටුස්සා කියන්නෙ පොඩි ඩයිනසෝරයො කියලත් පොඩිකාලෙ හිතල තියනවා මමනං. 🙂🙂. මගේ දුරකතනයෙන් ලබාගත් චායාරූප කිහිපයක් පහලින් දාන්නම්.

20220319_093021.jpg

20220319_092800.jpg

PicsArt_07-07-03.20.39.jpg

PicsArt_07-07-03.19.34.jpg

PicsArt_03-19-11.51.41.jpg
ස්තූතියි 🙏🏻🙏🏻

Sort:  

green garden lizard kiyala kiyanne uta

නමුත් ආයෙම ගෑස්,තෙල් ටිකක් හම්බුනාම අරගලකරුවන්ට ගොඩක් අය දොස් නැගුවා.

owneda minissunta aragala karanna mathak wenne badu nathi weddi

අන්න ඒ නිසා තමා මේක මෙච්චර කල් ඇදි ඇදී තියෙන්නෙ

wadi kalayak newe masayak yaddima amathaka wenawa minissunta dewal.

ඒක තමා ලොකුම අවුල

අපූරු කතාවක්. මමත් මෙතෙක් කල් හිරුණික ගැන හිතුවේ යකඩ ගැහැණියක් ලෙස. ඒත් ඔබේ ලිපිය කියෙව්වාම ඒක කොතරම් වැරදිද කියල හිතුණා. අපේ දිරිය මව්වරු තමා නියම යකඩ ගැහැණු. ස්තුතියි ඒ දැනුවත් කිරීමට.

බොහොම ස්තූතියි මිස්

ලෝකෙන් හිඟාකාල තෙල් ගෑස් අරන් රටක් හදන්නේ කෝමද ඉතින්
තිරසාර විසදුම් නෑ තාම අරන්..

මුන් හිගාකන එකෙනුත් හොරාකනවනෙ

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68331.57
ETH 2650.11
USDT 1.00
SBD 2.69