HusH Lagoon | 10% sl-charity

in Steem Sri Lanka2 years ago

නත්තලට පසු දවස හින්දා නත්තල් බලන්නත් එක්ක අපි පාරට බැස්සා. දවල් වෙනක්න් නිදාගත්තු නිසා උදේට කෑවෙත් නෑ. අපි හැමදාම කේක් කන්න යන තැන ලගම තමා මේ
Hush lagoon එක තියෙන්නේ.

කෑම ටික ඕඩර් කරලා ඉතින් වෙනදා වගේම ෆොටො ගැහුවා. මෙතන ලස්සන තැනක් උනාට වැහිපොද වැටෙන්න ගත්තු නිසා අපි ඇතුලේ තැනකට මාරු වුනා. සාමාන්‍යයෙන් මෙතන කෑම ගොඩක් රසයි අජිනමොටෝ දාලා දෙන කෑම වගේ නෙමේ මිල සහ සර්විස් එකත් හරිම සාදාරනයී.


මට නම් වැඩිය කන්න තරම් බඩගින්නක් තිබ්නෙ නෑ දීලූ නම් ඔක්කොම ටික කෑව මොකද එයා ඩයට් කරන නිසා රෑට බඩගින්න එන්නෙ නැතිවෙන්න කියලා. මෙතනට පිටින් ඇල්කොහොල් අරන් ඇවිත් පොඩියට සෙට් වෙන්න පුලුවන් තැනක්.

ඔන්න ඉතින් එතනින් කාලා අපි ටිකවෙලාවකින් අපි එන්න පිටත් වුනා.

එතනින් පොඩ්ඩක් ඉස්සරහට යද්දී තමා මගේ ප්‍රියතම කේක් ශොප් එක තියෙන්නෙ Caravan fresh නොකා කොහොමද ඉතින් අන්දරේ කිරි කෑවා වගේ ඉතින් කොච්චර කෑවත් කේක් කෑල්ලකට ඉඩ තිබ්බා පොඩ්ඩක් විතර එතනත් නැවතිලා අපි කේක් කෑල්ලක් කෑව ඉතින්. දිලූ ඩයට් කරන නිසා කේක් කෑල්ලකුත් ඕනෙ කිව්වා එයාටත් අරන් දුන්නා. 🥹

ඉතින් ඔන්න ඔහොම තමා අපේ එදා දවස ඉවර උනේ හැබැයි කොහේ ගිහින් ආවත් රෑට බර කිරන්න අමතක කරන්නෙ නෑ එයා ඒත් ඉතින් කට්ට නම් වැඩිවෙනවා මිසක් අඩුවක් නම් නෑ මොකද තුන් වේලටම හරියන්න එක වේලක් කනවා ඩයට් කියලා 😂

Sort:  

මොකද තුන් වේලටම හරියන්න එක වේලක් කනවා ඩයට් කියලා 😂

ඔහොම තමයි කට්ටිය ඩයට් කරන්නෙ.😁

ඔව් ඔව් හවස 3ට කොත්තුවක් කාලා රෑට ඩයට් අදත් එයා 😂

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 76606.02
ETH 3048.30
USDT 1.00
SBD 2.62