කැලේ මැදින්

in Steem Sri Lanka2 years ago

20220710_182923.jpg

පහුගිය කාලේ තෙල් ප්‍රශ්නය නිසා ත්‍රීවීල් දෙකට තෙල් ගහගන්න නොලැබුණු නිසා ඒක මාසයක් විතර කිසිම ගමනක් නොගිහින් ගෙදර තිබුණෙ. ඉතින් අපේ ගමන් බිමන් ගොඩක්ම සීමා කරන්න උනා මේ හේතුව නිසා. අත්‍යවශ්‍යම ගමනක් විතරයි ගියේ. අපි සාමාන්‍යයෙන් බන්ටුයි දෝනියි බලන්න නිතරම ගියත් මේ හේතුව නිසා එයාලව බලන්න ගියේම නෑ. ඒත් එක දවසක් අපට එහෙ යන්න වුණා ඒ විශේෂ හේතුවකට.

20220710_160757.jpg

දෝණිගේයි මගේ උපන්දිනය තියෙන්නෙ එකම දවසේ. ඒ මේ මාසේ මුල් හරිය දවසක. උපන්දිනේ දවසේ රෑ එහෙ එන්න කියලා දෝනි අපට කීප පාරක්ම කිව්වත් ත්‍රීවිල් එකක් නැති නිසා රෑ වෙලා ගිහින් එන්න විදියක් තිබුනේ නෑ. ඒත් දෝනිගේ හිත රිද්දන්න බැරි නිසා අපි ඊට පස්සේ දවසේ පයින්ම එහෙට යන්න තීරණය කරා.

අපි වෙනදට යන පාරෙන් එහේ ගියොත් සාමාන්‍යයෙන් ගොඩක් දුරයි. අපේ තාත්ත දැනං හිටියා එහෙට යන ලඟ පාරක්. ඇත්තටම ඒක කුරුඳු වතු මැදින් තියෙන පාරක්. මන් නම් කලින් ඒකෙ ගිහිල්ලම නෑ.

ඉතින් ඔන්න දෝනිගේ උපන් දිනයට දිනයට පහුවෙනිදා අම්මයි මමයි තාත්තයි කැලේ මැදින් ගමන පටන් ගත්තා. අක්කට ඒ දවස් වල වැඩට යන්න මගට යන්න උනේ පයින්. එදා සෙනසුරාදා හරි ඉරිද හරි දවසක් නිසා එයා හිටියේ ගෙදර. ඒත් එයාට නිවාඩු දවසෙත් ඇවිදින්න බෑ කියලා එයා ආවෙ නෑ. මල්ලි ආවේ හරි පාරෙන් බයිසිකලේ. ඉතින් මේ ගමන ගියේ මායි අම්මයි තාත්තයි.

20220710_160308.jpg

ගමනට පැය භාගයක් භාගයක් කට ආසන්න කාලයක් ගියත් ගස් කොළන් මැදින් සීතල සුළඟ වැදි වැදී යද්දි මහන්සියක් දැනුනේ නෑ. අපි තුන්දෙනාට මෙහෙම කතා කර කර යන්න ලැබුණේ කාලෙකින් නේ. අපි ඒකේ ප්‍රයෝජනය ගත්තා. කොහොමහරි දෝණිට පොඩි තෑග්ගකුත් අරගෙන අපි ඒගොල්ලන්ගෙ ගෙදරට ගොඩ වැදුනා. දෝණි ගොඩක් ආස නිසා එයාට පොඩි සුබපැතුම් පතකුත් හදාගෙනයි ගියේ.

20220710_160821.jpg

එහේට ගිහින් අපි ටිකක් වෙලා ඉඳල කළුවර වැටීගෙන එනකොට එන්න පිටත් වුණා. එද්දී පරිසරය යද්දි ටත් වඩා වෙනස්ම ලස්සනක් තිබුනේ. අපි ගෙදරට යනවා වගේම කුරුලු රංචු එවෙලෙ ගෙවල් වලට යනවා අපි දැක්කා.

20220710_183016.jpg

පාර දිගේ අපි යද්දි මොණරු, කුරුල්ලෝ, පොඩි කෘමීන් වගේ සත්තු ගොඩක් දැක්කා. කාලෙකට පස්සේ මෙහෙම ගමනක් ගියේ. කොහොමහරි ගොඩක් රෑ වෙන්න කලින් ගෙදරට එන්න පුළුවන් වුනා වුණා පැයක් විතර ඇවිදින්න උනාට ඇඟට ලොකු මහන්සියක් දැනුනේ නෑ. හොද ව්‍යායාමයකුත් ලැබුනා ඇගට.

Sort:  

We're in this together.🌞🌄 Resteem to our profile!

Thank you

හොද ව්‍යායාමයකුත් ලැබුනා ඇගට.

dawas deka 3kata sarayak bantuge gedara yana eka hodai wage 🙊😁

oo. kettu wenna puluwan

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.028
BTC 54953.89
ETH 2913.89
USDT 1.00
SBD 2.03