Wijaya Beach

in Steem Sri Lanka2 years ago

IMG-20220717-WA0161.jpg

හැමෝම පරිස්සමෙන් ඇතිකියල හිතනව . ඉතින් රටේ තත්වය ගැන කතා නොකර ඉන්න හිතුව ටිකක්. මොකද ඒකෙන් වෙන්නෙ කියවන ඔයාලගෙයි මගෙයි දෙගොල්ලොන්ගෙම කේන්තිය ඇවිස්සෙන එක විතරක් නිසා. ඒ නිසා අද ලියන්නෙ අපි ගියපු තවත් ලස්සන තැනක් ගැන. මේ ටිකේ ගෙදර ඉන්න නිසා ගොඩක් කරන්නෙ ඇවිදින එක. වැඩිපුර ඉතින් සයිකල් එකේ තමයි. මොකද තෙලුත් නෑනෙ. ඒත් මේකනම් යන්න වුනේ බස් එකේ. අපේ institute එකේ කට්ටිය කාලෙකින් සෙට් වුනේ නැති නිසා lectures පටන් ගන්න කලින් කොහ්‍ර්‍ර්හරි යමු කියල තීරණය කරා. ගොඩක් ඔහොම ඒව යන්නෙ ඉතින් කටින් තමයි. ඒත් මේගමන යන්න කතාවුනේ කොල්ලො ටික විතරයි. හැමෝම නැති වුනත් පස් හය දෙනෙක් ශුවර් යන තත්ත්වෙ හිටිය කට්ටියටම ඕන වුනෙ මුහුදෙ නාන්න යන්න. මටත් ඉතින් දරුනු ගනයේ ඉත්තෑවෙක් ඉන්න නිසා මෙහේ ඉදන් බස් වියදමට විතරක් රු.700 විතර ගෙව්න් එහේ නාන්න යන්න ඕන වුනා.

IMG-20220717-WA0160.jpg

කොහොමහරි වැඩේට දවසකුත් දාගෙන අපි යන්න හිටියෙ කෙල්ලොන්ට කියන්නෙ නැතුව මොකෝ කෙල්ලොත් එක්ක යන්න හිට්යොිත් මේක යන්න වෙන්නෙත් නෑ අනික ඉතින් නාන්න යන නිසා කෙල්ලො එන්නෙත් නෑනෙ 🙈. කොහොමහරි අපේ රත්තරන් යාලුවෙක් ගෑනු ලමයින්ව දැනුවත් කරල තිබුන. ඉතින් කෙල්ලො දෙන්නෙකුත් අන්තිමට ගමනට එකතු වුනා. ඉතින් දුරම හිටපු මං ගාල්ලට 9 වෙද්දි ආවත් වෙලාවට වැඩ කරන යාලුවො ටික ඒ ගතිගුනයට හානියක් කරන්නැතුව 11 ට වගේ ගාල්ලට ආව. එතකන් ස්ටෑන්ඩ් එක උඩට වෙලා වෙනද වගේ මං උන්ට හිතින් බැන බැන හිටිය. කොහොමහරි කට්ටියත් සෙට් කරන් මුහුදු වෙරලට යද්දි දවල් 12.30 වගේ වෙලා. එතනනම් මාර ලස්සනයි.

IMG-20220717-WA0102.jpg

කට්ටිය කෙල්ලොත් ඉන්න නිසා මුලින් නාන්න අදිමදි කරත් අන්තිමට සෙට් එකම ආව. එතන ගහන් යන්නෙත් නෑ පොඩි ගල් බැම්මක් එහාට වෙන්න තියෙනව ඒ නිසා රැල්ල ආවත් බයවෙන්න දෙයක් නෑ ලොකුවට.

IMG-20220717-WA0070.jpg

ඉතින් කට්ටිය ආසාව සන්සිදෙනකන් මුහුදෙ නාල හතරට විතර එහෙන් ආව. කොහොමහරි සෙට් එකම ගාල්ලෙන් කාල නැවතත් නිවෙස් බලා වාර්තා කරා. ඉතින් ඒ විදියට කට්ටියත් එක්ක තවත් දවසක් ගෙවල ඉවර් කරා.

Sort:  

මොන ප්‍රශ්න තිබුණත් ප්‍රීතියෙන් කාලය ගත කරන්න. එතකොට තමා අපි නිරෝගීමත් වෙන්නේ.

ඔව් ඇත්ත ඒකනම් 🙂

Beach eke nana eka niyamai. hebei itin awwata pichchila tiyena kalu double wenawa ape

අම්මෝ ඇත්ත ඒකනම් 😂

Mona prashna tibbath awidinna yanna ona 🙊 Anika Beach ekakata gihin nala kala awama harima relaxing...

ඔව් අක්කෙ 😍

ලස්සන නිදහස් බීච් එකක්!😍❤

ඔව් මාර ලස්සනයි 😍

A very beautiful beach 😍

ඔව් අක්කෙ ඇත්තටම 😍

එක නම් ලස්සන ප්ලේස් එකක් .😍😍. මේ දවස් වල අපේ යාලුවෝ නම් අල්ල ගන්න එක ලේසි නෑ 😕

ඔව් අපෙත් එහෙම තමයි 😂

Coin Marketplace

STEEM 0.16
TRX 0.12
JST 0.027
BTC 54506.20
ETH 2881.76
USDT 1.00
SBD 2.03