රට වෙනුවෙන් ❤️
අපි වෙනද දැක්කෙ පැය තුනෙන් හතරකින් ඉවර වෙන උද්ගෝශණ හා පෙලපාලි. නමුත් මේක ඊටහාත්පසින්ම වෙනස් එකක් වුනා. මිනිස්සු දවසක් දෙකක් නෙවෙයි අද වෙනකොට අඛණ්ඩව දවස් දහයකට වැඩි ගණනක් මේ පාලන ක්රමයට එරෙහිව එකතු වෙලා ඉන්නව. ජාතිබේද ආගම්බේද කිසිම දෙයක් ඔවුන් අතර නෑ. ඒක හරිම ලස්සන දෙයක් .මේ පාලකයන් හැමදාම කරේ මිනිස්සුන් අතර ජාතිබේද ආගම්බේද ඇති කරපු එක විතරයි. ඉතින් මේ සහෝදර බැදීම ඇතිවීමම තරුණයන් විදියට අපි ලබපු ලොකු ජයග්රහනයක්. සින්හල , මුස්ලිම් , දෙමල කියල කිසි වෙනසක් නැතුව හැමෝම එකිනෙකාට උදව් කරගන්නව .
ඉතින් මිනිස්සු කිසිම පක්ශයක මැදිහත්වීමකින් තොරව රට වෙනුවෙන් සහ අපේ අයිතිවාසිකම් දිනා ගැනීමට පෙරට ඇවිල්ල තියනවා. පෞද්ගලික විශ්ව විද්යාල රජයේ විශ්ව විද්යාල කියලා වෙනසකින් තොරව එකම අරමුණක් වෙනුවෙන් අද එකට එකතු වෙලා තියෙනවා . ඉතින් NDES අපිත් ඊයෙ දවස අරගලය වෙනුවෙන් වෙනුවෙන් වෙන් කරා . කොහොමහරි අපි හැමෝගෙම බලාපොරොත්තුව රට වැටිල තියෙන තත්වයෙන් ගොඩගැනිමයි . ඒක ඉක්මනින් සිදුකිරීමට හැකි වන තෙක් ශ්ර්රීලාංකිකයන් විදියට අපි හැමෝම දෑස් දල්වා බලාගෙන ඉන්නව.
අපි පුලුවන් හැමවෙලේම එතන් හිටගන් ඕනෙ. නැත්නම් අපිට රටක් ඉතුරු වෙන් නෑ.
ඔව් අක්කෙ 😐
Essarahata monawa weida kiyala hiththa ganna ba.. aragalayata jaya!