පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

in Steem Sri Lanka2 years ago (edited)

getty_78456203_97224.jpg

source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. අද ලියන්නෙ කලින් ලියපු එකට සෘජුව සම්බන්ද නොවුනත් වක්‍රාකාරව සම්බන්ද වෙන තව දෙයක්. පොඩි පොඩි හේතු වලට ජීවිතේ නැති කරගන්න මිනිස්සු අතරේ ප්‍රශ්න දාහක් ඔලුවේ තියාගෙන ජීවත් වෙන මිනිස්සුත් මේ ලෝකෙ ඕනතරම් ඉන්නව. තාත්ත ඒකට හොදම උදාහරණයක්. මේ කාලෙ තුන්වේල කන්න විදියක් හොයාගන්න සෑහෙන්න කට්ටක් කන තාත්තල මං ඕන තරම් දැකල තියෙනව. වැඩකරපු තැන්වල රස්සා නැතිවෙලා ඒත් මොකක් හරි ගේමක් ගහල තුන්වේල පව්ලට හොයල දෙන්න තාත්තල විදින දුක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඇත්තටම තාත්ත කියන්නෙ වීරයෙක් වැඩිය කතාබහට ලක්වෙන්නෙ නැති. මොකද තාත්ත කියන්නෙ තිරය පිටපස්සෙ ඉදන් අපේ ජීවිතය ලස්සන කරන වීරයෙක්. හිතන්න මේ කාලෙ සාමාන්‍ය රස්සාවක් කරන මනුස්සයෙක් තුන්වේල ගෙදරට කන්න හොයල ඉවර උනාම ඉතුරු වැඩ වලට කොහොමද වියදම හොයන්නෙ කියල. කරන්ට් බිල් , වතුර බිල් , ලමයින්ගෙ පන්ති සල්ලි , පාසල් යන්න අවශ්‍ය පොත් සපත්තු සහ නොයෙකුත් ජාතියෙ වියදම් වලට තාත්ත මට මෙච්චර කරන්න බෑ කියල උබල ඉස්කෝලෙ , පන්ති යන්න ඕන්නෑ කියනවද මොන ගේමක් ගහල හරි තාත්ත ඒ දේ කරනව. ඒත් මං හිතන්නෑ අපි තාත්ත කෙනෙක් ව්‍ර්නකන් එයා කරන කැපකිරීම් එයාගෙ ආදරය අපිට තේරුම් ගන්න පුලුවන් කියල. මේ හා සම්බන්ද ලස්සන කවි ටිකක් දකින්න ලැබුන සමාජ මාධ්‍ය ජාලයෙන්.කවියේ රචකයා පවන් ශාමික , මාතෘකාව යෝධයාගේ සිත්තම

father-and-son-with-rain-boots-and-net-going-fishing-925289122-5c4da76bc9e77c0001380374.jpg

source
සුදු ඩ්‍රෝවින් පිටු පුරවා ලමෝ ඇදපු චිත්‍ර අතර
වේලුසුමන, දීගජන්තු කහපාටයි නන්දිමිත්‍ර
තෙල් සායම් නැවක ගිලූ ලිලිපුට්ටන් මැද ගලිවර
නම නොදන්න තවත් එකෙකි මායාබෝන්චි කෙලවර

හතරට නැමු මගෙ චිත්‍රය ටීචර් ගත් විට බලන්න
ඔලොක්කුවට හිනාවෙලා සැරසුනෙ ටොක්කක් අනින්න
පැස්ටල් ඉල්ලන්නෙ කොහොම එපා ලමුනි හිනාවෙන්න
රෑ තුන්‍යම කෙදිරිගාන වලලුකරෙන් දුක අහන්න

කුරුම්බැට්ටියක පපුවේ වැහුනේ නැති හිල වහන්න
කනාටු ගෙඩියක ඇඳුමට හති පෙති ටික කඩෙන් ගන්න
කුරුවැල් වුනු වෑවරයට හෙට දින දෑවැදි හොයන්න
ඔය එක යෝධයෙක්ට බෑ ගස් සියයක් බඩගාන්න

නිමල්ගෙ පොත හොරෙන් ඉරා ගත්තේ සුදු කොල ඇබින්ද
පාටකරේ අගුරු කැටෙන් මං ලිප්බොක්කෙක් ඇහින්ද
යෝධයින්ට කෙට්ටු පපුව දැලි අතපය ඔට්ටු නැද්ද
බුදු තාත්තෙ නුබ ඇරුනම මට වෙන යෝධයො කොයින්ද

මං මීට එහා ගොඩක් දේවල් ලියන්නෙ නෑ . මොකද මේ කවිටික ඇත්තටම ගොඩක් සංවේදීයි ඒ වගේම තාත්ත්ල මෙහෙමයි. ප්‍රශ්න වලින් පැනල යන්නෙ නෑ කොහොමහරි විසදන්න හදනව මිසක්. ඉතින් ඇත්තටම තාත්තෙක් කියන්නෙම යෝධයෙක්, වීරයෙක් කාටවත් නොපෙනෙන්න ජීවිත ලස්සන කරන්න වෙහෙසෙන.

Sort:  

ඔබ එය වටහා ගැනීම ගැන සතුටියි.

ඇත්තටම තාත්තා ගැන කියනවනම් කොච්චර දේවල් තියෙද.❤❤

 2 years ago (edited)

ලස්සනයි. පවන් ශාමික අයියගෙ පරිකල්පනය ගොඩාක් උඩින් තියෙන්නෙ. සමහර දේවල් මවන හැටි හිතාගන්නත් බෑ.

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.030
BTC 68559.31
ETH 2695.07
USDT 1.00
SBD 2.73