අපි ගෙවන ජීවිතේ

in Steem Sri Lanka7 months ago

pri_56332804.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.කාර්යබහුල දවස් කීපයක් වුණත් මේක ලියන්න වෙලාවක් වෙන් කරගන්න මට අවස්ථාව ලැබුණා.ඉතින් අපි ගෙවන ජීවිතේ ගෙවමින් ඉන්න ජීවිතේ ගැන අද ලිව්වනම් හොඳයි කියල මට හිතුණා.සමහර විට ඔබත් වයස 25-29 අතර කාල පරිච්ඡේදයක සිටිනවා නම් දැනටමත් විවිධ ප්‍රශ්නවලට හා ගොඩක් දේවල් තේරුම් ගැනීමට හැකියාව ලැබිලා ඇති.අපි පොඩි කාලෙදි ඉක්මනින් ලොකු උනානම් හරි, ලොකුවෙලා හොද ජොබ් එකක් කරල හොද තැනක්ට එනව කියල හිතුවට , ඒක හිතන තරම් ලේසි නෑ කියලා දැනටමත් ඔයාලට තේරිලා ඇති.ඉතින් අද ලියන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන.ඉතින් මම ලියන්න ගියාට්ත් වඩා හොඳට ලියපු දෙයක් මට හොයාගන්න පුළුවන් වුණා.මේකෙ කරුණක් දෙකක් වෙනස් වුණත් ගොඩක් දේවල් නම් අපේ ජීවිත වලට සමානයි.ඉතින් මේ වයස අපි හිතන තරම් සුන්දර නෑ.ඒත් ඉවසගෙන ගේමක් ගහන්න බැරිකමකුත් නෑ. ඉතින් ඔයාලත් කියවල බලන්න මේක කොච්චර සාදාරණද කියල.

වයස 25 -29 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔

ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්‍රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්‍රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි

ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්‍රමයෙන් අවබෝධ වෙමින් ඇත.

ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි..
එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි.

ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්‍රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්‍රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ.

ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්‍රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත.

එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්..

එලෙසම ඔබ දැන් දන්නවා මිත්‍රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්‍රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්‍ෂිය දැන් වටහාගෙන ඇත..

එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත..

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62260.20
ETH 2431.98
USDT 1.00
SBD 2.64