තරගාවලි ජයක්😍
ඉතින් අද ලියන්න යන්නෙ මැච් එක ගැන. තරගාවලියක් දින්නම නොලිය බෑනෙ ඉතින්.IPL හින්ද ටික කාලයක් නිදහසේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට කලින් ලැබුනු තරගාවලියක් තමයි මේ ඇෆ්ගනිස්තානය සමග තරග තුන. ලෝක කුසලානයට මුහුන දෙන කණ්ඩායම තෝරාගන්නත් මේ තරගාවලිය ලොකු චාන්ස් එකක් ඒ නිසා. අනිත් අභියෝගය තමය් කාලෙකින් සෙල්ලම් කරේ නැති සූරියවැව ක්‍රීඩාංගණයේ තමයි තරග තුනම පවත්වන්න තීරණය කරල තිබුනෙ. කොහොමහරි පලමු තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා ප්‍රබල පන්දු යවන්නන් තුන්දෙනෙක් වන මහීශ් , වනිදු සහ චමීර වෙනුවට දුශාන් හේමන්ත, මතීශ ප්තිරණ ආදේශ කරමින්. ඒකනම් තේරීම් කමිටුව ගත්ත එච්චර හොද තීරණයක් කියල මම් පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ. මොකද ඔවුන් දම්මන්න ඕන තරගයක නෙවෙයි ඔවුන් දැම්මෙ කියල හිතන්නෙ. ඒ කොහොමහරි ඒ තර්ගය පහසුවෙන් ජයගන්න ඇෆ්ගන් ක්‍රීඩකයින් සමත් වුනා.
දෙවෙනි තරගයට ශ්‍රීලංකා කණ්ඩායම පිවිසුනේ වනිදු මහීශ් සහ චමීරද සමගින්. ඉතින් මාස හතක විවේකයකින් පසු ජාත්‍යන්තර පිටියට පිවිසි චමීර හොද කම්බැක් එකක් දෙන්න මේ තරගයේදී සමත් වුනා. ඒ වගේම එක්දින තරගවල කඩුලු පිපාසයෙන් සිටි වනිදත් කඩුලු තුනක් ලබාගන්න මේ තරගයේදී සමත් වුනා. ඉතින් කොහොමහරි ඒ තරගය විශිශ්ට ජයක් ලබාගන්න ශ්‍රීලංකාව සමත්වුනේ මෙන්ඩිස්ගේ , දිමුත්ගේ සහ සදීරගේද දක්ශ පිතිකරණයද සමගිනුයි. කොහොමහරි රශීඩ් කාන් වෙනුවට IPL පිටියේ දස්කම් පෑ නූර් අහමඩ් ක්ලින් තරග දෙකේදි එතරම් දක්ශතා අතර නොසිටි නිසා ඔහු තෙවන තරගයෙන් ඉවත් කර රශීඩ් කාන් තරගයට එක් කර තිබුනා.
දෙපිලටම තීරණාත්මක තෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරා. ඔහුගේ තීරණය මදක් සිතාබලන්න කටයුතු සිද්ද කල ශ්‍රී ලංකඅ පන්දු යවන්නන් ඔවුන්ගේ මුල් පෙල පිතිකරණ බලඇණියම ලකුනු 72ක් තුල දවගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කලින් තරග දෙකේම හිසරදය්ක් වූ ඊබ්‍රහීම් මේ තරගයේදි ලබාගත්තේ ලකුනු 22ක්.පමණයි. ඒ අනුව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් සියල්ල ලකුණු 116 තුල දවාගැනීමට චමීර ප්‍රමුක ශ්‍රීලංකා පන්දු යවන්නන් සමත් වුනා. එහිදී චමීර කඩුලු හතරක් සහ වනිදු කඩුලු තුනක් දවාගන්නත් සමත් වුනා. ලකුනු 116ක ඉලක්කයක් හබායන්න පිටියට පිවිසි ශ්‍රීලංකා ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගැනීමට සමත් වුනා. පැතුම් නිස්සංක ලකුනු 51ට දැවීයද්දී පන්දුවාර දහසයක් පමණක් වැය කරමින් කඩුලු නමයක විශිශ්ට ජයක් ලබාගන්නට ශ්‍රීලංකා ක්‍රීඩකයින් සමත් වුනා. ඒ අනුව අවසන් තරග දෙකම ජයගනිමින් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමටත් ශ්‍රීලංකා ක්‍රීඩකයින් සමත් වුනා.