ආගම සහ දර්ශනය

in Steem Sri Lanka2 years ago (edited)

FB_IMG_1653205401499.jpg

සුභ දවසක් හැමෝටම. මාතෘකාව ගොඩක් ගැඹුරු උනාට ලියන්න යන්නෙ පොඩි දේවල් කිහිපයක් . මිනිස්සු ආගම ඉස්සරහට දාගෙන අද වෙනකොට කරන සමහර දේවල් ඇත්තටම හිතාගන්න බෑ . බුද්ධාගම කියන්නෙ අවිහිංසාව වපුරන දහමක් හැමෝටම තමන් කැමති දේ කරන්න තමන් කැමති විදියට ඉන්න අයිතියක් ඇති දහමක්. නමුත් ආගම අදහන මිනිස්සුත් එහෙමද කියල වෙලාවකට සැක හිතෙනව. අභිශේකා විමලවීර කියන්නෙ මං පෞද්ගලිකව ගොඩක් ආස ගායිකාවක් ඇය දවසක් මුහුණු පොතේ අමුතු සටහනක් දාල තිබුන . මුලින්ම ඒක කියල ඉන්නම් .

පන්සලට එන්නෙ දන්නෙ නැති නැට්ටිච්චියො..
ඇදුමෙ පාට!!
රෝස පාටට දිලිසි දිලිසි .. අනෙ අම්මප මුන්ගෙ අම්මල තාත්තල මැරිලද ?
කැලණිය පන්සලට ගොඩවුනු ගමන් ඇහුනෙ උපාසක අම්මලගෙ සැර වචන පොකුරක් ..
පැත්තක බුදුරුව දිහා බලාගෙන කිසිවක් නෑහුනා වගේ , ඇස් පියාගෙන වැදගෙන හිටියෙ අර රෝස පාට ගවුම ඇදන් ආපු ගෑනු ලමය ...
ඇදුමෙ පාටනම් ටිකක් සැරයි තමා.. මටත් හිතුනා .පැයකින් විතර ඇය ඇස් ඇරිය.
"ටිකක් බැනුම් ඇහුව නේද ඇයි රෝස පාට?"
මං ඇගෙන් ඇහුවෙ සංකර රෝස ගවුමෙ නැති සංවරකමක් ඇගේ ඇස් වලින් දුටු නිසා.
අනේ අභී ...
මගේ අම්මට පිලිකාවක් . තාත්තට අද පැය අටක ඔපරේශන් එකක්.
මට සුදු ඇදුම් ඕන තරම් තියෙනවා. ඒත් මේ දවස් වල මම ලා පාටට බයයි...
ඇය කිව්වා...

මේ සටහන මගෙ හිතට මාර විදියට දැනුනු එකක් . ආගමක් කොහොමද ඇදුමකට සීමා කරන්නෙ . ඇදුම මත කරන පින් පව් පදනම් වෙනවද , ඇත්ත පන්සලකට හෝ වෙනත් ආගමික ස්තානයකට යනකොට චාම් විදියට යන එක හොදයි තමයි ඒත් ඒක අනිවාර්‍ය දෙයක්ද?
හදිස්සියට පන්සලකට ගොඩවෙන්න යද්දි අද බෑ මගේ ඇදුමත් තද වැඩියි කියල කියනව මං ඕනතරම් අහල තියෙනව . මුලින්ම මීනිස්සුන්ගෙ මේ ආකල්ප වෙනස් කල යුතුයි . අනික විවිධ මිනිස්සු ඉන්න මානසික මට්ටම් අපිට තීරණය කරන්න බෑ ඒ නිසා දෙයක් කියන්න හෝ කරන්න කලින් දහස් වතාවක් සිතීම අනිවාර්‍යයි . අපි හැමෝම ජීවත් වෙන්නෙ ටික කාලයයි ඒ කාලෙ බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කරනවනම් අපිට ගොඩක් වෙනස් වෙන්න පුලුවන් ....

Sort:  

ලංකාවෙ මිනිස්සු විනය කියලා හිතන් ඉන්නෙ ඇඳුම. කොච්චර දුක හිතෙන විනාසකාරී කතාවක්ද ඒක.😥

ඔව් අක්කෙ 😐😐

me wage hithana aya ekka issarahata yanna harima amarui.

ඔව් ඒක ඇත්ත

ඕනිම දේකට තමන්ගේ හිතයි බලපාන්නේ..හිතේ භක්තිය තමයි වටින්නේ❤️

ඔව් ඒක ඇත්ත

මිනිස්සු මොකුත් හොයා බලන්නෙ නැතිව අනිත් අයව විනිශ්චය කරනවා.

ගොඩක් වෙලාවට එහෙම තමයි වෙන්නෙ

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 67315.59
ETH 2604.26
USDT 1.00
SBD 2.71