හොද මිනිස්සු ඉන්නෙ හැංගිලා

in Steem Sri Lankalast year

Nice-vs-Kind-Who-You-Choose-to-Be-ThePleasantMind.jpg
source

ඉතින් අද ලියන්නෙ ටිකක් වෙනස් කතාවක්.අපි ජීවිතේ කොච්චර හොද වැඩ කරල තියෙනවද?, ඒ වගේම අපි පොඩි හෝ ලොකු කොච්චර නරක වැඩ කරල තියෙනවද ? ඇත්තටම අපිට ඒක හිතාගන්න බෑ නේද, ඔව් අපි සෑහෙන්න හොද වැඩ කරල ඇති , ගොඩක් ඒව දැන් මතක නැතුවත් ඇති.ඒ වගේම අපේ අතින් වැරදි , නරක වැඩත් වෙලා ඇති. ඒත් ඒ වගේම ඒකෙ වැදගත්ම දේ තමයි අපි ඒ කරපු හොද හෝ නරකට ආපහු අපිටම ප්‍රතිඵල එන එක. ඒක එන්නෙ අපිට ඕන වෙලාවට නෙවෙයි. ඒත් එනව. අපි කාටහරි හොදක් කරද්දි , උදව්වක් කරද්දි ගොඩක් වෙලාවට ආපිට බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් ඒ කරන උදව්ව නිසා අපේ හිතට ලොකු සතුටක් එනව නේද, ඒකත් එක්ක ඔවුන් ඒකට කරන ස්තූතිය නිසා ඒක දෙගුන වෙනව. මිනිස්සු හොද හිතක් තියෙන අය වෙන්න ලොකු ලොකු දේවල් ඔලුවට ගන්න ඕන නෑ. අපි කරන හොද නරක අපිට ආපහු ඒ විදියටම එනව කියල හිතනවනම් ඒ හොදටම ඇති. අපිට ගොඩක් වෙලාවට හොද මිනිස්සු හම්බෙන්නෙ අහම්බෙන්. මොකද ඔවුන් ඒක ලෝකෙට පෙන්නන්න යන්නෙ නැති නිසා. ඉතින් හොද මිනිස්සු ඉන්නෙ හැංගිලා කිව්වොත් ඒක හරි. මේ කතාවත් ඒ වගේ එකක්.


එක ගමක තියෙන පාසලකට යන අවුරුදු දහයක විතර පොඩි කොලු ගැටයෙක් හිටිය. ඔහු යන්නෙ තනියම නෙවෙයි. නංගි වත් එක්කගෙන තමයි යන්නේ. ඉතින් මේ පාසලට යන්න තියෙන්නේ ලොකු කඩමණ්ඩියක් මැද්දෙන්.ඉතින් දවසක් ඔහොම යද්දි, සාමාන්‍යයෙන් නංගි අයියාගේ පස්සෙන් තමයි එන්නේ,ඒත් එදා නංගිගෙ ගමන ටිකෙන් ටික හෙමින් වෙලා, අයියා පිටිපස්ස හැරිලා බලද්දි නංගි කඩයක් ගාවට වෙලා බලාගෙන ඉන්නවා. අයියා නංගි ගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියල.නංගි කඩේට අත දික් කරල ලස්සන පොඩි බෝනික්කෙක් පෙන්නුවා.ඉතින් මේ පොඩි අයියා නංගිට බෝනික්කා අතට අරන් දීලා හරි උජාරුවෙන් කඩේ අයිතිකාරයා ගාවට ගියා.කඩේ අයිති පුද්ගලයා මේක දිහා බලාගෙන හිටියේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා.මේ පුද්ගලයත් හරිම ආදරණීය හිතක් තියෙන මිනිසෙක්.
ඉතින් මේ පොඩි අයිය සහ සාප්පුව අයිතිකාරයා අතර ලස්සන දෙබස් හුවමාරුවක් යනවා.

අයියා:මේක කීයක් වටිනවද?

සාප්පු හිමිකරුවා:ඔබට මේකට ගෙවන්න විදියක් තියෙනවද?

අයියා:ඔව් මට පුලුවන්.
ඉතින් මෙහෙම උත්තර දුන්න මේ පොඩි අයියා සාක්කුවෙන් ලස්සනම ලස්සන පොඩි සිප්පිකටු තොගයක් අරගෙන මේසෙ උඩින් තියෙනවා.

අයියා:බලන්න මේ ඇති වෙයිද කියලා?
ඉතින් සාප්පුව හිමිකරුවත් සල්ලි ගනින්න වගේ මේ සිප්පිකටු එකින් එක ගණන් කරනවා.එතනින් සිප්පිකටු දහයක් ඔහු අරගෙන මේ ඇති කියනවා. ඉතින් මේ පොඩි කොල්ලා උජාරුවෙන් ඉතුරු සිප්පිකටු ටිකක් සාක්කුවට දාගෙන, මුදලාලිට එහෙනම් අපි ගිහින් එන්නම් කියලා , නංගි වත් එක්කගෙන සාප්පුවෙන් යනවා.
ඉතින් මේක දකින සාප්පුවේ වැඩ කරන සාප්පුවේ වැඩ කරන සේවකයෙක් මුදලාලිගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා.ඒකට හරි ලස්සන උත්තරයක් මුදලාලි ලබා දෙනවා.
"අද නැති වුණාට ඒ ළමයා ලොකු උනාම සල්ලි වල වටිනාකම දැනගද්දි, තේරේවි මම සිප්පිකටු නමයකට දුන්නේ ගොඩක් වටින බෝනික්කෙක් කියලා.එයාට තේරෙයි මේ ලෝකෙ වැඩිය සද්දයක් නැති වුණාට හොඳ මිනිස්සු ගොඩක් ඉන්න බව.ඒ නිසා එයාට හිතෙයි දවසක මමත් ඒ වගේම හොඳක් කරන්න ඕනෙයි කියල.ඒ හොඳම දවසක මටත් වෙන විදියකට ඒවි."

Sort:  

Hello, friend!

This post has been upvoted and manual selected by the Steemgoon curation team.

Thank you for sharing content and contributing to the STEEM blockchain.


We are an active witness on STEEM, thank you in advance for your support.

If you vote for us as a witness, you will get daily steem rewards and free upvote to your post.

හැමෝම මෙහෙම හිතනවනම් කොච්චර හොදද

ඒක තමයි 🙂

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62410.74
ETH 2445.09
USDT 1.00
SBD 2.67