සාම්ප්‍රදායික හූල්ලන්

in Steem Sri Lankalast year

WA_Sri_Lanka5.jpg

source
මං මේක කාලෙක ඉඳන් ලියන්න හිටපු දෙයක්.ඒත් කොහෙද ක්‍රිකට් භීෂණයේ එක්ක ඒක ටිකෙන් ටික කල් ගියා.මේක ලංකාවට සෑහෙන්න අදාල වෙන දෙයක්. මේක ගැන ලියන්න හිතුවේ ඇත්තටම මුහුණු පොතේ කියවන්න ලැබුණු කතාවකට පස්සේ.කොල්ලෙක් ටත් වඩා කෙල්ලෙක්ට තමන් කැමති දෙයක් කරන්න තමන් කැමති විදියට ජීවත්වෙන්න තාමත් මේ සමාජයේ ඉඩක් නෑ.එහෙම කරන එක හරි නෑ, එහෙම කරොත් මිනිස්සු මොනවා හිතයිද, වගේ සම්ප්‍රදාය ඔලුව උඩ තියන් තාමත් මිනිස්සු කෙල්ලොන්ගෙ විතරක් නෙවෙයි කොල්ලොන්ගෙත් හීන , ආසාවල් වලටත් ඉඩක් දෙන්නෙ නෑ.කණගාටුවට කරුණ නම් , අපි තාමත් ඉන්නේ අඳින ඇඳුමෙන් පැළඳුමෙන්, පිටතින් පේන ස්වරූපයෙන් මිනිස්සු මනින සමාජයක වීමයි.ඒක මේ සටහනෙන් ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා.මේක ලියපු කෙනා ගැන සටහනක් හොයාගන්න තිබුනෙ නෑ.ඉතින් ඒකේ සම්පූර්ණ ගෞරවය ඔහුට හෝ ඇයට යන්න ඕන , ඒ නිසාම ඒක තිබූ මාතෘකාවම මං මේකට යොදා ගත්තා.


මාසෙට දවස් විසි නවයක්ම දිගට ඇදලා...
එක දවසක් බලපන් පොඩි කොට ගවුමක් ඇදලා..
දැන් නම් ඔකීට මගුල් විසේ හරියට ඔලුවට ගහලා..
කියයි සාම්ප්‍රදායික හුල්ලන් දකින දකින තැන හූල්ලලා...

අවුරුදු ගානක් ගොතාගෙන කොන්ඩය ගියොත් එක දවසක් ලිහලා...
මැසිවිලි නගයි අපොයි අපි නම් ඒ කාලෙ ඔහොම නෑ කියලා...
අවුවට කර වෙලා නාස්ති උනු කොන්ඩය බැලුවොත් ආසාවට පාට කරලා.. ..
නගයි උන් මේකි නම් මිනිහෙක් එක්ක යන දවස වැඩි ඈතක නෑ කියලා..

හිනාවක් ගියොත් පාලුවෙ ඉන්න බැරි තැන යන විට එෆ් බී එකෙ උඩපහල...
කියයි උන් අපි නම් ඉස්සර හිනා උනෙත් අත තියලා කටට...
බලපන් කතා කරලා කොල්ලෙක් එක්ක අදුරනකමට..
කියයි උන් මුන්ට නම් ලැජ්ජ නෑ ඉන්නෙ කොල්ලොන්ගෙ කර උඩ ..

ආසාවට පුන්චි ටැටූවක් බැලුවම කොටලා...
උන් කියයි ගනිකාවෝ නේද ඔහොම කොටන්නෙ කියලා..
පුන්චි මේකප් එකකින් හැඩ කරගත්තොත් මූනට එලියක් එන හින්දා ..
නගයි මුන් මැසිවිල්ල හිතන් ඉන්නෙ නිලියක් වෙන්නද කියලා...

ඇදුමෙන් පැලදුමෙන් මනින්නට පුළුවන් ද මිනිසුන්ගේ හිත...
කියන්න පුළුවන් ද උන්ගේ යටි හිතේ වැඩ කරන ටික..
සිල් රෙද්දෙන් වහන් හිටියට උන්ගේ කහට පිරුනු හිත...
හුගක් පාපතරයො හිටියෙ දිගට සුදු පාටින් සැරසී නොවෙද..

Sort:  

mage hodama yaluva okata kiyanne cultural shock kiyala 🤣🤣🤣

හරි ඉතින් 😂

Coin Marketplace

STEEM 0.17
TRX 0.14
JST 0.028
BTC 58482.75
ETH 2615.94
USDT 1.00
SBD 2.42