නෙදර්ලන්තයට පාඩමක්

in Steem Sri Lankalast year

IMG_20230701_093204.jpg
ඉතිං හැම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතිං සුපිරි හය දෙනාගේ වටේ උණුසුමත් එක්ක වෙන මොනවා ලියන්නද ක්‍රිකට් නැතුව.සුපිරි හය දෙනාගේ වටේ ශ්‍රී ලංකාවට පළමු තරඟය හම්බවුණේ නෙදර්ලන්ත කණ්ඩායම සමග. ඉතින් ඕමානය සහ zimbabwe කණ්ඩායම අතර තරඟයෙන් තියුණු ජයක් ලබා ගත් සිම්බාබ්වේ කණ්ඩායම points හයක් තමන් සතු කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇතුලත් වීමට නම් නෙදර්ලන්තය , සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනෙන් දෙකක් ජය ගැනීම අනිවාර්ය වෙනවා. ඉතින් අපිට හම්බ වුණු පළවෙනි තරගය වන නෙදර්ලන්ත කණ්ඩායමත් ලෙහෙසි පහසු කණ්ඩායමක් නොවේ.මොකද ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් පරාජය කිරීමට සමත් වුණා.කොහොමින් කොහොම හරි තරගයේ කාසිය වාසිය දිනාගත් දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

FB_IMG_1688187632237.jpg

දසුන් ශානක ගත් තීරණය දෙවරක් සිතා බලන්නට කටයුතු සකස් කළ නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරණ බලඇණිය සුණු සුනු විසුනු කිරීමට සමත් වුණා.නිස්සංක ප්‍රථම පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමටත්, චරිත් , සදීර හා මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 2,1,10 ලෙස දවාගැනීමටත් සමත් වුනේ ශ්‍රී ලංංකා කන්ඩායමේ ලෝක කුසලාන සිහිනය දෙගිඩියාවකට බාජනය කරමින්. මෙම තරඟයේත් තම දුර්වල පිතිකරණය පෙන්වූ දසුන් ශානක ලබා ගත්තේ ලකුණු පහක් පමණයි.කණ්ඩායමේ සියලු වගකීම් තම කරට ගත් ධනංජය ද සිල්වා කණ්ඩායමට වටිනාම ලකුණු 93ක් තම පිත්තෙන් ලබාදුන්න. වනිදු හා මහීශ් වැදගත් සබඳතා දෙකක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණකට රැගෙන ඒමට සමත් වුණා.කොහොමහරි සියල්ලන් දැවී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි.

කලින් තරඟයේ මෙන් මෙම තරඟයත් පන්දු යවන්නන්ට ජයග්‍රහණය බාර වුනා.ඉතින් දෙවන පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගනිමින් නැවත බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒමට ළහිරු කුමාර සමත් වුණා.නමුත් අවාසනාවට ඔහුට පන්දු යැවීමට හැකි වුණේ පන්දුවාර තුනක් පමණයි.ආබාධයක් හේතුවෙන් තරඟයෙන් ඉවත් වීමට ඔහුට සිදු වුණා.ඉතින් කඩුළු දෙකක් දැවී යෑමෙන් පසුව කෙමින් කෙමින් පවත්වාගත් හොඳ සබඳතාව බිඳවැටුනේ කඩුලු අතර දිව යෑමේදී සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන්.කොහොමහරි මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ අසරණ වූ නෙදර්ලන්ත කණ්ඩායමේ කඩුලු එකිනෙක දැවී ගියේ ඔවුන්ගේ ලෝක කුසලාන සිහිනයත් මඳකට පමා කරමින්. අවසාන කඩුල්ල දවා ගැනීම තම කරට ගත් දසුන් ශානක එම වගකීම මනාව ඉටුකරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21 ක ජයග්‍රහණයක් ලබා දීමට සමත් වුනා. එම තරගයේ ජයත් සමග ශ්‍රී ලංකාවට තවත් ජයගැනීමට අවශ්‍ය එක තරගයක් පමණයි.අද පැවැත්වෙන zimbabwe කණ්ඩායම සමග තරගය එම නිසා දෙපිලටම තීරණාත්මක තරගයක් වෙනවා.

Sort:  

Hi mage yaaluwe.

Hai sudu mahattya huga kalekin neda 🤩

Coin Marketplace

STEEM 0.20
TRX 0.17
JST 0.031
BTC 88194.12
ETH 3339.93
USDT 1.00
SBD 3.00