සිනහ දොරටුව
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. මාතෘකාව දැක්ක ගමන් නිකන් අමුතුයි වගේ ඇති . ම්ම්ම් ඔව් ඒත් අද ලියන්නෙ එහෙම දෙයක් ගැන තමයි. අපි ජීවිතේ ටිකෙන් ටික ඉස්සරහට යද්දි අපි ටිකෙන් ටික ලොකු වෙද්දි අපිට නොදැනිම සමහර දේවල් අපෙන් ටික ටික ඈත් වෙනව සිනාවත් ඒ වගේ. අපි පුංචි කාලෙ කොච්චර හිනාවෙන්න ඇද්ද, පොඩි ලමයි දිහා බලන්නකො ගොඩක් වෙලාවට ඉන්නෙම හිනාවෙච්ච ගමන් . ඒත් අපි ටිකෙන් ටික ලොකුවේද්දි හිනාවෙන්නෙ නිකන් මූනිච්චාවට වගේ නේද? හැමොම නෙවෙයි ඒත් ගොඩක් අය. මං පන්ඩිතය වගේ කිව්වට මාත් එහෙම තමයි 😂. කොහොමහරි මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන්න එක වෙලදසැලක් හරි ලස්සන වැඩක් කරල තිබුන.මාතෘකාව යන්නෙ ඒකත් එක්කම තමයි.හරි මං ඒ කතාව කියල ඉන්නම්.
මේ ඩෙන්මාර්කයේ සුපිරි වෙලදසැලක්. ඉතින් මිනිස්සු ඇවිල්ල දොර ඇරන් වෙලදසැලට ඇතුල්වෙන්න හැදුවත් ඒක සාර්තක වෙන්නෙ නෑ. දොර ඇරෙන්නෙ නෑ. දොර අසලම තියන පරිගනක තිරයකින් මැලවුනු මූනක් පෙන්නනව .ඒ තිරයෙන් කියනව ඔවුන්ට හිනාවෙන්න කියල. ඉතින් ඔවුන් හිනාවුනාම් දොර ඇරෙනව.දවසෙ තියෙන වැඩ ඔක්කොම ඔලුවෙ හිර උනාම මිනිස්සුන්ට හිනාව ඉබේම අමතක වෙලා යනව. නමුත් සොදුරු හිනාවක් තරම් ලස්සන දෙයක් තවත් කොහෙද ? ඒ නිසා මේ වෙලදසැලින් මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන්න ඔවුන්ට හැකි දේ කරනව.ඉතින් මේ වෙල්දසැලට එන ඕන කෙනෙක් එන්නෙ හිනාවත් එක්කමයි.
මිනිස්සු හිනාවෙද්දි හරි ලස්සනයි. නමුත් ඒ හිනාව මිනිස්සු ගාව හැමතිස්සෙම නැති එක ගැන තියෙන්නෙ දුකක්. ඔයාලටත් පුලුවන්නම් මිනිස්සුන්ට හිනාවක් සතුටක් එන දෙයක් පමණක්ම කරන්න ඒක තවත් වටිනව.....
මේ දේ නම් සහතික ඇත්ත. ගොඩක් මිනිස්සුන්ට හිනා වෙන්න අමතකයි. හැබැයි සමහර මිනිස්සු මවා ගත්ත ආඩම්බර කම් එක්ක හිනා වෙන එක ඕනි කමින්ම මග හරිනවදෝ කියලත් මට හිතිලා තියෙනවා. මම වැඩ කරන ස්ථානයෙත් කීපදෙනෙක් ඉන්න්නවා හිනාවෙන්න දන්නේ නැති. ඒ වගේ වෙලාවට පුදුම විදියට අසරණ වෙනවා. මිනිස්සු අවංක වෙන්න ඕනි ලස්සන හිනාවක් දුන්නම ඒ විදියෙම ලස්සන හිනාවක් අනිත් කෙනාටත් දෙන්න. ❤️
E shop eke concept ekanm hodai. ehema hari minissunta hina wenna mathak karanna.