ගමක් වෙනුවෙන් රටක් එකතු වූ දවසක්

in Steem Sri Lanka2 years ago

IMG_20220509_165355.jpg

හැමෝම පරිස්සමෙන් ඇතිකියල හිතනව. රටේ එක් පිරිසක් ගැන දරුණු කලකිරීමක් සහ තවත් රට වෙනුවෙන් කැක්කුම තියෙන උන් ගැන ආදරය සහ ගෞරවය තවත් වැඩි වුන දවසක් තමයි ඊයෙ. ඉතින් අද ලියන්න හිටියෙ වෙනත් දෙයක් ගැන උනත් මේක ගැන අද ලිව්වනම් හොදයි කියල හිතුන ඇත්තටම නොලිය ඉන්න බැරිවුනා. තාමත් හිතේ තියෙන්නෙ තරහක් . අපි වෙනුවෙන් පාරට බැහැපු , අපි වෙනුවෙන් කෑගහපු ,ඉන්න රට කුරිරු අමන පාලකයොන්ගෙන් බේරගන්න දගලපු කොල්ලො කෙල්ලොන්ට හිතන්නවත් බැරිවිදියට පහර දෙද්දි හිතුනෙම රටේ වෙනස්විය යුත්තේ හුදෙක් පාලකයන් පමනක් නොවෙයි පන්දාහට , බත් පැකට් එකට , මත්ද්‍රව්‍ය වලට ලොල් වුනු මේ මිනිස්සුත් ඒකට එකතුවෙන්න ඕන කියල. දුප්පත් අහින්සක මීනිස්සුන්ට ඉන්න රටක් ඉල්ලපු උන්ට ගහද්දි ඇස් වලින් කදුලු වැටුනෙ නොදැනිමයි.

IMG-20220510-WA0008.jpg

කොල්ලො කෙල්ලො පාරට බැස්සෙ පොලු මුගුරු අරගෙන නෙවෙයි ආදරය අරගෙනයි. මොකද උන්ට මේක තවත් 88, 89 කාලයක් කරන්න ඕන උනේ නෑ. අපේ ඉල්ලීම් දිනාගන්න සාමකාමී අරගලයක් අරන් ගියා. ඒත් අමන පාලකයොන්ට මේක ඇස් වල.කටු අනින්න වගේ උනා. ඔවුන්ගෙ ජඩ වචන වලින් කොල්ලො කෙල්ලො අවුස්සල කලබලයක් ඇති කරන්න උත්සාහ කරා. හරිගියේ නෑ . අන්තිමට පර්සි මහේන්ද්‍ර රාජපක්ශ හෙවත් යුද්දය ඉවර කරනකොට රටට නායකත්වය දුන් ජනාධිපතිවරයා, ඒක ඉස්සරහට දාගෙන වසර ගානක් රට බංකොලොත් වෙන්න ලොකුවට සහය වුනු ඊයෙ වෙනකන් අගමැති වෙලා හිටපු අගමැති අපූරු වැඩක් සැලසුම් කරා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීලයි උන්ගෙ මැරයො ටිකයි එක්‍ රැස් කරල උන්ගෙ
හිත්වල තවත් තරහ ජනිත කරල අර කොල්ලො කෙල්ලොන්ට පහර දෙන්න. අර කොල්ලො හදපු කූඩාරම් කඩල ගිනිතියල හිටපු කොල්ලො කෙල්ලොන්ට තුවාල කරන්න තරම් එයාල අමානුශික උනා. කියවන්න තියපු පොත් , ඇදපු චිත්‍ර , ලැබුනු කෑම බිම බෙහෙත් ගිනි තියන්න තරම් මිලේච්ඡ වුණා.

FB_IMG_1652172584019.jpg

රෝහණ විජේවීර කියල තියෙනව "ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරවල ශිශ්ටසම්පන්න බව හොයන්න එපා "කියල ඉතිං මුලු ලංකාවම ඒ වෙනුවෙන් ඊයෙ එකතු වුනා. එක ගමක් වෙනුවෙන් මුලු ලංකාවක් පාරට බැස්ස ජාති ආගම් කුල බේද නැතුව. රෝහල්වල වැඩ්කරමින් ඉදපු කාර්‍යමණ්ඩල ගෝටාගෝගමට ආවෙ අතට අහුවුන බෙහෙත් උපකරණත් අරගෙන අපේ කොල්ලො වෙනුවෙන් . පොලීසිය හමුදාව කෙසේ කොහොම ක්‍රියාකරත් රටේ මිනිස්සු දැන් කලින් වගේ නෑ කියල ඊයෙ ඔප්පු කරා.පාලකයන් වරද්දගත්ත , තරු පෙණුන දවස තමයි ඊයෙ . පක්ශ පාට වෙනුවෙන් නැහුන කාලෙ දැන් ඉවරයි ටික දෙනෙක් ඉන්නව ඒත් ගොඩක් මිනිස්සු දැන් වෙනස් . අන්තිමට කියන්න තියෙන්නෙ "THEY MESSED WITH THE WRONG GENERATION "

Sort:  

ඔව් ඒත් දැන් අපි සන්සුන් වෙන් ඕනෙ. අපියි එයාලයි අතර වෙනසක් නැති වෙන විදියට වැඩ කළොත් ලොකු විනාසයක්. Let's stand together with love❤

ඒක ඇත්ත, ආදරයෙන් පටන් ගත්ත අරගලය ආදරයෙන්ම ඉවර කරන්න ඕන 😍

"ප්‍රචණ්ඩත්වය නවත්තමු ආදරය පතුරුවමු." මේක තමයි දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.

ඔව් එයාලටත් ඕන ප්‍රචන්ඩත්වය වපුරල මේක විනාශ කරන්න තමයි , ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕන 😍

මේ වෙලාවෙ කල්පනාවෙන් වැඩ කරන්න ඕන.💪

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60777.85
ETH 2609.63
USDT 1.00
SBD 2.65