බොහෝ උස්වූ කදු මුවුන් වල ඔබ නොදන්නා කතාවක් ඇත
source
බොහෝ උස්වූ කදු මුදුන් වල
ඔබ නොදන්නා කතාවක් ඇත
කන්ද වාගේ ඔහොම හිටියට
ඇතුලෙ ඇත්තේ පාලු හිස්කම
අව් වැසිද තද සුලං අභිමුව
නොසෙල්වූ උන් කන්ද දැක්කම
හිතක් පපුවක් නැතිලු කන්දට
ගසක් ඇඹරී කීව සුළඟට
තරුවකට පෙම් කරන තරමට
ඉතිරි කරගත් කදුලු උල්පත
රහසෙ නිම්නට මුදාහල බව
ගලන ගගවත් දන්නෙ නෑ තව
එහෙම කන්දක් ගලායන්නේ
දරාගන්නම බැරිම මොහොතක
බොහෝ උස්වූ කදු මුදුන් වල
ඔබ නොදන්නා කතාවක් ඇත
කන්ද වාගේ ඔහොම හිටියට
ඇතුලෙ ඇත්තේ පාලු හිස්කම
අව් වැසිද තද සුලං අභිමුව
නොසෙල්වූ උන් කන්ද දැක්කම
හිතක් පපුවක් නැතිලු කන්දට
ගසක් ඇඹරී කීව සුළඟට
තරුවකට පෙම් කරන තරමට
ඉතිරි කරගත් කදුලු උල්පත
රහසෙ නිම්නට මුදාහල බව
ගලන ගගවත් දන්නෙ නෑ තව
එහෙම කන්දක් ගලායන්නේ
දරාගන්නම බැරිම මොහොතක
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. සාමාන්‍යයෙන් මට වැඩක් නැති වෙලාවට මං Youtube එකෙන් බලන වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ වලිනුත් මං වැඩිපුරම බලන වැඩසටහන් දෙකක් තියෙනව.එකක් Siyatha Fm Morning Show අනිත් එක "කවි දහයට ගී දහයක්" වැඩසටහන. ඒ වැඩසටහන් දෙක මට ගොඩක් උදව් වෙනවා පොඩි හරි නිදහසක් හිතට ගන්න. කවි දහයට ගී දහයක් වැඩසටහනේ අහපු සමහර කවි වලට මං කොච්චර ඇබ්බැහි වුනාද කිව්වොත් හත් අටපාරකට වඩා අහපු අවස්තා තිබුනා. " අම්මපයි මං කඩුව දුන්නා" කවියෙ විචාරය එයින් එකක්.වැඩසටහන් දෙක ගැන හැදින්වීමක් ඊලග එකෙන් ලියන්නම්. මට මේ කවියනම් හම්බුනේ මුහුනු පොතෙන්.ඉතින් මේ කවිය අද ඔයාලත් එක්ක බෙදාගත්තනම් හොදයි කියල හිතුනා.මොකද කවිය සරල උනාට මනුස්සයෙක්ගෙ වේදනාව, තනිකම ඔක්කොම කවියට ඇතුල් කරල තියෙන නිසා.
මං මුලු කවිය ගැනම ලියන්න යන්නෙ නෑ.මොකද එත්කොට කවියෙ රස අඩු වෙන නිසා.සමහර මිනිස්සු ඉන්නව ඔවුන්ගෙ දුක තම්න් එක්ක විතරක් බෙදාගන්න. මන් පෞද්ගලිකව දැකලත් තියෙනව.මගේ යාලුවොත් එහෙම ඉන්නව. යාලුවො එක්කහරි , අම්ම එක්කහරි , සහෝදරයා එක්කහරි නැතුව තනියම තමන්ගේ වුක දරාගන්න. ඔව් ඒක ගොඩක් අමාරුයි.නමුත් එහෙම අය ඉන්නව.ගොඩක් පිරිමි අය.බොහෝ දුරට ඔවුන් දුක නිවාගන්නෙ බාර් එකේන්. සල්ලි ඇති නැති දෙකම. මොකද සල්ලි තිබුණට දුක තනිකම හැමෝටම දැනෙන දෙයක්නෙ.බොන එක කොහෙත්ම අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. නමුත් ගොඩක් පිරිමි අය බොන්න පටන්ගන්නෙ හේතුවක් ඇතුව.ආරම්බයේදි බොහෝ විට පාලුව තනිකම වේදනාව නිවාගැනීම අරමුණ වුනත් ඔහු අන්තිමට නවතින්නෙ බේබද්දෙක් ගානට වැටිල. එහෙම මිනිස්සු පුලුවන් තරම් තනිකම පාලුව වේදනාව තනියම දරාගන්න හදනවා කදුලුවත් පිටනොකර.නමුත් වෙලාවක් එනව ඒ ඔක්කොම පිටකරන. ඒ වෙලාවට ඔවුන් නවත්තන එක හිතන තරම් ලේසි නෑ. ඉතින්
එහෙම කන්දක් නායයන්නේ දරාගන්නම බැරිම මොහොතක.