තාත්තගෙ ආදරය සහ සැමියාගේ ආදරය

in Steem Sri Lanka11 months ago

FB_IMG_1696902461191.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවාඅද ලියන්න යන්නේ අපේ ජීවිතයේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.මුහුණු පොතේ තිබුන ලස්සන article එකක් කියෙව්වට පස්සේ තමයි මේ ගැන ලිව්ව නම් හොඳයි කියල හිතුවෙ.ඇත්තටම ඒක අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් විශේෂයෙන්ම විවාහක සහ අවිවාහක කාන්තාවන්ට. ඉතින් ගොඩක් වෙලාවට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙ තාත්තෙක් වගේ සැමියෙක්. ඇත්තටම ඒක හොදයිද, අද කතාකරන්න යන්නෙ ඒ ගැන.තාත්තෙක් වගේ සැමියෙක් හම්බෙන එක හොදයි. නමුත් තාත්තෙක්ගෙ ආදරය සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක එච්චර හරියන්නෙ නෑ. මොකද තාත්තෙක්ගෙ අදරයයි, සැමියාගේ ආදරයයි ගොඩක් වෙනස්. ඉතින් ඔබ එහෙම බලාපොරොත්තු වෙනවනම් නොදැනිම ඔබෙන් වෙන්නෙත් වැරැද්දක්. ඉතින් මේ ගැන තිබුන කතාව කියෙව්වම ඒක ඔයාලට තේරෙයි.


රෝහල් කාමරයේ දොරෙන් එකපෙළට ඇතුල් වුනෙ මගෙ තාත්තයි මගෙ මහත්තයයි..
දෙන්නගෙම ඇස් තිබුනෙ මගේ දිහාවටයි..
මගෙ ජීවිතේ විශේෂම පිරිමි දෙදෙනා මගේ දෑතම අල්ලගෙන මන් හොදින්ද ඇහුවා...
මන් ඔලුව වනල ඇස් කොනින් තොටිල්ලෙ නිදා උන්නු පැටියව පෙන්නුවා..
ඊටපස්සෙ ඒ ඇස් හතරම නිදන් හිටපු අලුත ඉපදුන මගේ දෝණි දිහාවට හැරුනා..
ඇස් හතරෙන් ඇස් දෙකක් ඒ දිහාම බලාගෙන හිටියත් අනිත් දෑස් ආයෙත් මගේ දිහාවට හැරුනා..

හැරුණු දෑසෙ හිමිකරු මගෙ පියායි..
"ඔයා හොදින් නේද පුතේ.. අමාරුවක් නෑ නේද..?"
මගෙ මූණෙ ඉදන් අතපය අතගගා ඔහු ආයෙ ආයෙ අහන්නෙ අපරිමිත වූ පිය සෙනෙහසකින්..
"මන් හොදින් තාත්තේ.. බබා බලන්නකෝ.."
ඊට පසුවයි ඔහු මිණිබිරියගෙ මුහුණ බැලුවෙ..

අනිත් දෑස මගෙ සැමියගෙයි..
ඔහු අලුතෙන් ඉපදිල..
ඇස් වල කදුළු පේළි මුහුණ පුරා ගලනවා..
දරුවාගේ සිරුරේ අංශුමාත්‍රයක්ම ඒ දෑසේ ධාරක සෙහෙනසට නතුවෙනවා...
"ඔයාට පින් මේ වගේ වටින තෑග්ගක් මට දුන්නට.."
ඔහු පාත්වෙලා මගෙ හිස සිඹ හරි ආදරයෙන් ගෞරවයෙන් කියනවා..
ඔහුගෙ එක් අතක් මගෙ හිස මත තබා සැමියෙකුගේ ආදරේ දනවනවා..
ඔහුගෙ පපුවට දියණියව තුරුල් කරගෙන ඇයව රකිමින් නව පිය පදවිය විදිනවා.

මගේ පියා තාමත් දෑතින්ම මගේ දෑත පිරිමදිනවා..
ඒ ඇස් වල කදුළු මන් වෙනුවෙන් ඉපදුනු වේදනාව, බය දනවනවා..

පීතෘ සෙහෙනස ආරක්ෂාව මට විදිය හැක්කෙ මගේ පියාගෙන්ම පමණි..
සැමියෙකුගෙන් කිසිදින පියෙකු බලාපොරොත්තු නොවිය යුතුය.
එය ඔහුට කෙරෙන අසාධාරණයකි.
මන්ද ඔහුට පියෙකු විය හැක්කෙ මගේ දියණියට පමණක් වන අතර මගේ දියණියට ඔහු තරම් ආදරේ කරන පිරිමියෙකු මේ තුන් ලොවෙහිම නොමැති නිසාවෙනි.

ඔහු දියණියගේ මුහුණ පිරිමදින්නෙත් මගේ පියා මගෙ අත්ල පිරිමදින්නේත් එකම රිද්මයටයි..
ඒ ආදරණීය බව දියණියකට දිය හැක්කෙ ලොව එකදු පිරිමියෙකුට පමණයි..

ඉදින්,
පිරිමි හිතකට බලපෑම් කළහැකි ගැහැණුන් තුන්දෙනෙකි..
එනම් ඔහුව බිහිකළ මව , ඔහුව සනසන බිරිඳ/පෙම්වතිය , ඔහුගෙ ලෙයින් උපන් දියණිය යි..

නුඹට හිමි තැන රැකගන්න..
නුඹට හිමි ආදරයෙන් සැනසෙන්න..
යහපත් දියණියක බිරිඳක මවක වී තම වගකීම් ඉටුකරන්න..❤️

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59836.36
ETH 2365.02
USDT 1.00
SBD 2.47