සද එලියටත් පෙම් කලා ගැහැනු....

in Steem Sri Lanka5 months ago

IMG-20240414-WA0008.jpg

ඉතින් වෙනද වගේම ඔයාල සතුටින් පරිස්සමින් ඇති කියල හිතනව.අදත් මට අයියගෙන් පොඩි chanse එකක් හම්බුනා ඔයාලත් එක්ක මගේ අදහසක් බෙදාගන්න.
ඔයාල හැමෝම දන්න මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනෙ ඒ නිසාමයි.

ගින්දරට හොද හැටි දැවුනු
පිච්චි පිච්චිම එයට බැදුනු
රිදුනු සිත ආයෙ ආයෙම රිදුනු
පනවාගේ යුතුකමුත් කෙරුනු
ජීවිතේ මහ ගොඩක් කුස්සියට ගෙවුනු
විය සිදුරකින් මෙන් එලිය පෙනුනු
ආදරය ඇස් මානයේ මැරුනු
සද එලියටත් පෙම් කලා ගැහැනු...

ගැහැනිය කියන්නෙ පුදුම හිතෙන චරිතයක්.ඒ වචනෙ තේරුම,ඒක හරි බරසාර වචනයක්.. පොඩි කාලෙ ඉදන් ගොඩක් වේදනාවන් දරාගන්න ගැහැනිය කසාද බැදල ගියාම ගොඩක් දුරට කුස්සියට සීමා වෙන ඉඩකඩ වැඩියි.පිරිමියෙක්නම් නාවල ගෙට ගත්තම සේරම හරි කියන සමාජයක ගැහැනියකට සමාජය ගැන තියෙන්න ඕන අවබෝදය ගොඩක් වැඩියි. එකපාරක් වැරදුනොත් ජීවිතයම වන්දි ගෙවන්න වෙන ගැහැනිය ඉඩක් ලැබුනු ගමන් ජීවිතේ විදින්න හදන ඉඩකඩ වැඩියි.
පිරිමිනම් ඕන දෙයක් කරාට මොකද කියල හිතන සමාජය ගැහැනිය දිහා බලන්නෙ අමුතුම ඇහැකින්.ඒ ඇයි කියල කියන එක මට තාමත් උත්තරයක් නැති ප්‍රශ්නයක්.
තමන්ගෙ නිදහසට ඉඩ දීලා තමන්ට කැමති දෙයක් කරගන්න දීලා ජීවිතේ විදින්න දීල වැරදෙන වෙලාවට හෙවනැල්ලක් වගේ ඉන්න පිරිමි අද වෙන කොට හොයාගන්නත් නැති තරම්.එහෙම පිරිම ලබන ගැහැනු හරි වාසනාවන්තයි කියන්නෙත් ඒක නිසාම වෙන්නැති.

IMG-20240414-WA0007.jpg

වෙන්වුනු දුකට කන්තකගෙ ළය පැලුනා
එහෙත් බිම්මා අඩ අඩා දිවි ගෙව්වා...

පිරිමි කොහොමත් බුදු වුනා, රජ වුනා
ගෑනු කවදත් බිත්ති හතරට තනි වුනා
කැපකිරීමත් මෝඩකම යැයි කියවුනා
ගෑනු චපලයි කියා පොත් වල ලියවුනා

ගෑනු විතරමද චපල
පිරිමිත් නැතිද එහෙම
දරුවො දාලා පලාගොස්
ඇහැලෙපොළ වීරයා උනා
උන්දැ එනකම් බලා ඉදිමින්
කුමාරිහාමි තනියෙම වැලපුනා

රජකමත් අරන් දී
කුවේනිය
දරුවො එක්කල තනිවුනා
ඇගේ කරමතින් රජවෙලා
විජය,
ඉතිහාසයේ නම ලීවා...

කදුලු රූටා වැටෙන විට නෙත්
ඉබේටම තදින් පියවුනා
දරාගන්නට බැරිම තැන
ඉකිගසා දුක පිටවුනා...

කොහොම කීවත් අවසානයේ
පිරිමි ලොව රජවුනා
රජවෙන්න පෙරමන් තැනූ ඇය
දුර්වලයි කියමින් කියවුනා...

මම ඔයා රකින්නම්
හරි උජාරුවට පිරිමි කීවා
රැකිය යුත්තේ පිරිමින්ගෙන්ම බව
මොහොතකට අමතක වුනා....

මේකෙන් තේරේවි ගැහැනියකගෙ දරාගැනීමේ ශක්තිය.ඒත් ඒ ශක්තිය,ගැහැනියකගෙ වටිනාකම හැන්ගිලා පිරිමිකම විතරක් ඉස්මතු වෙලා පෙනෙන විදිය.අපිට බෑ ලෝකය වෙනස් කරන්න.ඒත් අපිට පුලුවන් අපි හිතන විදිය වෙනස් කරන්න.ගැහැනියට ලැබිය යුතු වටිනාකම,ගැහැනිය කුස්සියට විතරක් සීමා කරල තියෙන,ගැහැනියක් උනාම සමාජයේ හැසිරෙන්න අවශ්‍ය විදිය, මේ සේරම එතකොට වෙනස් වෙයි කියල මට හිතෙනව.හැමෝටම හිතෙන දේවල් සමාන නෑ.ඉතින් මන් මේ කිවුවෙ මට හිතෙන දේ.මොකද සමාජයක් දියුනු වෙන්නෙ නව පරම්පරාවෙ අදහස් ,ආකල්ප වලින්....

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 58091.16
ETH 2357.50
USDT 1.00
SBD 2.44