අඩාහැලෙන ඇල්ල

in Steem Sri Lanka2 years ago

IMG_20220712_141613.jpg

ඉතින් රට දැන් තියෙන තත්වෙට ඇද වැටෙන්න ප්‍රදාන දායක්ත්වයක් ලබාදුන්න රාජපක්ශ රෙජිමය නිර්පාක්ශික ජනතාවගේ ආදරයේ අරගලයෙ ප්‍රතිඵලයක් විදියට සම්පූර්ණයෙන් පාලනයෙන් ඉවත් කරාට පස්සෙ දාන පලවෙනි පෝස්ට් එක. ඉතින් ඒක ගැන නව ජනාධිපති පත් වුනාට පස්සෙම ලියන්නම්. අද ලියන්න යන්නෙ අපි ලගදි ගියපු පොඩි ගමනක් ගැන. මං දන්නව මේක දාපු ගමං මට බැනුම් අහන්න වෙනව කියල එක්කෙනෙක්ගෙන් 😂. ඉතින් යාලුවො තුන් හතර දෙනෙක් ටික දවසක ඉදන් බයිසිකල් වලින් කොහේහරි යමු කිය කිය හිටියත් මං වැඩිය ගනන් ගත්තෙ නෑ මොකද අපේ කොල්ලො ගොඩක් ට්‍රිප් කටින් යන ඒව නිසා. කොහොමහරි උදේ උන් ටික අපේ ගෙදරට එනකන්ම මං දන්නෙත් නෑ ඒ මදිවට තිබ්බෙත් බයිසිකල් දෙකක් විතරයි. ඒ නිසා ඩබල් දාල තමයි අපිට යන්න වුනේ.

IMG-20220714-WA0111.jpg

අඩාහැලෙන ඇල්ල බලන්න යමු කියල උන් කියපු නිසා මං ආසාවට ආවත් තියෙන්නෙ කොහෙද් කොච්චර දුර යන්න ඕනද කියලවත් මං දැනන් හිටියෙ නෑ උන්මට කීවෙත් නෑ මං එන එකක් නෑ කියල හිතල. යද්දි මං නිකමට ඇහුවම තමයි කිව්වෙ ඇල්පිටිය පැත්තෙ තියෙන්නෙ කියල. බයිසිකලේ තව එකෙක් දාගෙන පදින ගමන් හිටපු මට දෙයියො සිහිවුනේ තව කිලෝමීටර 20ට එහා යන්න ඕන නේද් කියල මතක් උනාම. මොකද එතකොටත් අපි ඇවිත් තිබ්බෙ කිලෝමීටර 2 විතර. කොහොමහරි යන ගමන එපා නොවුනෙ ගිය කොල්ලො ටික සුපිරි නිසා. යනකන් කරේ මාරුවෙන් මාරුවට එක එක්කෙනා නෝන්ඩි කරන එක. ඒ වගේම අතරමැදදි ඩොංගා , රඹුටන් එහෙමත් සෙට් වුනා. ඉතින් ඒවත් කඩාගෙන බෑග් පුරෝගෙන තමයි අපි ගියේ.

IMG_20220712_102636.jpg

කොහොමහරි ලොකු මහන්සියක් නැතුව අඩාහැලෙන ඇල්ල ගාවට දවල් එක විතර වෙද්දි එන්න පුලුවන් උනා. තැනනම් මාරම ලස්ස්නයි. වැසි වනාන්තරයක් එක්ක තියෙන නිසාද කොහෙද දවල් වුනත් සීතලෙන් අඩුවක් නෑ. කොහොමහරි ඇතිවෙනකන් කට්ටියත් එක්ක නාල එහෙන් හවස හතරට වගේ තමා ආවෙ. ඉතින් ගෙදරට එනකොට හත විතර වෙලා. මහන්සිය තිබ්බත් ගිය ගමනයි ගත්ත විනෝදය මතක් වෙද්දි ඒක ලොකුවට දැනුනෙ නෑ. ඒත් ඊටපස්සෙ දවසෙනම් කකුල් දෙක කඩල දාල වගේ තමයි ඉතින් ඉන්න උනේ 😂.

Sort:  

kolllo unama hari lesi. hithuna giya

🙈🙈😂

අඩාහැලෙන ඇල්ල බලන්න

ඒ නම😅
කෝ ඉතින් ඒ ඇල්ල?

 2 years ago (edited)

IMG_20220719_124301.jpg

kilometer 20k?????😯😯

Ou ou 🙈

එතන හරි ලස්සනයි කියල අහල තියෙනවා . ඇල්ලෙ 4tos ටිකකුත් දාන්න🤗

යාලුවො ගාව ඇත්තෙ ගොඩක් ඇත්තටම ලස්සනයි ගොඩක් 🙈

අඩාහැලෙන ඇල්ල බලන්න අඩාගෙන ගිහිල්ල. නම කිව්වට කො මේ ඇල්ල.

ඔව් ඒ වගෙ තමයි එක ෆොටෝ එකයි තින්නෙ අනිත් ඒව යාලුවො ගව ඇත්තෙ

බයිසිකල් වලින් ඉස්සර පෝයට ගමන් ගිය හැටි මතක් උනා 😋

ඔව් අම්මෝ දන්සැල් වදින්න 🙈🙈

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59895.89
ETH 2419.31
USDT 1.00
SBD 2.44