වැඩ ඇරී වැඩට යති ගැහැණු

in Steem Sri Lankalast year

women_time_forward_image.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ කාන්තාවන් ගැන. මං මාතෘකාවට දාල තියෙන්නෙ අමුතුම ඇත්තක් තියෙන කවියක්.මේක අහපු ගමන්ම ටිකක් වෙලා හිතුවම තමයි තේරුනේ කොතෙක් දුරට මේක ඇත්තද කියල . ඉතින් මේක ගැන ලියන්න යනකොටම තමයි දැක්කෙ ඒකට ගැලපෙනම කතාවක් මුහුනු පොතේ පලකරල තියෙනව. ඉතින් මට හිතුන ඒකටම අඩු වැඩිය දාල මේකෙ ලිව්වනම් හරි කියල.


ඔයා ඕෆ් ද
ඔව් මම මේ එන ගමන්
මම බස් හෝල්ට් එකේ
හරි මම එන්නම්.......

බස් එකේ කට කපලා සෙනග දෙන්නත් එක්කම කොහොම හරි නැග ගත්තා

බස් එකෙන් බැහැලත් සෑහෙන්න දුරක් පයින් යන්න ඕනි

දෙන්නත් එක්ක බාගෙට මැරිලා ගෙට ගොඩ වුනේ
..........................................................................

අපෝ පුදුම මහන්සියක් තියෙන්නේ

පූජා තේකක් හදලා ගන්නකෝ කියන ගමන් එයා පුටුවට වැටුනා..

සාරිය ගලවන්නත් කලින් කුස්සියට

දෙන්නම උදේම රැකියාවට යනවා එන්නෙත් එකටමයි එක වගේම මහන්සියි..ඒත් වැඩ ඇරිලා ගෙදර ඇවිත් ආයෙත් වැඩට ආවා වගේ කියලා තමා ගෙදර වැඩ කරද්දි හිතෙන්නෙ ...

එයාට තේ එකක් හදලා දීලා අම්මලගේ ගෙදරට ගිහින් දරුවෝ දෙන්නව එක්කගෙන ආවා

මහත්තයා වොශ් එකක් දාගෙන ෆෝන් එක ඔබන ගමන් මැච් එක බලනවා

ඉක්මනින් වොශ් එකක් දාලා දරුවෝ දෙන්නවත් වොශ් දාලා රෑට උයන්න ගත්තා..

අම්මේ හෝම් වර්ක් තියේ

අනේ සෙනේ ඔයාට පුලුවන් ද මෙයාලගේ හෝම් වර්ක් කරවන්න

රස්සාවට ගිහින් ඇවිල්ලා ටිකක් නිදහසේ ඉන්න නෑනේ පූජා තේරෙන් නැද්ද මහන්සියි කියලා .තව ටිකකින් බලන්නම්

එච්චරයි

දරුවෝ දෙන්නත් කුස්සියට ගෙන්න ගෙන උයන ගමන් ඉස්කෝලේ වැඩ කෙරෙව්වා

ඉක්මනට කෑම ටික මේසෙට තියලා ගියේ සෙනේට කතා කරන්න..එයා ෆෝන් එක දිහා බලන් හිනා වෙවී මොනවද ටයිප් කරනවා ...

සෙනේ එන්න කන්න

යන් මම එන්නම්

ඔයා මේවා ඇරෙන්න වෙන දෙයක් උයන්න දන්නේම නැද්ද පූජා...හැමදාම රෑට ඔයා ලේසි දෙයක් හදලා ශේප් වෙනවා..මූණේ තරහා පිරිලා

මටත් මහන්සි සෙනේ ඒකයි...එච්චරයි කියන්න පුලුවන් උනේ

අපේ අම්මලා කරපු වැඩ එක්ක මේවා මොනවද පූජා..

ඒ තරම් වැඩ කරලත් යසට අපට කන්න ටිකත් හදල සේරම තනියම කරා..ඔයා මෙතන බබා වෙන්න හදනවා..කටට දෙකට කාලා එයා නිදාගන්න ගියා

දරුවෝ දෙන්නත් එක්ක කෑම කාලා දරුවෝ එක්ක ආයේ ගිහින් දත් ටිකත් මැද ගෙන එයාලව නින්දට දාලා කුස්සිය අස් කරලා...පහුවදාට උයන ඒවා ලෑස්ති කරලා..හතර දෙනාගෙම රෙදි මැදලා..ගෙදර අස් කරලා අතු ගාලා නිදාගන්න එද්දි 12ත් පහුවෙලා

පාන්දර 4 ට එලාම් එක තියලා ඇදට වැටුනේ ඇගට දැනෙන් මහන්සියට පැය 3,4 ක විවේකයක් දෙන්න...

ටික් ටික් ටික් ටික්

මෙච්චර ඉක්මනට එළි වෙන එක ගැන දැනුන දුකත් එක්ක නැගිට්ටේ වැඩ කරලා වැඩට යන්න....

මේ කතාව හැම ගෙදරකම එකවගේ නොවෙන්න පුලුවන් . ඒත් ගොඩක් ගෙවල් වල එහෙමයි. අම්මලා රස්සාවෙ දවස තිස්සෙම මැරිල මැරිල ඒ මදිවට ට්‍රේන් එකේ හරි බස් එකේ හරි තෙරපිලා ඉක්මනට ගෙදර එන්නෙ ඇවිත් රිලැක්ස් එකේ ඉන්නද? නෑ නේද? ඒ ඇව්ල්ලත් ලමයින්ගෙ වැඩයි , උයන පිහන වැඩයි ඒක්ක ආයිත් නැහෙනව. ඉතින් එහෙව් කාන්තාවන් කරන්නෙ මෙහෙමයි කියල නොසලකා හරින්න පුලුවන් සේවයක් නෙවෙයි. ඒ නිසාම ඔබේ දියණියට වගේම පුතාටත් ගෙදර වැඩ උයන පිහන වැඩ කියලා දෙන්න...දෙදෙනාම එක වගේ..විශේෂයක් නෑ...

Coin Marketplace

STEEM 0.20
TRX 0.17
JST 0.031
SBD 3.04