අපිට ඉගැන්නුවනම් මෙහෙම

in Steem Sri Lanka2 years ago

teach-kids-to-read-201809.jpeg

source
ඉතින් පරිස්සමෙන් ඇති කියල හිතනවා. අද ලියන්නෙත් ටිකක් අමුතු ඒත් ලියන්නම ඕන එකක්. මේක ලියපු ලියුමක්, මාතෘකාව තමයි අපිට උගන්නපු බොරු. ලියපු කෙනා හොයාගන්න පුලුවන් උනේනම් නෑ. ඔහු ලියල තීන්නෙ මොනවද කියල සදහන් කරන්න කලින් පොඩි පැහැදිලිකිරීමක් කරන්න හිතුව . අපි පිලිගත්තත් නැතත් පොඩිකාලෙ අපේ ඔලුවට දාපුව අපේ ඔළුවෙන් නිදහස් කරගන්න ටික කාලයක් යනව. සමහර වෙලාවට ඒව වෙනස්වෙන්නෙම නෑ. ජාතිබේද , කුලමල , මිත්‍යා විශ්වාස , පක්ශ බේද ඒවයින් ප්‍රධාන ටිකක්. පොඩිකාලෙ ඉදන්ම කනට වැටිල, ඒව මනසට වැටුනම අපි ඇත්ත විදියට ඒව දකිනව . එහෙම උනාම ඒව ඈත් කරන්න ටිකක් අමාරුයි . ඉතින් මේ ලියුමත් ඒ හා සම්බන්ද දෙයක් තමයි. ලොකුවට පැහැදිලි කිරීමක් ඕනවෙන්නෙ නෑ. මොකද මේකෙ සරලව ඔක්කොම ටික තියෙනව , තේරුම් ගන්න සහ ඉතුරු ටික හිතාගන්න පහසුවෙන්න.


අපිට ඉගැන්නුව වැඩිහිටියො සියල්ල දන්න බවත් ඒ ගොල්ලො කියන දේට අපි ඇහුම්කන් දිය යුතුබවත්, නමුත් ඊට වැඩිය හොදයි අපිට කියල දුන්නනම් වැඩිහිටියෙක් උන පමණින්ම අපි කියන දේ පිලිගන්න ඕන නෑ මොකද මෝඩයොත් වයසට යනව කියල.

අපිට ඉගැන්නුව වැඩිහිටියන්ට ගරු කරන්න ඒ අයට මුල් තැන දෙන්න , නමුත් ඊටවැඩිය වටිනව වයසට වඩා මනුස්සයෙක්ගෙ ගුණයහපත් කමට මුල්තැන දෙන්න අපිට කියල දුන්නනම් .

ගෙදරදි වගේම පාසලේදිත් බොහෝ වෙලාවට අපිට කිව්වෙ රස්සාවකට ගියාම කීකරුව බොස්ට සේවය කරන්න කියල, නමුත් වැරැද්දක් උනානම් බොස් නෙවෙයි අම්ම තාත්තට උනත් වැරැද්ද පෙන්නල දෙන්න අපේ පෞර්ශය හදාගන්න හැටි අපිට ඉගැන්නුවනම් ඊට වැඩිය වටිනව.

අපිට ගොඩක් වෙලාවට බල කරේ කොහොමහරි කැම්පස් යන්නම ඕන, රජයෙ රස්සාවක් කරන්නම ඕන ජීවිතේ දිනන්නනම් කියල විතරයි. ඒත් කැම්පස් යන්නම ඕන නෑ, රජයෙ රස්සාවක් කරන්නම ඕන නෑ, ව්‍යාපාරයක් කරල උනත් ජීවිතේ අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පුලුවන් කියල ඉගැන්නුවනම් ගොඩක් වටිනව.

අපිට ඉගැන්නුව ගැහැනු තමයි මෘදු පිරිමි රළු යි. පිරිමින්ට අඩන්න බෑ කියල. ඊට වඩා හොදයි මෘදු හදවතක් තියෙන ගැහැනු පිරිමි ඕන කෙනෙක්ට අඩන එකත් එක ලස්සනක් කියල ඉගැන්නුවනම්.

අපිට හැම්දාම ඉගැන්නුව මිනිස්සු මොනව හිතයිද දන්නෑ , මිනිස්සු මොනවද හිතන්නෙන කියල පොඩ්ඩක් බලන්න, ඊට වැඩිය හොදයි අපිට කියල දුන්නනම් අපි කොහොම කොයි තරම් හොදට හිටියත් මිනිස්සුන්ට ඕන දේ ඒගොල්ලො හිතනව කියල ඉගැන්නුවනම්.

අපිට ඉගැන්නුවෙම ලදදෙයින් සතුටු වෙන්න
වෙන දේ කර්මය කියල හිත හදාගන්න ඊට වඩා හොද නැද්ද ඉගැන්නුවනම් කර්මය වුනත් වෙනස් කරන්න පුලුවන් කියල.

අපිට ඉගැන්නුවෙම සාර්තක වෙන විදිය වඩා හොද නැද්ද අසාර්ථක වුනොත් ඒකටත් මුහුණ දෙන හැටිත් ඉගැන්නුවනම්.

අපිට ඉගැන්නුව ලෝකෙ උතුම්ම රට ලංකාව කියල. ඊට වඩා හොද නැද්ද මීට වඩා දියුනුවට ගිය උතුම් රටවල් තියෙනව. අපේ රටත් ඒ තත්වෙට අරන් යමු කියල ඉගැන්නුවනම්.....

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.029
BTC 76606.02
ETH 3048.30
USDT 1.00
SBD 2.62