අයියා....
මොකද අද මම කාගෙන්වත් වචනයක් අහන්නෙ නැතුව මේ තත්වෙ ඉන්නෙ ඇත්තටම එයාල නිසා.ඒ රැකවරනය නිසා.මට හම්බුනා අයිය-නංගී ගැන කියවෙන ලස්සන නිසදැසක්.මේක ලියල තිබුනෙ "KW" කියල කෙනෙක්.ඉතින් ඒක දැක්ක ගමන් මට මගේ අයියල දෙන්න්ව මතක් වුනා.මේ තියෙන්නෙ ඒක,
ජීවිතේට කෙල්ලෙක්ට අය්යෙක් ඉන්නම ඔනි
ඇයි මන් එහෙම කියන්නේ
කෙල්ලෙක්ව
මල් පෙත්තක් වගේ
ආරක්ශා කරන්න ඕනි
වතුර දාලා පරවෙන්න නොදී
බලාගන්න ඕනි වස්තුවක්
ඉතින් ඒ වස්තුවව
ආරක්ශා කරන්න
බලාගන්න
පන වගේ ආදරේ දෙන්න
කෙල්ලෙක්ට අය්යෙක් ඉන්නම ඕනි
කෙල්ලෙක්ට ඇඳුම් ඕනිම නෑ
ඇයි එහෙම කියන්නේ
එහෙම කියන්නේ ඇයි දන්නවද
නංගි කෙනෙක්ට
අයියා කෙනෙක් ඉද්දී
නංගී වැඩි හරියක් අඳින්නේ
අයියගේ ඇදුම් තමයි
අයියගේ ඇඳුම් නන්ගිට
ලොකුයි තමයි
හරියට සකල බුජන් වගේ
ඒත් නන්ගි ආසයි ඒවා අඳින්න
ඇඳලා අය්යව ටිකක් අවුස්සන්නත්
අයිය නන්ගිගේ ඕනම
ප්‍රශ්නයකදි ඉන්නවා කියලා
නන්ගි දන්නවා
ඉතින් නන්ගි ඕනම ප්‍රශ්නයක්
දාගන්නව
ආයේ හිතේ සැකයක් නැතුවම
එතකොට නන්ගිට
කොල්ලොන්ගෙ කේස් ආපුවහම්
අය්යා තරම් රාක්ශයෙක්
තවත් නම් නැතුව ඇති
ඒ තරම් ඒ තරහ වියරුයි
ආයෙ ඉතින් ඒ කොල්ලා කතා කරනවා නෙමෙ
එයා නන්ගිගෙ ලඟින් ගියත් බිම බලන්
යන සයිස් එකේ තමා ඉන්නේ
ඒ තරම් අයියගේ වැඩ ඉහලයි
ඇයි සීසීටීවී කැමරා
අයියා නිසාම තමයි
වැටිලා තියෙන්නේ නන්ගිට
ඒ කියන්නෙ අය්යා නන්ගිට
සීසීටීවීත් සෙට් කරලාද
අපෝ නෑ
හැබැයි ඊට හපන්
ඒ අයියගේ යාලුවෝ
නන්ගි කොල්ලෙක් එක්ක කතා කරත්
අයියට කෝල් එකක් එන සයිස් එකට
ඒ යාලුකමුත්
හරිම ප්‍රභලයි
අය්යා කෙල්ලෙක් එක්ක යාලු උනාමත්
අනේ පට්ටනේ සෝක් කියන
නන්ගිම
හිත යටින් දුක් වෙන්නේ
ඒ ආදරේ දැන් මට විතරක්
අයිති දෙයක් නෙමෙයි කියල හිතලා
හැබැයි නන්ගි තරම්
අය්යගේ ආදරේ දැකලා
සතුටු වෙන කෙනෙක්
තවත් නම්
නැතුව ඇති.
ඉතින් මන්නම් කියන්නේ
කෙල්ලෙක්ට අය්යෙක් ඉන්නම ඕනි ගහමරාගන්න රන්ඩු වෙන්න විතරක් නෙමේ ප්‍රශ්නයක් ආවහම ලොකු පර්වතයක් වගේ නන්ගි ඉස්සරහින් නොසෙල්වී ඉන්නත්
කෙල්ලෙක්ට අය්යෙක් ඉන්නම ඕනි....
ඇත්තටම කෙල්ලෙක්ට අයියෙක් ඉන්නම ඕන.ඔයාට කවුද ඉන්නෙ කියල ඇහුවම මට අයියල දෙන්නෙක් ඉන්නව කියල මමනම් කියන්නෙ පුදුම ආඩම්බරේකින්.ඒක මට ගොඩක් ලොකු දෙයක්.බය නැතුව ප්‍රශ්නයක් ආවම කතා කරන්න යාලුවෙක් වගේ අයිය කෙනෙක් ඉන්න එක,මමනම් හිතන්නෙ ඒකට සෑහෙන්න පින් කරන්න ඕන.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community