දුවෙක් ඉන්නම ඕන පණ යද්දි ළඟ ඉන්න

in Steem Sri Lankalast year

IMG_20230124_095403.jpg

source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා.අද ලියන්නෙ වෙන හැමෝටම වඩා තාත්තලට ගොඩක් සමීප මාතෘකාවක් ගැන. අම්මල කියලත් වෙනසක් නෑ ඉතින්. ඒ වුනාට සමාජයේ ගොඩක් කතාවෙන දෙයක් තමයි "තාත්තල වැඩියෙන් ආදරෙ දූලටයි" කියන දෙය. ලස්සන සින්දු එහෙමත් මේ ආදරේ ගැන ලියවෙලා තියෙනව. අපේ ගෙදරත් නංගි නැති වුන වෙලාවට අපි කාටත් වඩා එයා ගැන කතාවෙන්නෙ තාත්තම තමයි. ඒ හින්දමද මන්ද නංගිට යාලුවෙක්ගෙ ගෙදරක නවතින්න යන්න එහෙම තාත්ත අවසර දෙන්නෙ කලාතුරකින්. හැම තාත්තල වගේම එහෙම තමයි. මොකද එයා දෙන රැකවරණය ආරක්ශාව වෙන ක්‍ර්නෙක්ගෙන් ඒ විදියටම ලැබෙයි කියල තාත්ත හිතන්නෙ නෑ. ආදර සම්බන්දතාවකදි උනත් තාත්තගෙ කැමැත්ත හම්බෙන්නෙ ටිකකාලෙකට පස්සෙනෙ. ඉතින් කොච්චර රන්ඩු උනත් නංගි නැති උනාම ගෙදර තියෙන පාලුව මකන්නනම් ටිකක් අමාරුයි. ඉතින් අපිට එහෙම දැනෙනවනම් තාත්තලට කොහොම ඇද්ද? තාත්තට දූව කොච්චර වටිනවද , ඇයි දුවෙක් ඕන යන ප්‍රශ්න වලට ලියවුනු ලස්සන කවියකුත් මේ එක්කම දාන්න හිතුව. කවියේ අයිතිකාරයානම් දන්නෙ නෑ.හැබැයි ගොඩක් හිතට වදින කවි පන්තියක්.

දූවිල්ල වැදී ඇස් රතු උනත් දුව එන්න
ආදරෙන් බදාගෙන නෙත් කදුලු පිසලන්න
ජීවිතෙ හැමදාම සිනහවෙන් පුරවන්න
දුවෙක් ඉන්නවානම් එ මදැයි සැනහෙන්න

ආදරෙන් පුරෝගෙන තුරුලේම නැලවෙන්න
නෝක්කඩු කියෝගෙන සුරතලෙන් වදදෙන්න
චාටුවෙන් මායමෙන් හැමදේම කරගන්න
කෙල්ලො තරමට දන්න කවුරුවත් ඉන්නවද

දුක වැඩිම මොහොතකත් සිනහ අරගෙන වඩින
උතුරන්න ආදරේ මුලු ගෙදරටම බෙදන
දුක.සතුට දෙකම ළඟ තනි නොකර ලග ඉන්න
දෝනියෙක් ඉදිද්දී තවත් වෙන මොනවාද

දරාගනු බැරිම විට බදාගෙන වැලපෙන්න
ජීවිතේ හැමදේම නොසඟවා පවසන්න
වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න
දුවක් තරමට වටින ව්ව්නත් මැනිකක් කොහෙද

කූඩු වී ඉගිලිලා ගියත් වෙන්වී දිනක
හිතෙන් දුර යන්නෙ නෑ දූ වරුන් කිසිදාක
ජීවිතේ අරුත හරිහැටිම තේරුම් ගන්න
දුවෙක් ඉන්නම ඕන පන යද්දි ලග ඉන්න


Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.032
BTC 62699.43
ETH 2963.61
USDT 1.00
SBD 3.61