පෝය නිවාඩුව
source
ඉතිං කොහොමද යාළුවනේ, පහුගිය කාලය පුරාම ටිකක් වැඩ වැඩි නිසා මට ලියන්න උනේ හරිම අඩුවෙන්. ඒ නිසාම අනිත් වැඩ ටික ටිකක් පස්සට දාල අද ලියන්න හිතුවා.
මගේ දවස ගෙවෙන විදිය ගැන මේ වෙනකම්ම එකම පෝස්ට් එකක්වත් මම ලියල නැති නිසා අද හිතුව දවස ගෙවෙන විදිය ගැන ලියන්න. ඉතිං මේ ලියන්නෙ මගේ නිවාඩු දවස වුණ පෝය දවස ගැන.
පාන්දර කරන්න විශේෂ වැඩක් තිබුණෙ නැති නිසා කාලෙකට පස්සේ දෙයියනේ කියල ටිකක් දවල් වෙනකන් මම නිදා ගත්තා. පස්සේ නැගිටල තේ එකක් එහෙම බීල ගියා මගේ මල් පැල ටික ගැන බලන්න. කාලෙකින් හොඳ සාත්තුවක් කරන්නත් බැරි වුණ නිසා මල් පැළ ටික නන් ටිකක් සවුත්තු වෙලා. ඒකට සාත්තු කරන්න සැලකිය යුතු වෙලාවක් යන නිසා ඒ වැඩේ පස්සට දාලා මම ගියා ගේ අස් කරන්න. ගෙදර ඉන්නේ කාලෙකින් නිසා හොඳට අස් කරල ගේත් අතු ගෑවා. ඇඳුනුත් හේදුවා. සාමාන්‍යයෙන් ඉතිං මගේ නිවාඩු දවස වැඩිපුරම ගෙවෙන්නේ හෝදන පිහිදාන වැඩවලට තමයි.
මේ වැඩ ටික ඉවර වෙද්දි මට මතක් උනා පහු වුණ ලෙක්චර්ස් ගොඩක රෙකෝඩින් බලන්න තියෙනවා කියලා. ඉතිං ඊට පස්සේ ඒවා බලන්න ගත්තා. කොච්චරම උවමනාවෙන් බලන් ඉන්න හැදුවත් අතර මගදි එන නිදිමත නන් පාලනය කරන්න හරිම අමාරුයි. එහෙට මෙහෙට හැරි හැරි සැරින් සැරේ ඇවිද ඇවිද කොහොම හරි ඒකත් බලල ඉවර කරා. ඒ ඉවර වෙද්දි පන්සල් යන්නත් වෙලාව ලං වෙලා. පරක්කු වෙලා අම්මගෙන් බැනුන් අහන්න බැරි නිසා පස්සෙ ඉක්මනට ලෑස්ති වෙලා පන්සල් ගියා. එද්දි නන් ටිකක් රෑ වුණා. මොකද පෝද දාට පන්සලේ වැඩ වැඩී නේ. කාලෙකි්න් හම්බවුනේ නැති යාළුවෙකුත් පන්සලේ දි අහම්බෙන්ම හම්බ වුණා.
ගෙදර ඇවිත් වැඩ ටික ඔක්කොම ඉවර කරල නිදා ගන්න යද්දි තමයි දවසෙ නරකම දේ සිද්ද වුණේ. අනේ මගේ පූස් පැටව් දෙන්නගෙන් එක්කෙනෙක් අල්ලපු ගෙදර බල්ල අල්ලල මරල දැම්මා. බේර ගන්න කොච්චර try කරත් බැරි වුණා. මට පෙනි පෙනිම බල්ලා පූසව අල්ල ගත්තෙ. ඇස් දෙකෙන්ම දැනපු නිසා ඒක අමකත කර ගන්න බැරුව මම තාම දුක් වෙනවා. ඒ වගේම පූස් පැටිය නැති දුකත් අත් විඳිනවා. අහම්බෙන් අපේ ගෙදරට ආව සතෙක් වුණත් හරි ඉක්මනට ගෙදර හැමෝගෙම ආදරය දිනා ගන්න මේ පූසට පුළුවන් වුණා. ඒ නිසා ගෙදර හැමෝටම හරිම දුකයි. හරිම අහිංසක හුරතල් පූසෙක් ඒ. කාලයක් යනකම්ම ඉතිං මේ දුක මගේ හිතේ තියේවි. කොහොම වුණත් හොඳමට අඬල තමයි මම එදා නිදා ගත්තෙ.
ඔන්න ඔය විදියට තමයි මගෙ දවස ගෙවිල ගියේ. සැහැල්ලුවෙන් දවස පටන් අරගෙන දුකෙන් දවස අවසන් කරා. ජීවිතේ හැටි ඉතිං.
පුස් පැටියා පව් 🥺
අනේ ඔව්, හරිම දුකයි
ටික කලකින් දුක තුනී වෙලා යයි. තවත් පුසෙක් ඔයාට ලැබෙයි. එතකන් හිත හද ගන්න.
එහෙම වුණොත් හොඳයි
අර පූස් පැටිය කියලනම් කියන්න එපා 🥺🥺🥺
අලුතින් ආපු පූසා නැති උණේ