තාත්තා

in Steem Sri Lanka2 years ago (edited)

FatherHood.webp
source
ඉතිං කොහොමද කට්ටියටම, සනීපෙන් ඇති කියල හිතනවා. අද මම කතා කරන්නෙ බොහොම සමීප දෙයක් ගැන. හැබැයි වෙනස් විදියකට. කතා කරන්නෙ මම කිවුවට ඇත්තම කවියෙක් ලියපු ලස්සන සංවේදී කවි නිර්මාණයක් ගැන තමයි මම කතා කරන්නෙ.

ඉතිං අද මගේ කතා තේමාව තමයි ''තාත්තා'' . මගේ තාත්තා ගැන විතරක් නෙවෙයි දරුවන්ට පණ වගේ ආදරය කරන, දරුවො වෙනුවෙන් අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරන හැම තාත්තා කෙනෙක් ගැනම.

මුලින්ම මගේ තාත්තා ගැන කියනව නම් මගේ ලෝකෙ වීරයා මගේ තාත්තා. මගේ තාත්තා හරිම අහිංසක ගුණ යහපත් බොහොම සරල මනුස්සයෙක්. තාමත් අපි වෙනුවෙන් මහන්සි වෙන කැපකිරීම් කරන කෙනෙක්. ඇත්තම කිවුවොත් තාත්තාව මට වචනයෙන් විස්තර කරන්න බෑ. විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒ තරම් ලොකු හැගීමක් මට තාත්තා වෙනුවෙන් තියෙන්නෙ. අදටත්ම මම මොනවටම හරි ආසයි කිවුවොත්ට මට අමතක වුණත් තාත්තා ඒක මතක තියන් ඉදල මට ගෙනත් දෙනවා. එහෙම කෙනෙක් මගෙ තාත්තා.මට විතරක් නෙවෙයි තාත්තා කියන්නෙ හැම දරුනෙක්මට හරිම විශේෂ කෙනෙක්.

හරි, මම දැන් ඔයාලට කියන්නම් මම රස වින්ද ඒ කවි නිර්මාණය ගැන. මම හිතන්නේ ඔයාල දැනටමත් දන්නව ඇති මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය හීන with shashi. මෑත කාලීනව මම දැකපු හරිම ලස්සන වගේම හරිම සංවේදී නිර්මාණ රැසකටම මෙම කවිය හිමිකම් කියනවා. මම දැන් මේ කියන කවි නිර්මාණය නම් කරල තියෙන්නෙ ''කුසුමෙ'' කියල. මේකෙ වචන වගේම හඬත් හරි ප්‍රබලයි. මෙි නිර්මාණය රස විදින කෙනෙක් සංවේදී කරන්න මේ දෙකෙම හේතු වෙනව කියල මම හිතනවා..

image.png
source
ගායනය :- තරිඳු ජයසිංහ
රචනය :- ශෂික සදීප්
සංගීතය :- දීප්ත ජයසූරිය

මාත් එක්කම වැලලියා යයි කියා මේකට උත්තරේ
වහං කරගෙන හිටියෙ මං කාටවත් නොකියා විස්තරේ
හඬ හඬා උඹ විමසද්දි මගෙ රිඳුම් බෝමයි හදවකේ
කෙල්ල යවපන් ටිකක් එළියට කියන්නම් මං කාරණේ

කතරගම පත්තිනි විභූෂණ හූනියම් දෙව් මන්දිරේ
සමන් දෙව් ගම්බාර කැලිත් නෑ අපේ දුක විමසුවේ
උඹට මතකද අන්තිාමටම පුරවාන කිරි පැන් කලේ
දවසකට තුන් වරුව යැද්දා සිරී මා බෝධිය වටේ

සිව් වතාවක් මැරුණු කුස උඹෙ මෝරළා මහ ලොකු වෙලා
චූටි පැටියෙක් අඬනු ඇහුණා මහ රෑක බඋ ගිරි තලා
එදා ඉදලා ඒකි මත්තෙම දවස තිස්සෙම කඹුරලා
ගිනි ගහන අව් සැරට වැස්සෙත් එක ලෙසම ඇඟ දියවුණා

කහට උගුරින් පිරවුණ බඩ ඈ කද්දි බත් ගුලි අණා
කෙල්ල ගෙට වී පාට වැටුණා මලක් වාගේ පෑහිලා
දිග දෙන කල වයස එනකොට ආපු උන් අත ඉල්ලලා
ලන්සු තැබුවේ ලක්ෂ ගණනින් ගෙන යන්න ඈ කැන්දලා

මලක් වගෙ හැදු කෙල්ල ඉද්දී ගුණ දහම් හොඳ මදි වෙලා
කොහෙන් දෙන්නද කුසුමෙ බං අපි උන්ට දෑවැදි පුරවලා
එකා පිට එක එකා යද්දී ඇවිත් මඟුලට බෑ කියා
ඇගේ ඇස්වල උනපු තෙත දැක අනේ මං අසරණ වුනා

ලක්ෂ දහයක් දාල ඇති මං ඒකි නමටම පොතක් පුරවා
මියැදුණත් මං ඈව යවපන් දෙව්දුවක් විදියටම සරසා
නාඩා ඉදහං කෙල්ල වෙනුවෙන් ඇහැකි දේ මං ඉතිං කෙරුවා
නුඹට නොකියා කුසුමෙ මං මගේ වම් පැත්තෙ වකුගඩුව වික්කා.

ඇත්තමට මට නන් මේ ගීතය අහල ඉවර වෙද්දි ඇඬුණා. ඒ තරම්ම ඒකෙ වචන ප්‍රබලයි. හිතට කා වදින විදියටම තමයි කවියා මේක ලියල තියෙන්නෙ. මමත් දුවෙක් නිසා ඒක තදින්ම මගේ හිතට දැනුණා. තාත්තල දරුවො ගැන කොච්චර හිතනවද, කොච්චර කැප කිරීම් කරනවද.දරුවො වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කර ගන්න බැරුව තාත්තල කොච්චර වද විදිනවද?ඇත්තටම මේ වගේ දුක් උහුලන තාත්තල මේ සමාජයේ ඉන්නවා. සල්ලි නිසා අසරණ වෙන තාත්තල ඉන්නවා.

රටේ තියෙන මේ ප්‍රශ්න එක්ක මේ වගේ අසරණ වුණ තාත්තල අනන්තවත් ඇති. වැඩි දෙයක් වෙනුවෙන් නෙවෙයි තමන්ගේ දරුවන්ට කන්න බොන්න ටික දෙන්න බැරුව අසරණ වුණ තාත්තල ඇති. හරිම දුකකි ඒ ගැන හිතද්දිත්.

ඉඩක් ලැබුණ වෙලාවක අහලම බලන්න. එතකෙට තමයි ඒකෙ රසය තේරෙන්නෙ.
පරිස්සමට ඉන්න හැමෝම. Bye.

Sort:  

ඒක හරිම සංවේදී කවි පෙළක්. පොඩි හරි සාහිත්‍ය රසයක් තියන කෙනෙකුට මේ කවිය රස සාගරයක්.

ඇත්තමයි, සින්දුව අහලම බලද්දි මීටත් වඩා ඒක දැනෙනා

Yatharthaya therum nogath samajayakin meta wada deyak balapororththu wiya noheki... Apiwath eka wenas karamu... Mage wedimedi mama eka kala...

eka nan eththa,

ඔක්කොම සින්දු ටික ඒ වගේ අනිත් ඒව ටිකත් අහන්න ❤️😍

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.034
BTC 63935.74
ETH 2749.19
USDT 1.00
SBD 2.65