මාමගෙ කඩේsteemCreated with Sketch.

in Steem Sri Lanka2 years ago

image.png

පහුගිය සතිය ගොඩාක් බිසී උනා. ඒ මොකද කියනවනම් අපේ මාමා අලුතෙන් කඩයක් පටන් ගත්තා. කඩේ පටන් ගන්න කලින් එයාගෙ අදහස මාත් එක්ක කිව්වා. එයා මුලින් හිතන් හිටියේ තනිකරම හාල් විතරක් කරන්න. ඒත් ඉතින් හාල් තොග විදිහට ගන්න සහ ප්‍රවාහනය එක්ක බලද්දි මේ දවස් වල ගොඩක් අමාරුයි එ වැඩේ. ඉතින් ඒ අදහස වෙනස් කරලා එලවලු දාන්න අවස්න් තීරනේකට ආවා. ටික කලක් යද්දි හාල් වල මිල එහෙම වෙනසක් උනොත් හාල් සහ එලවලු දෙකම එකට කරන් යන්න තීරනෙ කරා. ඉතින් මට මූලිකවම පැවැරුන රාජකාරිය තමයි කඩේට ඕන බැනැර් ටික ඩිසයින් කරන එක. මීට කලින් කවදාවත් මම ප්‍රින්ට් කරන්න බලාපොරොත්තුවෙන් බැනර් එකක් ඩිසයින් කරල නෑ . ඒ නිසාම මේක මට ලොකු අබියෝගයක් උනා. බැනර් එකක් ඩිසයින් කරද්දි අපි ගන්න කැන්වස් එකත් රියක් සයිස් එකටම වෙන්න ඕන.

image.png

ඉතින් ඒ විදිහට සයිසස් හදාගෙන වැඩේට බැස්සා. පලවෙනි බැනැර් එක එලියෙ බිත්තියේ ගහන්න ඕන එකක්. ඒකට එලවලු ගොඩාක් මැද පොඩි ස්ලෝගන් පාරක් තමයි දැම්මේ."නැවුම් සහ හොදම එලවලු" තමයි ස්ලෝගන් එක. ඉතින් මාමගෙ එහෙම අදහස් අරගෙන ඒක ඩිසයින් කරා. ඊලගට බිස්නස් එකේ නම පේන විදිහට බැනර් එකක් හදන්න තිබුනා. ඊලගට කඩේ ඇතුලේ රාක්ක වල ගහන්න තව බැනර් එකක් ඩිසයින් කරා. ඉතින් ඩිසයින් කරා වගේ නෙවේ ප්‍රින්ට් එකට යැව්වට හරි බයයි මට. කව්ද දන්නෙ කැතට කැතේ තියේවිද කියලා .


image.png

දෙයියනෙ කියල කිසි අවුලක් නැතුව ප්‍රින්ට් එක තිබුනා. ඒකෙන් මගෙ බය නැති උනා. ඉතින් ඊට පස්සෙ දවසක් දෙකක් ගියා බිත්තිවල තීන්ත එහම ගාලා එන්න. ඕපනින් එක තිබුනේ ඊයේ. ඉතින් පෙරේදා රෑ 12 වෙනකන්ම අපි වැඩ කරා. ඊයෙ ඉතින් කිසි අවුලක් නැතිව කඩෙත් ඕපන් කරා. ඒට් ඉතින් වැඩි වෙලා ඉන්න උන් නෑ තෙල් පෝලිමට එන්න කියල තාත්තා කෝල් කරා.ඔක්කොම පැත්තකට දාලා ඉතින් ඒකට ගියා. උදේ 9.30 වගෙ ගියා.වැඩි වෙලා නොගිහින් හවස 4.30 වගෙ තෙල් ආවා. රෑ 7.30 වෙද්දි තෙල් ගහගෙන ගෙදර් ආවා. අන්ක පිලිවෙලට ගැහුව නිසා ගොඩක් අයට තෙල් ලැබුනා.ඒ වැඩේ හරිම් සාර්තකයි. QR කෝඩ් ක්‍රමෙත් ක්‍රියාත්මක කරාම හැමෝටම තෙල් ගන්න පුලුවන් වෙයි. ඉතින් ඔන්න ඔහොමයි මේ සතිය ගෙවුනේ.

image.png

Sort:  

kawuda a kade badu wikunanna inna hurathal namki

Man mee eka ahanna heduwa vitarai😁

wadihiti niwasekin ekkan awe e achchiwa

denne udin gihin pudin wenna

මේ වගේ කාලෙක කඩයක් පටන් ගන්නවා කියන්නෙ ශෝක්.😍 මොකද ඒක සෑහෙන ලොකු රිස්ක් එකක්.

OWww wade hodt krgen ynwa habai maama

කඩේ මුදලාලි නම් බරටම වැඩ වගේ.😁

ow oww business paadui eya nisama

Ehenm dnma job eken ain karnna wei.😂😂

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60612.92
ETH 2607.99
USDT 1.00
SBD 2.65